Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
03
“....මාව අල්ලන්න රූපවාහිනිය ළඟට ගිහින් කොස්සකුත් අරන් පහළට ගන්න හදලා.. තව පොඩ්ඩෙන් රූපවාහිනිය කුඩු!” - මහේෂි මධුශංඛා, පුංචි කැදැල්ලේ විස්තර කියූ හැටි - Photos

- “....මාව අල්ලන්න රූපවාහිනිය ළඟට ගිහින් කොස්සකුත් අරන් පහළට ගන්න හදලා.. තව පොඩ්ඩෙන් රූපවාහිනිය කුඩු!” - මහේෂි මධුශංඛා, පුංචි කැදැල්ලේ විස්තර කියූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන ආදරණීය නිළි මහේෂි මධුශංඛා කියන්නෙ නිහතාමනී රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

දරු පැටවුන් දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක් වුණු මහේෂි, පසුගිය දිනෙවල පැවැත්වුණු නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් හඬ නැඟූ කෙනෙක්.


මහේෂි සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ..

මහේෂි.. අපිට චූටි දුවගේ විස්තර ටිකක් කියන්න?
අපේ චූටි දුවගේ නම කෙනුලි කුලසඳි කුමාරි දිසානායක. දැන් චූටි දුවට වයස අවුරුද්දයි මාස හතයි. චූටි දුවට අයියා කෙනෙකුත් ඉන්නවා. අපේ පුතාගේ නම තෙනුල් ආරාධ්‍ය ලංකා දිසානායක. දැන් පුතාට වයස අවුරුදු හතරහමාරයි.

චූටි දුව දැන් කොහොමද? දඟයිද?
අපේ දරුවන්ට ළමා කාලෙදි විඳින්න ඕනෙ හැමදේම විඳින්න ලැබෙන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. කොවිඩ් ආවට පස්සෙ අපේ දරුවනුත් ගෙවල්වලට හිරවෙලයි හිටියේ. දැන් වුණත් අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි හරි අසරණවෙලා ඉන්නෙ. ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ''අපිට නොලැබුණු දේවල් දරුවන්ට දෙන්න ඕනෙ'' කියලයි හිතන්නෙ. නමුත් අපි විඳපු ඒ ළමා කාලය අපේ දරුවන්ට දෙන්න බැරි තත්ත්වයක් තමයි අද රට තුළ උදාවෙලා තියෙන්නෙ. අපිට ඉස්සර වගේ දරුවන් ආසා තැන්වලට ඒ අය ගෙනියන්න බැරිවෙලා තියෙනවා. කෙනුලි මට හිතෙන විදිහට හරි දක්ෂ දරුවෙක්. හරි ක්‍රියාශීලියි. ඒ වගේම හරි සංවේදී දරුවෙක්.

දුව වැඩියෙන්ම ළඟ තාත්තට කියලයි ආරංචිය?
ඔව්.. එයා ඇත්තටම තාත්තට හරි ආදරෙයි. මම දුව එක්ක වැඩි කාලයක් ළඟින් හිටියත් සම්පත්ව දැකපු ගමන් එයා තාත්තා ළඟට දුවගෙන යනවා. පුතා මට ගොඩක් ආදරෙයි. හැබැයි ඒ දෙන්නම මටයි සම්පත්ටයි ගොඩක් ආදරෙයි.

තෙනුල් එයාගේ නංගිට හරි ආදරේ ඇති?
අම්මෝ ඔව්.. මුලින්ම අපිට ලැබුණේ පුතා. අපිට දුව ලැබුණට පස්සෙත් එයා චූටි කාලෙදි කොහොමත් කිසිම දෙයක් තේරුණේ නැහැ. ඉතින් අපි හැමවෙලේම මූලික තැන දුන්නෙ අපේ පුතාටයි. ''නංගි ඔයාගේ.. ඒ නිසා ඔයා නංගිව බලාගන්න'' කියලා පුංචි වගකීමක් දුන්නට පස්සෙ පුතා හරි උනන්දුවෙන් නංගිව බලාගත්තා. එයා නංගිට ආදරේ කරන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහ පාරේ හිටියත් එයා නංගිව බලනවා. වාහන එනවද කියලා බලනවා. තනියම වුණත් අයියා එක්ක දාලා යන්න පුළුවන්. ඒ තරමටම වගකීමක් දරන්න පුළුවන් අයියා කෙනෙක්. නංගිට එයා හරිම ආදරෙයි. ඒ දෙන්නා අතරේ හරි අපූරු බැඳීමක් තියෙනවා. නංගිත් අයියට හරි ආදරෙයි. ඉඳලා හිටලා සෙල්ලම් බඩු බෙදාගන්න බැරිව පොඩි රණ්ඩුත් ඇතිවෙනවා. හැබැයි ඒක හරි පොඩි වෙලාවකට විතරයි.

