Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
රහතන් වහන්සේලා පවා කරකොළ වළඳා, පොල්පිති මිරිකා ලද යුෂ පානය කළ, පතිවෘත්තාව රැකි බැමිණියක ගේ දෘඩ ශාපයක් නිසා හටගත් "බැමිණිතියා සාගතය''

- රහතන් වහන්සේලා පවා කරකොළ වළඳා, පොල්පිති මිරිකා ලද යුෂ පානය කළ, පතිවෘත්තාව රැකි බැමිණියක ගේ දෘඩ ශාපයක් නිසා හටගත් "බැමිණිතියා සාගතය''Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

2022 මැයි මාසය අවසන් වන විට මුල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකා​වේ ආර්ථිකයේ ඉදිරි දැක්ම බෙහෙවින් අවිනිශ්චිත ස්වභාවයකින් දිස්වේ.


දැනට   පවත්නා විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන, බොරතෙල්, ගෑස්, පොහොර සහ කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ කම්හල් වැසී ගොස් වැඩි පිරිසකට රැකියා අහිමිවීමේ තත්ත්වයක් උදාවේ.

පොහොර සහ කෘෂි උපකරණ ක්‍රියාත්මක කිරීමට ගන්නා ඉන්ධන හිඟය නිසා, දේශීය කෘෂි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීමේ ප්‍රතිශතය පහළ වැටෙමින් පවතී. ලංකාවේ පවත්නා මෙම අහිතකර සාධක ඉදිරි මාස කිහිපය තුළ සාගතයක් පහළ වීමේ ප්‍රවණතා මතුකරවන සුලුය. 
 
සාගතය යන වදන අප නිරතුරු අසා හුරු පුරුදු නමුත් එහි සැබෑ අත්දැකීම් අප රටේ නූතන පරම්පරාව මෙන්ම අපේ මධ්‍යකාලීන මුතුන් මිත්තන් පවා අත්විඳ නොමැති, අති ඛේදනීය අඳුරු සමයකි. එබැවින් එහි පවත්නා අති භයංකර ස්වරූපය පිළිබඳව යම් වැටහීමක්, අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය ජාතික වගකීමකි.

මතු එවන් ආහාර හිඟ සාගතයකින් මුළු රටම වෙලා ගනිද්දී, ඔබට යම් තරමකින් හෝ සා ගින්නෙන් මිදීමට පවත්නා ඒකායන මාර්ගය, සකසුරුවම, අරපිරිමැස්ම හා හැකි පමණින් ගෙවතු වගාවට යොමුව අහරින් සන්නද්ධ වීම බව අවධාරණයෙන්ම සඳහන් කළ යුතුවේ.   

ක්‍රිස්තු පූර්ව පළමු ශත වර්ෂයේ අපේ දේශය වෙලාගනු ලැබූ බැමිණිතියාසාය ලංකා ඉතිහාසයේ සඳහන් දරුණුම සාගතය සේ සැලකේ. දකුණු ඉන්දීය මහාද්වීපයෙන් එල්ලවූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් අපේ අභිමානනීය වාරි ශිෂ්ටාචාරය විනාශ වීම, දිගුකාලීන දැඩි නියඟය හා වට්ටගාමිණි අභය රජු නොහොත් වලගම්බා නිරිඳුන් (ක්‍රි.පූ. 103-89) අනුරාධපුර රාජධානියෙන් නෙරපා හැරීම සමපාතව බැමිණිතියාසාය ලංකාව කරා එළැඹි අයුරු ඉපැරණි වංශ කතා අටුවා ග්‍රන්ථ සවිස්තරව ගෙනහැර දක්වයි. එම ග්‍රන්ථයන්හි මෙම සාගතය ‘‘චණ්ඩාලි තිස්‍ස භය’’ යනුවෙන් ද හඳුන්වා ඇත.   

පතිවෘත්තාව රැකි බැමිණියක ගේ දෘඩ ශාපයක් නිසා හටගත් සාගතයක් බැවින් ඉතිහාසයේ මෙම අභාග්‍යමත් කාලයට ‘‘බැමිණිතියා සාගතය’’ යනුවෙන් ව්‍යවහාර වන්නට වූ බව ජනප්‍රවාදයන්හි මෙන්ම පැරණි සාහිත්‍ය ග්‍රන්ථයන්යහි සඳහන්.

රාජ්‍ය වංශයකින් පැවත එන එක්තරා රජ කුමරුවකු විසින් දකුණේ පතිවෘත්තාව රැකි බමුණු කුල කතකට නොමනා අයුතු බලපෑම් කරන්නට විය. මෙයින් මහත් කෝපයට පත් බැමිණිය, ආහාර දුර්ලභ වී මහත් සාගතයකින් රජ පරපුර ඇතුළු මුළුමහත් දේශයම විනාශයට පත් කරවන ලෙස දැඩි ශාපයක් කළ බව පැවසේ. පාලි රසවාහින කෘතියෙහි ගාම දාරිකා (ගැමි දැරිය) කතා වස්තුවෙහි මෙම වෘතාන්තය සඳහනි.   

රසවාහිනිය, සද්ධර්මාලංකාරය යන ඉපැරණි කෘතිවල විස්තර කෙරෙන පරිදි, තවත් සාගත කාලයේ, දින ගණනාවක් නිරාහාරව සිටීමෙන් මිනිසුන් ලේ මස් නැති, හැකිළුණු සමින් යුක්ත ඇටසැකිලි බවට පත්විය.

සාගතයෙන් මියැදුණු ජනයාගේ මළ සිරුරු තැන තැන විසිරී ගොස් පැවතිණි. මළ සිරුරුවලින් හැමූ දැඩි දුර්ගන්ධය සමගින් පැතිර ගිය විෂබීජ මගින් වසංගත රෝග දසත ව්‍යාප්තව ගියේය. ජීවිත ආරක්ෂාව පතා රජරට ප්‍රදේශයේ ජනයා මලය දේශයට පලා යන්නට වන.. ජනයා ආහාර සඳහා ගස්වල කොළ, පොතු අනුභවයට හුරු වූහ. මග තොට සොර සතුරු බිය උග්‍ර විය.   

වෘක්ෂයන්හි කොළ පොතු ආහාරයට ගනිමින් වාසය කළ මිනිසුන් දුර්භික්ෂයේ උච්චතම අවස්ථාවේ සාගින්න දරාගත නොහැකිව තම සමාජයේම මිනිසෙකු මරා අනුභව කරනා ශෝචනීය තත්ත්වයකට පත් වූ බව කියැවේ. සීහල වත්ථුවේ, වත්තබ්බක නිරෝධ සාමනේරයන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්​සේ උග්‍ර සාගින්නෙන් පෙළුණු මිනිසුන් සමූහයක් විසින් මරාගෙන අනුභව කළ අනුවේදනීය සිදුවීම විස්තර කර ඇත. 
 
වලගම්බාවන්ට අඛණ්ඩ උත්සාහයෙන්, ආක්‍රමණිකයන් පරාජය කර සිංහාසනය නැවත උරුම කර ගැනීමට හැකිවූයේ වසර දාහතරකට පසුවය. මෙම සාගතය හේතුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දිවි රැක ගැනීම පිණිස රටේ කඳුකර ප්‍රදේශය වන මලය රට වෙත සංක්‍රමණය විය.

ඇතැමෙක් ඉන්දියාවට සහ දකුණේ රම්බා විහාරයට වැඩම කරවනු ලැබිණි. එතෙක් මුඛ පරම්පරාගතව පැවති බුදු දහම මාතලේ අලුවිහාරයේදී පාලි භාෂාවෙන් තල්පත්වල ලිවීමේ උත්කෘෂ්ට තීරණයකට එළැඹීමට මහා තෙරවරුන් යොමු වීමටද, බැමිණිතියාසාය හේතු පාදක වූවා සේ සැලකේ.  

බැමිණිතියාසාය පැවති යුගයේ කුසගින්න නිවා ගැනීම පිණිස මහා රහතන් වහන්සේලා පවා කරකොළ වලඳා, පොල්පිති මිරිකා ලද යුෂ පානය කළ බව පැරණි සාහිත්‍යයෙහි විස්තර වේ. සාගත කාලයේ දැඩි නියඟයක් පැවතීම හේතුවෙන් පානයට ජල බින්දුවක් හෝ සපයා ගැනීමට අවකාශයක් නොවීය.

