Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
“...සර් එයා උන්නත් එකයි මැරුනත් එකයි මට.. මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා එයා... මට දැන් එයා වැඩක් නෑ.. දැන් අඬ අඬා වීඩියෝ එවනව මට...” - නොපෙනෙන, නොකියන ගැහැනියකගේ යකඩ හිත..

- “...සර් එයා උන්නත් එකයි මැරුනත් එකයි මට.. මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා එයා... මට දැන් එයා වැඩක් නෑ.. දැන් අඬ අඬා වීඩියෝ එවනව මට...” - නොපෙනෙන, නොකියන ගැහැනියකගේ යකඩ හිත..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

දවසින් දවස අපිට දකින පේන හැම ප්‍රවෘත්තියක් ඇතුළෙම තියෙනවා විළාප නංවන කතාවක්.... කසාද බැඳපු... ලෝකෙට පේන්න අඩබෙර ගහපු ජෝඩු, පස්සෙ අඬන්න ගන්නවා.

ඊටපස්සෙ දික්කසාදය කියලා එකක් එතැනට එනවා.

ඒ ලියවිල්ලටත් ලොකු සහ දිග කතාවක් තියෙනවා.


මේ කතාව අපිට හමුවුණේ මුහුණු පොතින්..

මේ සිද්ධිය උනේ දැනට ටික කාලෙකට කලින්.. දවසක් මගෙ ගාවට කවුන්සලින් ආවා ගෑනු කෙනෙක්.. ඇය කීව විදිහට ඇය ගුරුවරියක්.. ඇයගේ සැමියා බැංකුවක වැඩ කලේ... ඔවුන්ට දරුවන් හිටියෙ නෑ...සැමියා දෙන මානසික හා කායික වද වේදනා ඉවසන්න බෑ කියලා තමයි ඇය කවුන්සලින් වලට ආවෙ..

මම ඒ දෙන්නව සමගි කරන්න මුලින් උත්සාහ කලා.. මම ඇගේ සැමියට කෝල් කලාම ඔහු මට කීවෙ ඔයා ගෑනු දැකලා නැති උනාට මට ගෑනු ලොකු නෑ .. මගෙ ගෑනි ගැන මම බලාගන්නම් කියලා... එතනින් එහාට මම ඔහු එක්ක කතාවට ගියේ නෑ ඇයට මම උපදෙස් දුන්නත් ඇයට සැමියාගෙන් වෙන වද හිංසා ඉවරයක් උනේ නෑ...

කවුන්සලර් කෙනෙක් හැටියට මම කරන්නෙ මගෙ සේවා දායකයාට සමාජ සම්මත හොඳ ක්‍රමයට බැරිනම් තෝරාගන්නා අනිත් විකල්ප ක්‍රමයට හෝ අවශ්‍ය මානසික සනසීම ලබා දෙන එක... උදාහරණයක් විදිහට සැමියයි බිරිඳයි සමගි වෙලා වගේම දික්කසාදයක් වෙලා උනත් සැනසීමක් ලබාගන්න පුලුවන් නම් ඒ දෙකම මම එයාලට යෝජනා කරනව කැමති එක තෝරගන්න...

ඉතින් මමත් ඔවුන්ව සමගි කරලා සැනසීම දෙන්න උත්සාහ කරලා බැරිම තැන ඇයට යෝජනා කලා කැමති නම් ඔයාට දික්කසාද වෙලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන් කියලා... ඒ ගමන ඇය කියනව අනේ මට ඒක කරන්න බෑ.. මම ජීවිතේ ඉස්සරලම ආදරේ කලේ එයාට.. අදටත් එයා එනකන් මම කන්නෙ නෑ මම දික්කසාද උනොත් එයාට බලන්න කෙනෙක් නෑ ... කියලා..