මුලින්ම චූටි දුව කිව්වෙ අම්මද? තාත්තද?
ඇත්තම කිව්වොත් මුලින්ම චූටි දූ කිව්වෙ 'තාත්තා' කියලයි. ඊට කලිනුත් අඬද්දි 'අම්මා' කියලා ඇහිලා තියෙනවා. හැබැයි දූ හරියට උච්චාරණය කළේ 'තාත්තා' කියලයි.

චූටි දරුවෙක් හරි ආසයිනෙ තවත් චූටි දරුවෙක්ව උස්සන්න, වඩාගන්න. තෙනුල්ට නොතේරෙන කාලෙදි එයා නංගිව උස්සන්න උත්සාහ කළාද?
ඔව්.. සමහර අවස්ථාවලදී ඒ නිසාම අපිට බය හිතුණු වෙලාවලුත් තිබුණා. එයාව අල්ලද්දි වුණත් නංගිට රිදෙයිදෝ කියලා අපිට හිතුණා. ඒ නිසා පුළුවන් තරම් චූටි දුවව ඇඳේ තියලා මම, මගේ සැමියා හරි එයාගේ අච්චි හරි ළඟ ඉන්නකොට දුවව අල්ලන්න ඉඩ දුන්නා. හැබැයි දැන් වෙද්දි ඒ දෙන්නා හරිම ආදරෙයි. සමහර දවස්වලට අයියව උදේට ළදරු පාසලට යවන්න, ඇරවාගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට අපි නංගිව කොට්ටෙකට අරගෙන ඇඳේ අයියා ළඟින් තියනවා. අයියා එයාව නංගි උදේට ඇහැරවනවා නම් හරි ආසයි. නංගි ඇඳේ ඉන්න අයියව අතගාලා ඉඹලා 'අයියා' කියද්දි අයියට හරි ආසයි. ඒ වගේම නංගිව ඇහැරවාගන්න බැරි වෙලාවට අපි ඒ වැඩේ අයියට බාර දෙනවා. ඒ දෙන්නට දෙන්නා උදේට දැකගන්න හරි ආසයි.

චූටි දුවට දෙන කෑම බීමවල විශේෂත්වයක් තියෙනවද? ඒ දෙන්නට ගෙදර වෙනම කෑම හැදෙනවද?
දැන් රට යන තත්ත්වයත් එක්ක ඉස්සර වගේ අපිට එහෙම කරන්න බැහැ. එහෙම දරුවන්ට කියලා විශේෂත්වයක් කරන එකත් වැරදියි. මගේ වෛද්‍යවරයා ලබා දීපු උපදෙස තමයි දරුවට අවුරුද්දක් වෙද්දි එයාට තනියම කන්න පුරුදු කරන්න, අපි කන හැම කෑමක්ම හුරු කරන්න කියලයි. දැන් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි කන දේටම දරුවන් හුරු කළේ නැත්නම් ඉදිරියේදි ලොකු අපහසුතාවයට මුහුණ දෙන්න සිදුවේවි. පුතා මුල්ම දරුවා නිසා අපි එයාට මුලදී ඔය පීසා, පැස්ටා වගේ විශේෂ කෑම දුන්නා. ඒ වගේ කෑමවලට එයා හරි ආසයි. හැබැයි අපි දුවට චූටි කාලේ ඉඳන්ම හැමදේම පුරුදු කළා. දුව ඒවා කන නිසා පුතාත් දැන් ආසයි. හැබැයි පුතාට සාපේක්ෂව දුවගෙන් කෑමට තියෙන ප්‍රශ්න අඩුයි.

