Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jun
18
"පොහොසතුන් විසින් පොහොසතුන්ට දුන්නු දන්සලක් කියලත් කියලා තිබුණා..." මතකද "මට ඔයා මගෙ පණ වගේ" ගැයූ සමීරව, උතුම් පින් කටයුත්තක් එක්ක ආයෙම ඔහු කරළියට ඇවිත් ! - Photos

- "පොහොසතුන් විසින් පොහොසතුන්ට දුන්නු දන්සලක් කියලත් කියලා තිබුණා..." මතකද "මට ඔයා මගෙ පණ වගේ" ගැයූ සමීරව, උතුම් පින් කටයුත්තක් එක්ක ආයෙම ඔහු කරළියට ඇවිත් ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
"පරිප්පු 680යි හාල් 260යි. මෙහෙම කාලෙක සාර්ථකව මේ වගේ වැඩක් කරන්න ලැබුණු එකම මට ඇති නිහතමානීව සතුටක් ලබන්න.."
 
"එතකොට පොහොසතුන් විසින් පොහොසතුන්ට දුන්නු දන්සලක් කියලත් කියලා තිබුණා..."
 
"අපි දන්න දන්සල්වල වෙන්නෙ පෝලිම් දිගු වෙලා කෑම මදිවීම. 
හැබැයි අපිට වුණේ අවසානයේ ඉතුරු කෑම පාර්සල් කොටුවට අරන් ගිහින් ආයෙම බෙදලා දෙන්න..."

"මට ඔයා මගෙ පණ වගේ
ළඟ නැතත් මගෙ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ"
 
මතකද මේ සිංදුව. මීට අවුරුදු ගාණකට ඉස්සර හැදුණු මේ ගීතයට අදටත් ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවා. 
 
ඔහු කියන විදියට රසිකයින් ඔහුව දැන් හඳුනාගන්නේ හඬින්. ගීතයේ කොටසක් ගායනා කරන්න කියලයි රසිකයින් ඔහුව හඳුනාගන්නේ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඒ කාලෙ අපි දැක්ක ඔහු අද වෙද්දි රූපයෙන් බෙහෙවින් වෙනස් වෙලා. කලා කටයුතුවලින් වූ දුරස්වීමත් ඊට හේතු සපනයවා.
 
ඔහු නමින් සමීර වීරවර්ණ. 
 
හිරු එක්ක සොඳුරු කතාබහකට ඔහු එකතු කරගන්න අපි හිතුවා. ඊට ආසන්නතම හේතුව තමයි ගෙවුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින ඔහු විසින් සංවිධානය කර තිබුණු අපූරු දන්සල.
 
හොඳ කියන පිරිස් අතර විවේචන රැසක් ද එල්ලවන බවයි ඔහු කියන්නෙ.
 
" මඟුල් ගෙදරක් වගේ " කියන කියමන නම් අපිත් දැක්කා. ඒක ඇත්ත කියලා තේරුම් ගියේ මේ උතුම් පුණ්‍ය කටයුත්තේ අපූරු රූ සටහන් ඇස ගැටුණාම. දෙයක් දුන්නා කියන්න දීලා විතරක් මදි, එතන තිබුය යුතු පිළිවෙළ, පිරිසිදුකම, උසස් බව වගේ බොහෝ දේවල් මේ තුළින් දකින්න පුළුවන්.
 
ඒ අපූරු දන්සල ගැන වගේම ඉදිරි කලා කටයුතු ගැනත් ඔහු අපිත් එක්ක මේ විදියට සොඳුරු කතාබහකට එකතු වුණා.
 
කාලෙකින් හැමෝම කතාවෙන චරිතයක් වෙලා ඔබ,
 
ඔව්, යම් පිරිසක් කතා කරන වැඩක් කළා පොසොන් පොහොය නිමිත්තෙන්. ඒක එකක්. කලාව පැත්තෙන් ගත්තොත් අදටත් කවුරුත් අඩු නැතුව ආදරේ කරන "මට ඔයා මගෙ පණ වගේ" ගීතයට කවින්ද්‍යා එක්ක අලුත් හැඩයක් එකතු කළා. ඉතින් ඔය දේවල් එක්ක තමයි මම ගැන කතා ක‍රන්නෙ.
 
