Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
28
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්නේ මෙන්න මෙහෙමයි

- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්නේ මෙන්න මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී සිටින පිරිස් අතර අති බහුතරය පිරිමි පක්ෂයයි. එමෙන්ම තරුණ ප්‍රජාව ඔවුන් අතර වැඩි පිරිස වේ. රටක උන්නතියට කෙළින්ම දායක විය හැකි තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම ඔවුන්ගේ පවුල්වලට පමණක් නොව රටක් වශයෙන්ද බරපතළව ගත යුතු කාරණයකි.



ඉකුත් වසරේ 1,10,000කට මඳක් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පිරිස පමණක් නොවේ. වෙළෙඳාම, ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා ගණනාවක් මතය.

ඇත්තෙන්ම මේ අත්අඩංගුවට ගත් පිරිස දෙස බැලූ විට ඒ සමාජයේ සිටින සියලු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබිය යුතු පිරිස නොවේ. සාගරයේ පාවෙන අයිස් කන්දක පෙනෙන මුදුනත පමණක් සේ මේ අත්අඩංගුවට පත් වූ පිරිස සැලකිය හැකිය.

මත්ද්‍රව්‍ය වසංගතය රටින් තුරන් කරන්නට ඒ වෙනුවෙන් නීති රීති අණපනත් ගෙන එන්නට, මතට ඇබ්බැහි වූවන් එයින් මුදා ගන්නට, පුනරුත්ථාපනයට ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් රජයට සහාය වීමට හා මැදිහත් වීමට ආරම්භ කළ ආයතනයයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 1984 අංක 11 දරන පනතින් ස්ථාපනය වූ ආයතනයකි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙම ආයතනය ආරම්භ කර ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති පනත් හා නීති රීති සකස් කිරීම පැවැරී ඇත්තේ මෙම ආයතනයටය.

ආන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතන හතරක් තලංගම, ගාල්ල, මහනුවර හා ඌරපොල යන ස්ථානවල තරුණ අය වෙනුවෙන් ආරම්භ කර ඇත.

මෙම මධ්‍යස්ථාන හතරේ 200 දෙනෙක් පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති. ඔවුහු අවම වශයෙන් මාස තුනක්වත් පුනරුත්ථාපනය කරනු ලබති. අධිකරණයෙන් එවන පිරිස්ද මේ අතර වෙති. ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 11ක්ද අප සතුය. පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක්ද පවත්වාගෙන යන්නේ අපේ බලපත්‍ර මතය. ඒවා 23ක් පමණ ඇති අතර අප ඒවා නියාමනය කරමින් කටයුතු කරන්නෙමු.

අපි හැම තිස්සේම හිතන්නේ Prevention is better than cure කියලයි. ඒ නිසාම වළක්වා ගැනීම ගැන නිරන්තර අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපේ පුහුණු කාර්ය මණ්ඩලය අවධානය යොමු කර තිබේ.

මේ ප්‍රතිකාර තවදුරටත් විද්‍යාත්මක බවට පත් කිරීමට මම පියවර ගත්තෙමි. ඒ වෙනුවෙන් අපේ නිලධාරීන් පුහුණු කළ අතර විද්‍යාත්මකව සාක්ෂි මත සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් කළෙමු. අපි නිතරම හිතන්න ඕන ඊයේ ඉගෙන ගත්තු දේ පමණක් නොව අද හෙට ඉගෙන ගන්න දේත් වැදගත්. දැනුම අලුත් වෙනවා. අපි පාසල් ළමයින් කේන්ද්‍ර කරගෙන ගුරු ශික්ෂා, සිසු ශික්ෂා, දෙගුරු ශික්ෂා ආදී වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේවා පාසල් පාදක වැඩසටහන්.

අපේ මධ්‍යස්ථානවලට ගෙන්වා ගෙන පමණක් නොවෙයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් නිවෙසේ තබා පුනරුත්ථාපනය කරන වැඩසටහන් පවා අපේ තිබෙනවා. බොහෝ අෑත දුර ගිහින් කටයුතු කරන්න අපේ නිලධාරීන්ට සිදුවන්නේ ඒ නිසයි. ඒ විතරක් නොවෙයි, අපෙන් පුනරුත්ථාපනය වූ අය ගැන අපි නිරන්තර පසු විපරමක සිටිනවා.