පුතා ළදරු පාසලට ගියාට පස්සෙ නංගි අයියව හොයන්නෙ නැද්ද?
දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒක. උදේට පුතා නිලඇඳුම ඇඳලා බෑග් එක එල්ලගන්න ගමන් නංගිත් යන්න ලෑස්ති වෙනවා. ඒ නිසා අපේ වැඩට උදව්වට ඉන්න කෙනාට දුවව දීලා පොඩ්ඩක් එයාව එතනින් මඟහැර ගන්නවා. නැත්නම් අපි වාහනයට නැඟලා යන එක දැකලා එයා අඬන්න ගත්තොත් ඒ ඇඬිල්ල නතර කර ගන්න හරි අමාරුයි. අයියගේ නිලඇඳුම දැක්ක ගමන් නංගි වතුර බෝතලයකුත් අරගෙන ලෑස්තිවෙලත් ඉවරයි. ඒ නිසා ඒ උදේ යන ටිකට හරි පරිස්සමින් තමයි කටයුතු කරන්නෙ. අපි ගෙදරින් ගියාට පස්සෙ දුවට ගාණක් නැහැ. එයා ටික වෙලාවක් %අයියා^ කියලා කියනවා. ටික වෙලාවකින් ඒක අමතක වෙනවා. හැබැයි යනවා දැක්කොත් නම් අයියව ඉල්ල ඉල්ලා අඬනවා.

මහේෂිව රූපවාහිනියෙන් දකිද්දි ඒ දෙන්නගේ ප්‍රතිචාර කොහොමද?
එක ප්‍රතිචාරයක් දක්වන්න ගිහින් තව පොඩ්ඩෙන් රූපවාහිනිය කුඩුවෙනවා. අපේ රෑපවාහිනිය තියෙන්නෙ ටිකක් උසින්. අපේ යාළුවන්ගෙ රූපවාහිනී ළමයි නිසා හතර පහ කැඩිලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ නිසා උසකින් තමයි අපි රූපවාහිනිය තියලා තියෙන්නෙ. දවසක් මම රූපවාහිනී වැඩසටහනකට ගිය වෙලාවක පුතා මම සින්දුවක් කියනවා දැකලා මාව අල්ලන්න රූපවාහිනිය ළඟට ගිහින් රූපවාහිනිය උඩ වැඩි නිසා අල්ලන්න බැරි නිසා දුවලා ගිහින් කොස්සක් අරගෙන ඇවිත් ඒක පහළට ගන්න හදලලු. තව ටිකකින් රූපවාහිනිය කුඩු. එයාට මාව රෑපවාහිනියෙන් දැක්කම ආදරේ වැඩි වෙනවලු. චූටි දුවට තාම මාව රූපවාහිනියෙන් දකිද්දි වෙනසක් දැනෙන්නෙ නැහැ.

අද පවතින රටේ තත්ත්වයත් එක්ක දරුවන්ගේ අනාගතය ගැන මහේෂිට මොකද හිතෙන්නෙ?
අපේ රටේ දරුවන්ගේ අනාගතය අන්තිම අගාධයට ගිහින් තියෙන්නෙ. මේ රටේ දරුවන් හරිම පව්. මල් වගේ අහිංසක මේ හැම දරුවෙකුගේම අනාගතය මේ තීන්දු තීරණ ගත්ත මිනිස්සු නැති කරලා දැම්මා. අද දරුවන්ට ඉගෙන ගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. දැන්වත් මිනිස්සු පක්ෂ පාට බෙදෙන්නෙ නැතිව කොන්ද පණ තියාගෙන කෙළින් වැඩ කරන්න ඕනෙ. මගේ සැමියා ගුවන් නියමුවෙක් කියලා අපිට මේ ප්‍රශ්න දැනෙන්නෙ නැත්තෙ නැහැ. දැන් මාත් උයන්නෙ දර ලිපේ. අපිටත් ගෑස් නැහැ. අපිත් දවස් ගාණක් තෙල් පෝලිම්වල හිටියා. අපිට ලැබුණු දේවල් අපේ දරුවන්ට දෙන්න බැරි එක ගැන මට හරි දුකයි.

දිශානි
දේශය පුවත්පත
හදසර අතිරේකය


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top