අපි ඉන්නෙ ඉතාමත් අසීරු තත්වයක.
ඒ රටක් විදියට නේක වූ පීඩාවන්ට මුහුණ දෙමින්.
එහෙම තත්වයක පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලිය යනු සැබවින්ම කලකට පසු ලාංකික අපේ මුවගට සිනහවක් කැන්දූ මාතෘකාවක් වුණා.
ඊයේ ලද ජයග්‍රහණය ඊට ආසන්නතම උදාහරණය..
මේ ජයග්‍රහණ ඇතුළෙ තවත් එක වැදගත්කමක් තියෙනවා.
ඊට ලොකුම හේතුවක් තමයි රට ආපස්සට යන මොහොතක රටට යම් සෙතක් සැලසෙන යම් හෝ දෙයක් මේ හරහා සිදුවීම.
සංචාරක කර්මාන්තයට ඒක ලොකු හයියක්. මොකද මේ හරහා ලෝකෙට යන පණිවිඩය නම් ලංකාව තවමත් සංචාරය කිරීම සඳහා සුදුසු පරිසරයක පවතින බව.
ඉතින් මේ ගැන විවිධ වූ සටහන් සමාජ මාධ්‍ය පුරාම දක්නට ලැබුණා.
ඒ වගේම තමයි අවසාන තරඟය නැරඹීමට පැමිණෙන කාටත් හැකියි නම් කහ වර්ණයෙන් සැරසී, කැන්ගරුවන්ට ස්තූතිය පළකරන සටහන් ද අතැතිව පැමිණෙන ලෙස වූ පළකිරීම් ද දක්නට ලැබුණා.
කෙසේ නමුත් රට මෙවන් අසීරු මොහොතක පසුවන කාලයක මෙරටට පැමිණි ඔවුන්ට අපි හදවතින්ම තුති පිදිය යුතුමය....