මත්ද්‍රව්‍ය නියාමනය සඳහා වන විශේෂ පර්යේෂණාගාරයක් අප සතුයි. එය ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී එකක්. ලොව පුරා ඇති ඕනෑම මත්ද්‍රව්‍යයක් පරීක්ෂාවට ලක්කර එය හඳුනාගැනීමට අපට හැකියාව තිබෙනවා. එය ජාත්‍යන්තරයේ ඉතාම සුවිශේෂී රසායනාගාරයක කරන පර්යේෂණයක මට්ටමට නිවැරදියි.

අධ්‍යයනයන්ගෙන් හෙළිවී ඇත්තේ නිවෙසේ මත්ද්‍රව්‍ය ඇත්නම් දරුවන් ඊට ඇබ්බැහි වීම ඉතා පහසු ක්‍රියාවක් බවයි. එය විද්වත් මතයයි. සම වයස් අය අතරින්ද, නිවැරදි තොරතුරු නොලැබීම මතද ඇබ්බැහි වීම් සිදුවෙන බව හෙළි වී තිබෙනවා.

අතීතයේ බොහෝ අවස්ථාවල මත්ද්‍රව්‍ය යනු කුඩු නොඑසේ නම් හෙරොයින් වේ යන මතයේ සිට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉගැන්වීම් සිදු කරන ලද නමුත් මේ වනවිට එය බොහෝ දුරට වෙනස් වී පවතී.

තවත් තැනකදී මත්ද්‍රව්‍ය ගැන උගන්වන ගුරුවරයෙක් මත්ද්‍රව්‍ය ගත් විට පාවෙන බව සිසුන්ට කියයි. එයද නිවැරදි ඉගැන්වීම නොවේ. මන්ද එවන් කතා කී විට සැබැවින්ම පාවී බලන්නට කෙනෙක් සිතනු ඇත. මේ නිසා වැළැක්වීම නිවැරදි යාන්ත්‍රණයක් ඔස්සේ සිදුකළ යුතුය යන්න අද පිළිගත් මතයයි.

දුර්මත මෙන්ම අත්හදා බැලීමට ඇති ආසාව ද ඇබ්බැහි වීමට හේතුවකි. මේ හැර මොළයේ ඇති රසායනිකව, තුලනාත්මක බවක් නැතිවීමද මෙවැනි තත්ත්වයන්ට හේතුවන බව කිවයුතුය.

කෙසේ වෙතත් විවිධ චිකිත්සාවන් ඔස්සේ මතට ලොල් වූ සිත් වෙනස් කළ හැකිය. පුරුදු වෙනුවෙන් කරන චිකිත්සාවන්, උපදේශන සේවාවන් ආදිය ඔස්සේ මෙම චිකිත්සා කළ හැකිය. කෙසේ වෙතත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අතරින් ප්‍රතිකාර පතා එන්නේ සියයට හතරක් පමණි. ඒ නොදන්නාකම හා ආර්ථික හා සාමාජිය ප්‍රශ්න හේතුවෙනි.

අපි හිතමු සැමියා මත්ද්‍රව්‍ය ගන්නා කෙනෙක් කියා. ඔහු සොයන මුදලින් භාගයක් නිවෙසට දෙන නිසා සැමියාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන බිරිය නිහඬව සිටින්න හැකියාව තිබෙනවා. යම් විධියකින් සැමියා පුනරුත්ථාපනයට යැව්වොත් බිරියට ආදායමක් නැතිවන නිසා ඇය නිහඬ වන්න ඉඩ තියෙනවා. මේවා වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කර ගන්න අවශ්‍යයි. නමුත් මේ කාලය එවැනි වැඩ පිළිවෙළකට අමාරුයි. මම හිතනවා ගෙදරක කාන්තාව ආර්ථික වශයෙන් ස්වාධීන කළ යුතුයි කියලා. පවුලේ ආර්ථිකය ස්වාධීන වෙන්න ඒක අවශ්‍යයි.

වරක් මා හමුවෙන්න කාන්තාවක් ආවා. ඇය ආවේ පුංචි දරුවන් දෙදෙනකු එක්ක. අවුරුදු තුනයි, අටයි දෙන්නට. අපේ මධ්‍යස්ථානයක සැමියා පුනරුත්ථාපනය වෙනවා. මාස තුනකට කලින් එවැනි කෙනෙක් නිදහස් කරන්න නම් මම අස්සන් කරන්න ඕනා. ඉතින් දරුවන් දෙන්නා සහෝදරයකුගෙ ගෙදර දාල මේ කාන්තාව රස්සාවකට යනවලු. ඒ රස්සාව කරන අතරතුර ළමයින්ට ඩෙංගු හැදිලා. මම කිව්වා මම කැමැති නැහැ පුනරුත්ථාපනය ඉවර නොවී දෙන්න කියලා.

