"මගේ පුංචිම කාලේ ඉදලා අපේ පවුලේ, මේ වෙනකොට මගේ බිමල්ගේයි, මවක් හා සමාන කෙනෙක් ඔයා..."
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින සිය ජීවන චාරිකාව නිමාකළා.
ඇය මියැදෙන විට ඇය 74 වැනි වියෙහි පසුවූවා..
මේ ඇය ගැන සුජානි මේනකා මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක්...
මගේ ආදරණීය ආන්ටි ලියෝනි....
මගේ පුංචිම කාලේ ඉදලා අපේ පවුලේ, මේ වෙනකොට මගේ බිමල්ගේයි, මවක් හා සමාන කෙනෙක් ඔයා.
අපි සෑහෙන වැඩ ප්‍රමානයක එකට වැඩ කලා.
ඒත් අදත් ඔයාට මම "මගෙ පුංචි කෙල්ල".
සමහර බැදීම් ඇත්තටම පුදුමාකාරයි.
"මගේ පුංචි කෙල්ල කොහොමද? කෝ මගේ කොල්ලා? ඌට උඹ වද දෙන්නෑ නේද කෙල්ලේ" කියලා හයියෙන් හිනා වෙවී අහන ඒ දුරකතන ඇමතුම ආයිත් කවදාක්වත් එන්නේ නෑ.
ඔබට නිවන් සුව අත්වේවා මෑණියනි