ලංකාවේ අවසන් මහා රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහා තෙරුන්, ජල පිපාසය සංසිඳුවා ගැනීම පිණිස සාගතය අවදියේ එක්තරා ගැමි ගෙදරකට වැඩියහ. එම අවස්ථාවේ එනිවස දැරියට පෙරදින රාත්‍රියේ එළිමහනේ වැළක වැනූ, පිනි තැවරී තිබුණු රෙද්දක් මිරිකා ලද ජලය ස්වල්පයක් තම පියා, මුළුතැන් ගෙයි, කළේක සුරැකිව තැබූ අයුරු සිහිපත් වූවාය.

ඇය මහත් සැදැහැ සිතින් එම දිය බිඳ රහතන් වහන්සේට පිළිගැන්වූවාය. පියා ආපසු පැමිණි විට මෙම දැරියට දඬුවම් විඳීමට සිදුවන බව වැටහුණු මලියදේව රහත් තෙරුන් අසල වැටෙන් අත්තක් කඩා, ගෙමිදුල මැද සිටුවා, ‘‘පින්වතිය, පියාගෙන් ඔබට කිසියම් තරවටුවක් සිදු වුවහොත් ඒ සැනින් මේ දණ්ඩ ගලවා ඔබ සුරතට ගැනීම මැනවැයි...’’ පවසමින් නික්ම ගිය සේක.

පියා සා පිපාසයෙන් ආපසු නිවසට පැමිණ, කළයේ ජලය නොමැති වීම පිළිබඳව දැරියට තරවටු කළේය. ඇය වහා මිදුලට දිව ගොස් පෙරකී දණ්ඩ සුරතට ගත්තාය. මහත් ආශ්චර්යමත් ලෙසින් දණ්ඩ තිබූ තැනින් මහා ජල බුබුළක් මතුවී ගලා ගියේය. රඹුක්කන, මෙම දිය බුබුල මතුවූ ස්ථානය වර්තමානයේ හැඳින්වෙන්නේ බමුණාඋල්ල යනුවෙනි.

එම සාගත කාලයේ ආහාර සහ ජලය ලබාගැනීමට අපොහොසත් වීමෙන්, මහා රහතුන් වහන්සේලා 25000 ක් සිතුල්පව්වේදී අපවත්ව වදාළ බැව් විභංග අට්ඨකථාවේ ගෙනහැර දක්වයි.   

ඈත දුරාතීතයේ බැමිණිතියාසායෙන් අපේ මුතුන් මිත්තන් මුහුණ පෑ අතිදුෂ්කර කටුක ජීවන අත්දැකීම්, ඉහතින් අප ස්පර්ශ කළේ ඉපැරණි ධර්ම ග්‍රන්ථ සහ සාහිත්‍ය කෘති ආශ්‍රයෙනි. එනමුදු දශක කිහිපයකට පෙර මෑත යුගවල චීනය ප්‍රධාන රටවල් මුහුණ දුන් දැඩි සාගත අවස්ථා පිළිබඳ තොරතුරු නවීන සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සජීවීමත් ලෙස අපට දැක ගන්නට අධ්‍යයනය කරන්නට අවස්ථාව උදාවේ. 
 
අප රටෙහිද අදූරදර්ශී, විමංශනශීලී නොවන රාජ්‍ය ප්‍රතිපත්ති නිසා, නුදුරේ එළැඹිය හැකි සාගත තත්ත්වය පිළිබඳව විමර්ශනයක යෙදෙන අවස්ථාවේ, නිතැතින්ම අපගේ අවධානය චීනය වෙත යොමුවේ. අතීතයේ මාඕ සේතුංගේ, අයෝග්‍ය පාලන ප්‍රතිසංස්කරණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට ගත් ප්‍රබල උත්සාහය නිසා, චීන ජනතාව මහා සාගත අගාධයක් වෙත තෙරපුණු අයුරු චීන ඉතිහාසය අපට සිහිගන්වයි.