අති විශාල උතුම් පින් කටයුත්තක් කළ බව ආරංචියි...
 
ඇත්තටම මේ වැඩේ අපි සංවිධානය කළේ වෙසක් දවස වෙනුවෙන්. නමුත් යම් යම් හේතු නිසා ඒ දවස්වල ඒක කරගන්න පුළුවන් වුණේ නෑ. හැබැයි පස්සෙ ඊටත් වඩා සංවිධානය වෙලා පොසොන් දවස වෙනුවෙන් ලොකු වැඩක් කරන්න මට හැකියාව ලැබුණා.
 
ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන බව පේනවා මේ වෙනුවෙන්,
 
ඔව්. ඒ ලැබෙන ප්‍රතිචාර ඇතුළෙ හොඳ වගේම සෘණාත්මක දේවලුත් තියෙනවා. හැමෝම දකින්නෙ එකම විදියට නොවන නිසා මම ඕනිවට වඩා ඒ ගැන හිතන්න යන්නෙ නෑ. 
 
වෙඩින්ග් එකක් වගේ දන්සලක් දුන්නා කියන කතාව ගැන මොකක්ද කියන්න තියෙන්නෙ,
 
දකින හැමෝම කියන කතාවක් ඕක. එතකොට පොහොසතුන් විසින් පොහොසතුන්ට දුන්නු දන්සලක් කියලත් කියලා තිබුණා. ඒකට නම් හේතුව කලා තරු එකතු වීම. හැබැයි ඉතින් මම කියන්න ඕනි නළු නිළියො නම් ආවේ සීයක් දෙසීයක් වගේ පොඩි පිරිසක්. හැබැයි මම මේ දන්සල දුන්නෙ පහළොස්දහසකට අධික පිරිසකට. ඉතින් එතන උන්නු වැඩි හරියක් සාමාන්‍ය මිනිස්සු. 
 
අපි දන්න දන්සල්වල වෙන්නෙ පෝලිම් දිගු වෙලා කෑම මදිවීම. හැබැයි අපිට වුණේ අවසානයේ ඉතුරු කෑම පාර්සල් කොටුවට අරන් ගිහින් ආයෙම බෙදලා දෙන්න. ඒ තරමට හිත පිරෙන්න දුන්නු දන්සලක් මේක. ඉතින් කෙනෙක් කියනවා නම් මේක වෙඩින්ග් එකක් වගේ වැඩක් කියලා ඒකත් කොච්චර දෙයක්ද. මට ඕනි වුණේ වැදගත් විදියට ,පිරිසිදුව මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න. මම හිතනවා ඔය ලැබෙන ප්‍රතිචාරම ඇති ඒ වැඩේ සාර්ථකයි කියලා කියන්න.
 
සල්ලි තියෙන බව පේන්න හෝ ජනප්‍රිය වෙන්න කළ වැඩක් කියලා කෙනෙක් කීවොත්,
 
ජනප්‍රිය වෙන්න නම් ඇත්තටම මීට වඩා තව ඕනි තරම් ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි සල්ලි තියෙනවා කියලා පෙන්නන්න ඕනි නම් ඒකටත් මට පුළුවන් මගේ යාළුවෝ එක්ක ලොකු පාටියක් දාන්න. හැබයි ඉතින් මට ඕනි වුණේ මේ ගෙවෙන අමාරුම කාලේ වේලක් හරි කෙනෙක්ගෙ බඩගින්න නිවන්න හේතුවක් වෙන්න. මට දෙන්න ඕනි පණිවිඩයත් ඒක. අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි තියෙන විදියට තවත් කෙනෙක්ගෙ බඩගින්න නිවන්න පුළුවන් නම් ,මූණට හිනාවක් අරන් එන්න පුළුවන් නම් මේ කාලේ හැටියට ඒක වචන කරන්න බැරි තරම් ලොකු දෙයක්.
 
දානයේ සරලම අරුත දීමයි. තමන් සිදුකරන දානය පරිත්‍යාගයක්, පූජාවක් හෝ උපකාරයක් හෝ වෙන්න පුළුවන්. මේ කුමක් වුවත් එය දානයක්. වැදගත් වෙන්නේ දෙනු ලබන දානය තුන්සිත පහදවා ගෙන තෘෂ්ණාවෙන් තොරව දීමයි. මට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඒක.
 