මගෙ රස්සාව අනුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න කියලා බල කරන්න බෑ ඒක කවුන්සලින් වල නීතියක්... ඒ නිසා මම ඇයට සැමියගෙ හිරිහැර ඉවසගෙන ඉන්න ඕනෙ විදිහ කියලා දුන්නා ඒක අසාර්තක ක්‍රමයක් බවත් කියලා... ඇය ආයෙ කවුන්සලින් ආවෙත් නෑ.. කවුන්සලින් ඇවිත් යන අය ගැන මම පසු විපරම් කරන්නෙත් නෑ ඔවුන් නිහඬයි නම්.. ගිය සතියෙ මට වට්සැප් එකෙන් කෝල් එකක් එනව අර කාන්තාවගෙන්...

සර් මම ඉතාලියට ආවා අපේ ෆැමිලි වල අය ඉන්නෙ මෙහෙ.. ලංකාවෙ හිටියෙ හස්බන්ඩ් නිසානෙ ...
දෙන්නම ආවද...
අනේ නෑ සර් මම තනියම ආවෙ...
එතකොට හස්බන්ඩ්...
ඒක මට අදාල නෑ සර් එයා උන්නත් එකයි මැරුනත් එකයි මට.. මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා එයා... මට දැන් එයා වැඩක් නෑ.. දැන් අඬ අඬා වීඩියෝ එවනව මට... මම සතේකට ගනන් ගන්නෙ නෑ සර් මම කලින් හිටපු ගෑනි නෙවේ ....මාව යකඩ ගෑනියක් කලේ එයාමයි.. එයා දන්නෙ නෑ සර් අහිංසක ගෑනියෙක්ගෙ හයිය...

මට මේ කතාව එක්ක මතක් උනා කතාවක් මේ කතාව මට කීවෙ ප්‍රවීන මාධ්‍යවේදිනියක්

ධනුෂ්ක උඹ දන්නෙ නෑ ගෑනියෙකුට තියන ශක්තිය .. අපේ තාත්තා මැරෙනකොට මට අවුරුදු හතරයි මල්ලිට දෙකයි.... තාත්තා මැරිලා මිනිය ඉස්පිරිතාලේ තියලා ගෙදර එන ගමන් අම්මා මල්ලිටයි මටයි වෙනදා වගේම ලොලිපොප් දෙකක් අරන් ආවා...

මට ඒ කතාව ඇත්තටම දැනුනා.. ගෑනුන්ගෙ ශක්තියත් හරියට වාහන වල එයා බෑග් එක වගේ.. එයා බෑග් එකේ ක්‍රියාකාරීත්වය අපට දකින්න වෙන්නෙ අනතුරකදි විතරයි... එතකන් අපට ඒක දකින්න වෙන්නෙ නෑ.. ගෑනුන්ගෙ ශක්තියත් ඒ වගේමයි .. උන් ඉන්නෙ හරි සුකොමල විදිහට .. එදිනෙදා ජීවිතේදි කඩියෙක් කෑවත් හූ තියලා දුවගෙන මිනිහා ගාවට ඇවිත් ඌට කියලා එතන අතගාලා බාම් ටිකක් ගාවගන්න ආසා කරන බොලඳ ගෑනු තමන්ගෙ ම්නිහා ඒක නොකරන බව දැනුනම දෙයක් තේරුම් ගන්නවා තමන්ගෙ ජීවිතේටම ඇති වෙන්න.. ඊට පස්සෙ කඩියෙක් නෙවෙයි නයෙක් කෑවත් නයාවත් අල්ලලා මල්ලක දාගෙන තනියම ඉස්පිරිතාලෙට යන්නත් ඒ බොලඳ ගෑනිට පුලුවන්.. ගෑනු පිට යන්නෙ වල් කමට නෙවෙයි උඹට වටින්නෙ නැතිවට මාව පිට එවුන්ට වටිනව බොල කියලා මිනිහට ද්‍රෝහි වෙලා ලබන සතුට ලබන්නයි උන් පිට යන්නෙ.. . මාලුවන්ට ජීවත් වෙන්න වතුර ඕනෙ වගේ ගෑනුන්ටත් ආදරේ ඕනෙ.. ඒ ගෑනුන්ගෙ විදිහ.... එහෙම ගෑනුන්ට ආදරේ නැති උනාමයි උන් පිට යන්නෙ ආදරේ හොයාගෙන... ගෑනු ආදරේට පට්ට ආදරෙයි .. උන් ආදරේ කරන එකාගෙ දුක් එක සීමාවක් දක්වා ආදරෙන් උහුලනවා... වද දෙනකොට වැලපි වැලපි දුක් වෙනව හරියට බටර් වගේ.. බටර් ගින්දරට ලං කලාම උනුවෙලා වැක්කෙරෙනව.. හැබැයි ඒ දුක් ඉවසන්ඩ බැරි සීමාවෙන් එහාට ඒ ගෑනිව ගෙනිච්චොත් ඒ ගෑනි බිත්තර වගේ වෙනව... බිත්තර ගින්දරට ලං වෙනකොට ගල් වෙනව හයි වෙනව ....

ගෑනියෙකුට නොපෙනෙන ශක්තියක් තියනව තමන් ආදරේ කරන මිනිහෙක්ව අනතුරකින් ගලවගන්න ඕනෙ උනාම ඌව වහගෙන යකඩ තාප්පයක් වගේ වෙන්න.. හරියට වාහනේක සීට් බෙල්ට් එකක් වගේ.. සීට් බෙල්ට් එක දාගෙන අපි ගමන යනකොට අපිට ඕනෙ තරම් එහා මෙහා වෙන්න අපිට සීට් බෙල්ට් එක ඉඩ දෙනව එයා එහා මෙහා වෙවී අපිට නිදහසේ ඉන්න දෙනව.. ඒත් එක පාරටම අපිට අනතුරක් වෙන්න යනකොට සීට් බෙල්ට් එක අපිට හෙල්ලෙන්න වත් බැරි විදිහට අපිව සීට් එකට අල්ලලා බැඳගන්නවා... ඒ අපිව බේරගන්න.. තමන්ගෙ මිනිහට ගහන්න ආව මිනිස්සු හතරපස් දෙනෙක්ට පොලුපාර දීලා එලවලා මිනිහව බේරගත්ත ගෑනු ඉන්නව .. හැබැයි උන් වෙනදට පොඩි දේටත් අඬන ගෑනු...

ගෑනු තමන් ගාව කකුල් ලෙවකකා ඉන්න බව තේරුම් ගත්තම ඒ ගෑනිව ඕනෙවට වඩා පෙලන මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් හෙන පොරක් කියලා සහ ඒ ගෑනු හරි දුර්වලයි ඒ ගෑනිට තමන් නැතිව ජීවත් වෙන්ඩ බෑ කියලා.. ඊට පස්සෙ ඌ උගෙ ආතල් එක කරගන්නෙ ගෑනිට අපහාස කරන එක සහ බැන බැන වද දෙන එක ගහන එක.. ඌට තේරෙන්නෙ නෑ තමන් ගහන ගල් වලින් ඒ ගෑනිගෙ හදවතේ ඉස්සරහින් කොංක්‍රීට් තාප්පයක් හැදෙන බව.. ඊට පස්සෙ එක වෙලාවක් එනව ඒ ගෑනි අරූව අතාරිනවා ආයෙ ඌට අම්මගෙන් බීව කිරි මතක් වෙන්නම.. වෙනදා බැල්ලියෙක් වගේ මුල්ලට වෙලා අඬන ගෑනි ගාව ඌ දන ගෑවත් ආයෙ ඒ ගෑනි හැරිලවත් බලන්නෙ නෑ.. ඒක නිසා ගෑනු එක්ක වැඩ කරන්නෙ පරිස්සමෙන් ... ගෑනු ගොඩක් දුර්වලයි.. ඒ උන් ගෑනු නිසා.... ගෑනු ගොඩාක් ශක්තිමත්.. ඒ උන් ගෑනු නිසා...

ධනුෂ්ක කාංචන ජයවීර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top