එකවර දියත් කළ කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ මගින් ගොවීන්ට කම්කරු වෘත්තීන්හි යෙදෙන්නට විධාන පැනවිණි. ගොවීන්ට සාම්ප්‍රදායික වගා ක්‍රම, වාරි ක්‍රම වෙනුවට වෙනත් නව්‍ය ක්‍රම අත්හදා බලන්නට බල කෙරිණි. එහි ප්‍රතිඵල ලෙසින් කෘෂිකාර්මික කටයුතු අඩපණ වී, ගොවි බිම් අත්හැර කම්කරු වෘත්තීන්හි යෙදෙන්නට පාරම්පරික ගොවි ජනතාවට සිදු විය.

කාලයක් තිස්සේ කෘෂිකාර්මික කටයුතු අඩපණ වීම නිසා, රටේ දරුණු සාගතයක් පැතිරිණි. මාවෝ පාලන කාලය තුළ පැවති දීර්ඝ සාගතයෙන් නිරාහාරව සිටීමෙන් චීනයේ ජනතා මිලියන 45ක් පමණ මිය ගිය බැව්, පිළිගත් සංඛ්‍යා ලේඛනවලින් තහවුරු කෙරේ. ඈත අතීතයේ චීනයේ සාගතය පැවති යුගයේ සිය සාගින්දර නිවා ගැනීමට චීන ජාතිකයින්ට අන් මගක් නොවීය. පාරේ මග තොටේ හමුවන බල්ලන් බළලුන් හඹා ගොස් ඔවුන් මරා ආහාරයට ගැනීමට ඔවුහු ඇබ්බැහි වූහ.   

ඉතා දියුණු කෘෂිකාර්මික වටපිටාවක, ආහාරයෙන් සමෘද්ධිමත් නූතන යුගයේ පවා චීන ජනතාව එම පැරණි පිළිවෙතින් මිදීමට අසමත්ව සිටින සෙයකි. චීන ජනතාව අද දවසේ පවා බහුල ලෙසින් සුනඛ මාංශ අනුභවයේ යෙදී සිටිති. ඔවුහු සුනඛ මාංශ අනුභව සැණකෙළිශ්‍රීයෙන් පැවැත්වීමට වසරේ වෙනම දිනයක් පවා වෙන්කරගෙන සිටින බැව් ඇසීම ඔබ මවිතයට පත් කරනු නිසැකය.

චීනයේ වාර්ෂිකව ජුනි 22 වැනි දින සුනඛ මස් සැණකෙළිය නිරිතදිග චීනයේ ගුනාන්ග්සි ප්‍රාන්තයේ, යුලින් නගරයේ පැවැත්වේ. සෑම වසරකම මෙදින දහස් ගණනක් නරඹන්නන් ආකර්ශණය කර ගත හැකි පරිදි, විවිධ මාදිලියේ සුනඛ වර්ග මෙහි ප්‍රදර්ශනය කෙරේ. මෙම සැණකෙළියට සහභාගී වන්නන් බොහෝ දෙනෙක් ආහාරයට ගැනීම පිණිස ඉහළ මිල ගණන්වලට කූඩුවල ගාල් කර සිටින සුනඛයන් තෝරා ගැනීමට තෙරපෙන දසුන් මෙහි සුලබව දැකිය හැකිය.

සමහර සුනඛ සල්පිල්වල මරණ ලද සුනඛයින් අලෙවිය සඳහා කොකුවල පෙළට එල්ලා තිබෙනු දැකිය හැකිය. ඔවුන් මෙම මස් අනුභව කරන්නේ නැවුම් ලිවී පලතුරු සමග මධු විත ද තොල ගාමිනි. පසුගිය වසරේ යුලින් උත්සවයේදී සුනඛ ඉස්ටු සෑදීම සඳහා සුනඛයන් 3,000 ක් පමණ මරා දැමූ බව වාර්තාවේ.   