ඔබට උදව් කළ පිරිස ගැන මතක් කළොත්,
 
මේ මගේ පෞද්ගලික ධනය. ඒ හැරුණාම මට මේ කටයුත්ත සාර්ථක කරගන්න මගේ ළඟම පිරිස් මාත් එක්ක හිටියා.
ඒ හැමෝටම බොහොම ස්තූතියි කියන්න ඕනි. දන්සැලේ 10000ත් 15000ත් අතර පිරිසක් ආහාර අරන් තිබුණා. මට එච්චර යාලුවෝ නම් නෑ. රෑ 2 වෙනකොට පෝලිම ඉවරයි. ඉතිරි ටික පාර්සල් කරලා හරි විනෝදෙන් කොටුවට අරන් ගිහින් පාරේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට බෙදුවා. දන්සැල හරි විනෝදෙන් දුන්නෙ. සිංදුත් දාලා තිබ්බා. ඉතින් මාත් එක්ක උන්නු ඒ හැමෝමට ස්තූති වෙන්න ඕනි.
 
පරිප්පු 680යි හාල් 260යි. මෙහෙම කාලෙක සාර්ථකව මේ වගේ වැඩක් කරන්න ලැබුණු එකම මට ඇති නිහතමානීව සතුටක් ලබන්න.
 
මට සල්ලි තිබුණු කෙනෙක් නෙවෙයි. අද මම ඉන්න තැනට එන්න සෑහෙන කාලයක් ගියා. අද මට මගේම ව්‍යාපාරයක් තියෙනවා. මම විශ්වාස කරනවා හැකි ලෙස දීම තුළ ආපිට අපිට ලැබෙන තරමත් වැඩියි කියලා.
 
වැඩියෙන් තියෙන බත් කටක් හරි දෙන්න කියන එකයි මේ ගෙවෙන අමාරුම කාලේ මට නැවත නැවත කියන්න තියෙන්නෙ.
 
ඒ උතුම් කටයුත්ත ගැන කළ කතා බහෙන් පසුව අපි ඔහුගේ කලා කටයුතු ගැන කතා කළා....
 
2009දී තමයි "මට ඔයා මගෙ පණ වගේ" හැදෙන්නෙ. 2012 වෙද්දි නාලිකාවලින් ප්‍රචාරය වෙලා මේ ගීතයට ලොකු රසික පිරිසක් හැදෙනවා. ඉතින් අද වෙද්දිත් මේ ගීතයට ඒ තරමටම ප්‍රතිචාර ලැබෙනවා. දැන් නම් මාව රූපයෙන් වෙනස්වෙලා නිසා අඳුරගන්න අපහසුයි. ඉතින් මාව කටහඬින් තමයි දැන් හඳුනගන්නෙ. සිංදුවේ කොටසක් කියන්න කියලා තමයි මාව අඳුරගන්නෙ දැන්.
 
ආයෙම අපිට අලුත් මුහුණුවරකින් ඒ ගීතය අහන්න ලැබෙනවා,
 
ඔව්. මමයි කවින්ද්‍යයි කළ වැඩක් ඒක. ඊටත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. මට ඔයා මගෙ පණ වගේ රීමේක් එක ඒ. 
 
දැන් එහෙනම් නිහඬව උන්නු කාලය අවසන්,
 
ඇත්තටම. සමහරවිට ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මීටත් වඩා ජනප්‍රිය වෙයි කියලා මට කියන්න පුළුවන්. කොහොමත් සමාජ මාධ්‍ය එක්ක ඉන්න කෙනෙක් හැටියට මම නිහඬවම උන්නු චරිතයක් නෙවෙයි. ඒ නිසා මගේ ඉදිරි නිර්මාණ ගැන ඒ ඔස්සේ ඉක්මනින් දැනගන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න ඕනි.
 
ඉතින් ඒ සුබ පණිවිඩයත් එක්ක ඔහු අපේ සොඳුරු කතාබහට සමුදුන්නා. ඒ ඔහු කළ උතුම් පින්කමේ අපූරු රූ එකතුවක්ද අප සමඟ බෙදාගනිමින්...
 
පහතින් දැක්වෙන්නේ ඒ රූ එකතුවයි....
 
සටහන 
නඳුනි ආරියවංශ
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top