අභ්‍යවකාශයේ පවතින ආගන්තුක වස්තුවක් ලබන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයට පතිත වන බව අභ්‍යවකාශ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.
WT1190F ලෙස නම් කර ඇති මීටර් එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයේ වන මෙම අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. එවැනි අභ්‍යවකාශ වස්තුන් හඳුන්වන්නේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ලෙසයි.
එය නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11 යි 50 ට දකුණු දිග මුහුදේ කිලෝමීටර් 65 ක් ඔබ්බෙන් වූ ස්ථානයකට පතිත විය හැකි බවටයි විද්‍යාඥයන් ගණනය කර ඇත්තේ. ඒ පිළිබඳව කීර්තිමත් නේචර් සඟරාව මගින් තොරතුරු අනාවරණ කර ඇති අතර බ්‍රිතාන්‍ය ඩේලිමේල් ඇතුලූ ප්‍රකට මාධ්‍ය රැසක් මගින් ඊට ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.
මෙම ආගන්තුක අභ්‍යවකාශ වස්තුව 2012 වසරේදී මුල්වරට හඳුනාගෙන ඇති අතර එහි ඡායාරූපයක් හවායිහි දැවැන්ත දුරේක්ෂයක් මගින් ලබාගෙන තිබෙනවා.