චීනයේ වාර්ෂිකව මස් සඳහා සුනඛයන් මිලියන 10ත් 20ත් අතර ප්‍රමාණක් මරා දමන අතර බළලුන් වසරකට මිලියන 4ක් පමණ ඝාතනයට ලක්වේ. චීනයේ පමණක් නොව බොහෝ යුරෝපීය රටවල ආහාර හිඟ සාගත කාලවලදී බලු මස් පරිභෝජනය ව්‍යතිරේකයක් ලෙස සිදු විය.   

ජර්මනියේ, මහා ​​ෆ්‍රෙඩ්රික්ගේ කාලයේ යුද්ධ අර්බුදකාලවලදී බලු මස් අනුභව කර ඇති බව වාර්තාවේ. පැරිස් වැටලීමේදී (1870-1871) ජර්මානු නගරය අවහිර කිරීම නිසා ඇති වූ ආහාර හිඟය හේතුවෙන් පැරිසියේ පුරවැසියන් බලු මස් ඇතුළු ආහාර සඳහා විකල්ප ප්‍රභවයන් වෙත යොමු විය.

සාගතයක් එළැඹි විට බලු මස් පමණක් නොව වෙනත් සර්පයින්, මැඩියන්, හැකරල්ලන් වැනි කඩු සතුන් පවා ගිල දමා තම සාගින්න නිවා ගැනීමට මිනිසුන් නිරන්තරයෙන්ම පෙලඹෙති. හයිටි වැනි රටවල මිනිසුන් කුසගින්න නිවා ගැනීම පිණිස කිරිමැටි අනුභව කරන බව ද පැවසේ.  

දුප්පත්කම, වගා පාළුව, ආහාර හිඟය, ආහාර අනාරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, කුසගින්න යන මූලික සාධකයන්ගේ බලපෑමෙන් නිර්මාණය වන සාගතයට මුහුණ දෙන රටවල් රාශියකි.  

ගෝලීය සාගින්න දර්ශකයේ (GHI-Global Hunger Index) පෙන්නුම් කෙරෙන ලකුණු ප්‍රමාණය අනුව රටක සාගතයට මුල්වන දැඩි සාගින්නෙන් පෙලෙන ප්‍රමුඛ රටවල් දහයක් ප්‍රකාශිතය. හයිටිය, සැබ්බියාව, යේමනය, ඉතියෝපියාව, වැඩ්, සුඩානය, කොමරෝස්, ටිමෝරය, එරිත්‍රියාව, බුරුන්ඩි යන රටවල් දහය ගෝලීය සාගිනි දර්ශකයේ මුලින්ම දර්ශනය වේ.  

සාගත කාලයක් එළඹියහොත්, ඉහත සාකච්ඡා කරන ලද පරිදි, මානව වර්ගයාට මුහුණදීමට සිදුවෙන ශෝචනීය ඉරණම සුළුපටු නොවේ. අප දේශයේ වර්තමාන සමාජයට එවැනි සාගතයට මුහුණදීමට සිදුවුවහොත්, යාන්තමින් හෝ දිවි ගැට ගසා ගැනීම පිණිස තම ගෙවත්තේ, ආහාර බෝග සුළුවෙන් හෝ වගා කර ගැනීම කෙරෙහි මුළුමහත් සමාජයේම දැඩි අවධානයක් යොමු කළ යුතු යුගයකට අප සෑම අවතීර්ණව සිටිමු.

පාසල්, බෞද්ධ විහාරස්ථාන, හින්දු කතෝලික මුස්ලිම් දේවස්ථාන අවට හිස් බිම්පෙත් සහ හැම රාජ්‍ය හා පොදු හිස් බිම් කඩක්ම, ආහාර භෝග වගා කිරීමේ වැඩපිළිවෙළකට රාජ්‍යය මැදිහත්වීම අතිශයින් වැදගත්වේ.  

(මෙම ලිපිය සැකසීමේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්.ඩී. හේරත් මහතා සහ සුවන්ති වීරසේකර මිය අප්‍රකට සාහිත්‍යමය තොරතුරු ලබා දීමෙන් සුවිශේෂී අනුග්‍රහයක් දැක්වූහ)
 
ආචාර්ය 
ගාමිණී කාරියවසම්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top