එතකොට මෙයා කියනවා මැඩම් මට සල්ලි නෑ ළමයි දෙන්න හදාගන්න.

ඉතින් මම ඇහුවා ඔයා මොනවද කරන්නේ ස්වාමිපුරුෂයා එක්ක ගිහින් කියලා.

මම එයාට ළමයි බලා ගන්න කියලා වැඩට යනවා. නැත්නම් එයාට හම්බ කරන් එන්න කියලා මම ළමයි බලාගන්නවා.

මම කල්පනා කළා තාත්ත යැව්වේ නැත්නම් මේ අම්මට දරුවන් එක්ක වෛරයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒ තාත්ත යැව්වා. මට අවශ්‍ය වුණා දරුවන් ගැන හිතන්න. මේ අම්ම ආර්ථිකව ස්වාධීන වුණා නම් එතන ප්‍රශ්නයක් එන්නේ නැහැ.

අපට තනියම මේ කර්තව්‍ය කරන්න බැහැ. අපට පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදිය අවශ්‍යයි. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාරය අවශ්‍යයි. අපට තනියම කටයුතු කරන්න බැහැ. නිකම් හිතන්න මම පෙර කී අම්මට ඒ දරුවන් දෙන්න තියල යන්න දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ.

හෙරොයින්, කැනබීස්, මරිජුවානා, කොකේන්, අයිස් ආදී මත්ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් රටපුරා විහිදී තියෙනවා. ඇත්තටම අපට ලොකුම ප්‍රශ්නය අයිස්. මොකද රසායනික ද්‍රව්‍යවලින් අයිස් හදන්න පුළුවන්. ඒ වගේම ඇබ්බැහිවීම වැඩියි. ඒක හරියට ගෙදරක නම් එක් අයකුගෙන් තව කෙනකුට බෝ වෙනවා වගේ. අයිස් අලුත්. හෙරොයින්වලට වගේ නීති නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මේ වනවිට අපි මේ වගේ සංශෝධන දැන් සිදුවෙමින් පවතිනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනය කරන රියැදුරන් ගැන පරීක්ෂණ අප ආරම්භ කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිසම සමඟ එක්ව මේ වැඩේ කරනවා. ඉදිරියේදී අපි මේක ව්‍යාප්ත කරනවා.

ඒ් වගේම වෙළෙඳ කලාප මත්ද්‍රව්‍යවලින් තොර කලාප බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. වෙළෙඳ කලාපයක සේවය කරන සේවකයෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව අසුවුණ හොත් ඔහු හෝ ඇය පුනරුත්ථාපනයට ලක් කරන්න අවශ්‍යයි. ඔහුට හෝ ඇයට ඒ පුනරුත්ථාපනය වෙන මාස තුන වැටුප් ගෙවන්න ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එකඟවෙලා තියෙනවා.

අපට 1927 යනුවෙන් භාෂා තුනෙන්ම කතා කළ හැකි හදිසි ඇමැතුම් අංකයක් තියෙනවා. ඒකෙනුත් ලොකු වැඩ කොටසක් කෙරෙනවා.

රටට එන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය කෙනකුට තියෙන්න පුළුවන්.

අපි නිලධාරීන් පුහුණු කරනවා ඒවා හඳුනාගන්න. ඒ වගේම අල්ලන ඒවා දැනට ආරක්ෂිතව තියෙනවා. අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරන්නේ කොහොමද කියන එකට මෙච්චර කල් නීතියක් තිබුණේ නැහැ. අපි ඒකට අධිකරණ අමාත්‍යාංශයට යෝජනා දුන්නා. ඉදිරියේදී ඒ අනුව ක්‍රමයක් හැදේවි. කොහොම වුණත් ඒ ක්‍රමය හැදෙන තුරු වෙනත් ක්‍රමයකින් අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කරන්න කටයුතු කරනවා. ඒ ක්‍රමයත් දැනට කියන්න විධියක් නැහැ.”

විනීතා එම්. ගමගේ
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top