සෞදි අභියාචනාධිකරණයෙන් ලැබු නියෝගය ප්‍රාදේශීය අධිකරණය දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම හමුවේ අදාළ නඩුව යළි විවෘත කිරීමට තීරණය වී ඇතැයි ඔහු සඳහන් කලා. එය අප ලැබු ජයග්‍රහණයක් බවයි හර්ෂ ද සිල්වා ප්‍රකාශ කලේ.
මෙම නඩුවට අදාළ සියලු වියදම් විදේශ අමාත්‍යංශය දරන අතර නීතිඥයන්ට ගෙවීම් සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා. එම කටයුතු සිදු කරමින් මෙම කාන්තාවට නියමවී ඇති නඩු තීන්දුව වෙනස්කර ගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කලේ.
දඬුවම් නියම වූ කාන්තාව මරදාන ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර සෞදියේ සේවය ගොස් ඇය ලාංකික තරුණයෙකු සමඟ සම්බන්ධයක් පවත්වා තිබෙනවා. ඇය විවාහක කාන්තාවක් බවට තොරතුරු වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධ තරුණයා අවිවාහක අයෙක් බවටයි පැවසෙන්නේ. සිද්ධියට සම්බන්ධ වූ තරුණයාට කසපහර ලබාදෙන්නටද නියම වී තිබෙනවා.