"ජනසතු වූ ජනපති මැදුරේ අතීත කතාව
කොළඹ වරායට යාබදව මුහුදු සුළඟින් ගත නළවන මෙම ස්ථානයේ මුලින්ම දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන ලද්දේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක් විසින්.
එයට පෙර මෙතැන ශාන්ත ප්‍රැන්සිස්කන් පල්ලිය පිහිටා තිබුණා.
පල්ලියට යාබදව පිහිටි ලඳු කැලෑවේ තිබුණේ කනත්තක්.
පෘතුගීසි කාලේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කළෙත් මෙම ස්ථානයේ බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙය කනත්තක් පිහිටි බිමක ඉදිකළ රාජකීය මන්දිරයක්..
ඉංග්‍රීසින් කොළඹ කොටුව යටත් කරගන්නා විට පවා එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරයා මෙම නිවස අතනොහැරි බව කියවෙනවා.
පසුව මේ මන්දිරය ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට අයත් වුණා.
ඇය විවාහ වි සිටියේ ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගින්.
ඔහු ප්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදී ගිණුම් පියවීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතාවයක් නිසා පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ලබාදිය යුතු වුණා.
එම මුදල පියවීමට මාමණ්ඩියගෙන් (එංගල් බීක්ගෙන්) ලැබුණු මන්දිරය ආණ්ඩුවට ලබාදීමට ඔහුට සිදු වුණා. ඉංග්‍රීසි රජය එය තක්සේරු කරනු ලැබුවේ පවුම් 35000කටයි.
පසුව එම මන්දිරය බ්‍රිතාන්‍යය පාලකයින්ට 1804 ජනවාරි 17 දින පවරාදුන්නා.
ආණ්ඩුවට හිමි වූ පසු ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මෙම මන්දිරයේ පදිංචියට පැමිණියා.
නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එහි වාසය තෝරා ගත්තා. ඒ කාලයේ එයට කිංග්ස් හවුස් කියන නමත් මෙයට ලැබුණා.
ඉංග්‍රීසි පාලන සමයේ දී එයට විවිධ එක්කිරීම් කෙරුණු අතර ගොඩනැගිල්ලද විශාල කර ඉදි කෙරුණා. මුල්කාලීන පරණ ඕලන්ද ගොඩනැගිල්ල අද දක්නට ලැබෙන්නේ නැහැ.
අද දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මන්දිරයක්.
එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ ( 1837-1901) පාලනය ඇරඹූණු පසු මෙම මන්දිරය ක්වීන්ස් හවුස් ලෙස හැඳින්වීම ආරම්භ වුණා.
ජෝර්ජ් රජ සමයේ යළිත් රජගෙදර වී එළිසබෙත් රැජිනගේ පාලනය පටන් ගත් විට නැවතත් එය ක්වීන්ස් හවුස් බවට වුණා. 1972 මැයි 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වූ දා පටන් මෙය හඳුන්වන්නේ ජනාධිපති මන්දිරය ලෙසයි....
ජනාධිපති මන්දිරයට පැමිණි මුල්ම ලාංකික ජනපති වූයේ විලියම් ගොපල්ලව මහතායි.
ඔහු 1972 සිට 1978 දක්වා එහි පදිංචිව සිටියා. 1978 දී විධායක ජනාධිපති වූ ජේ. ආර්. රජවර්ධන මෙහි පදිංචි වුණේ නැහැ
ඊට පසු 1989 දී ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසත් මෙය භාවිත කළේ නිල කටයුතුවලට පමණයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සහ ජනපති මහින්ද රාජපක්ෂ මෙම මන්දිරය සහ අරලියගහ මන්දිරයත් සිය වාසයට පාවිව්වි කළා
බ්‍රිතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ, රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු භාණ්ඩ රාශියක් ද ජනපති මැඳුරේදී දැකගත හැකියි.
මේ මැදුර ප්‍රදර්ශනය සදහා යොදාගන්නේ නම් නෑ..
නමුත් 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණා.
පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්.
කොහොම වුනත් 2022.07.09 කියන්නේ ඉතිහාසයට එක්වෙන දවසක් මොකද ජනපති මැදුර ජනතා අයිතියට පත්වුනා...
කවදාවත් හිතපු නැති විදියට රටේ සල්ලි වලින් සැප විදින දේශපාලුවෝ විදින සැප මොහොතකට හරි අපේ ජනතාව අත්දැක්කා...
කවදාවත් ජනපති මැදුරක ගේට්ටුවක්වත් අල්ලන්න බැරි වුන අපේ මිනිස්සු මැදුර ඇතුලේ නිදා ගත්තා...
2022.07.09 දවස ඉතිහාසයේ රනින් ලියවෙනු නොඅනුමානයි
අරගලයට ජය....."