ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරික ධම්මික පෙරේරා කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතයි.
මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි.