පසුගිය කාලය පුරා චිත්‍රපට නිලියක් වුණු මැණික් විජේවර්ධනගේ බවට පැවසෙන අසැබි ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හුවමාරුවෙන්න ගත්තා. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වල වෙබ් අඩවි වල පවා මේ ඡායාරූප පළවෙලා තිබුණු නිසා මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත දැනගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හිටියා.
කොහොම වුනත් ගොඩ දෙනෙකුගේ මතය වුනේ නම් ඒ ඡායාරූප බොරු ඒවා කියලා.
මේ ගැන මැණික් නම් වැඩිය අදහස් දක්වන්න ගිහින් තිබුණේ නෑ. සතිඅන්ත පුවත්පතක් ඇයත් එක්ක කරපු සාකච්ඡාවකදිත් මේ ගැන අහලා තිබුණා. ඒ වෙලාවෙත් මැණික් කියලා තිබුණේ මේ ඡායාරූප සම්බන්ධයෙන් මේ වෙනකොට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා. ඒ කියන්නේ උසාවියේ නඩුවක් තියෙනවා.
ඒ නිසා ඔය සිද්ධිය ගැන කතාකරන්න මැණික්ට බැහැලු. ඇය කියන්නේ මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ට සල්ලි හම්බවෙනවා නම් කමක් නෑ කියලා, මීට කලිනුත් කලාකරුවන්ට මේ විදියට මඩ ප්‍රචාර ගියාලු.