"අභියෝග තියෙනකොටනෙ එන එකේ ලස්සන තියෙන්නෙ...."
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා..
පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට මේ පවතින අභියෝග ජයගත හැකි බවයි...
"....රටට වැඩක් කරන්න තමයි මම මෙතෙන්ට ආවේ. ප්‍රශ්නය තියෙන නිසයි මම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නයට විසඳුම් හොයන එම තමයි මගේ කාර්යභාරය වෙන්නෙ. මම හිතනවා මට ඒක කරලා ජය ගන්න පුළුවන් කියලා....."
අභියෝග මැද ආව පාර්ලිමේන්තු ගමන ගැනද මාධ්‍යවේදීන් ඔහුට ප්‍රශ්නයක් යොමුකළා.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අභියෝග මැද එන ගමන වඩාත් ලස්සන බවයි.
"හැමෝටම ගිලෙනවා කියලා පෙනුනට මට පේන්නෙ නෑ ගිලෙනවා කියලා. මම දකින්නෙ මේක වේගයෙන් පැද්දෙන නැවක් කියලා..." යනුවෙන්ද ඔහු අවසානයේ පවසා සිටියා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්,