Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
26
කෝටි 12.5ක ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලස කොටු කරගත් මෙහෙයුම ගැන ව්‍යාපාරිකයා හෙළිකරයි

- කෝටි 12.5ක ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලස කොටු කරගත් මෙහෙයුම ගැන ව්‍යාපාරිකයා හෙළිකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

කොමිසමේ අය වෙස්වළාගෙන ඔෆිස් එකෙත් වැඩකළා‍
සල්ලි පිටින් කොටුවුණු වෙලාවේ කෙනෙකුට කලිසමේ මුත්‍රාත් ගියා

රුපියල් මිලියන 125 ක අල්ලසක් ගැනීමේදී රේගු නිලධාරීන් 03 දෙනෙකු කොළඹ - පංචිකාවත්ත ප්‍රදේශයේදී අල්ලස් කොමිසම පසුගියදා අත්අඩංගුවට ගත්තා. මෙම වැටලීම මෙතෙක් අල්ලස් කොමිසම විසින් සිදුකළ විශාලම වැටලීම බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වැටලීමට කොමිසමේ උපදෙස් මත අල්ලස් ලබාදුන් ව්‍යාපාරිකයා කවුද යන්න ඔහුගේ ආරක්ෂාව පිණිස හෙළිකර තිබුණේ නැති නමුත් ජාතික පුවත්පතක් විසින් ඔහු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා එම වැටළීමට ව්‍යාපාරිකයා හවුල්වූ ආකාරය විස්තර කර තිබෙනවා.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පහත පරිදි වේ....


මම බිස්‌නස්‌ කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. 1974 අවුරුද්දේ ඉඳලා බිස්‌නස්‌ කරනවා. ඒකත් මට පරම්පරාවෙන් උරුම වෙච්ච ව්‍යාපාරයක්‌. ඔය අල්ලස්‌ ගනුදෙනුවට සම්බන්ධ ව්‍යාපාරය මට අයිති එකක්‌ නෙමෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සහ ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ කියන ඉන්දීය සමාගම හවුලේ පවත්වාගෙන යන ව්‍යාපාරයක්‌. ඒකෙ නම සීමා සහිත ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ ලංකා පුද්ගලික සමාගම. ඒ ව්‍යාපාරය ආරම්භ වුණේ 2011 අවුරුද්දේ ජුලි 22 වැනිදා.

මේ ආයතනය ආරම්භ කරන්න මූලික වෙච්ච හේතු රාශියක්‌ තියෙනවා. පහුගිය කාලේ වාහන අමතර කොටස්‌ මිලදී ගැනීමේදී තිබුණු මූල්‍ය හිඟතාවයන් නිසා බස්‌ රථ අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමේදී අනන්තවත් ප්‍රමාද දෝෂ ඇති වුණා. ඩිපෝ නිලධාරීන් ප්‍රාදේශීය වෙළෙඳසල්වලින් අමතර කොටස්‌ මිලදී ගැනීම් කරපු නිසා අක්‍රමිකතා සිදු වෙච්ච අවස්‌ථා තිබුණා. ඔය හේතු එක්‌ක අඩු පිරිවැයකින් ගුණාත්මක අමතර කොටස්‌ ලබාගැනීමේ අවශ්‍යතාවයක්‌ ඇති වුණා. 'ඒ අනුව 2011 අවුරුද්දේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයට අමතර කොටස්‌ සඳහා ලබාදී ඇති ආනයනික බදු සහන යටතේ, සිය ප්‍රාග්ධනය යොදවා ශ්‍රී ලංගමය නමින් ශ්‍රී ලංගමය විසින් ලබාදෙන ලැයිස්‌තු සහ පිරිවිතරයන් යටතේ අමතර කොටස්‌ ආනයනය කොට, ශ්‍රී ලංගමය විසින් වෙන් කර දෙනු ලබන ගබඩාවන්හි තොග පවත්වාගෙන යැමට හා එසේ ආනයනය කළ අමතර කොටස්‌ අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංගමය ප්‍රධාන කාර්යාලයට, ඩිපෝ හා ප්‍රාදේශීය වැඩපළවලට සහන ණය පදනම යටතේ ලබාදීමට කැමති සැපයුම්කරුවන් තෝරාගැනීම සඳහා විවෘත ලංසු කැඳවීමට තීරණය කළා. එම ලංසු කැඳවීම තුළින් ඉහත සඳහන් ක්‍රමවේදයට අනුව අමතර කොටස්‌ ආනයනය සඳහා ප්‍රථමයෙන් සීමාසහිත ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ පුද්ගලික සමාගම තෝරා ගත්තා.

පසුව එක්‌ ආයතනයක්‌ සැපයුම් කිරීමේදී ඇති වන ප්‍රමාදයන් වළකාලීමේ අදහසින් ඉහත කොන්දේසිවලට යටත්ව සීමාසහිත නිම්බස්‌ ඔටෝමෝටිව් පුද්ගලික සමාගමත් සම්බන්ධ කරගත්තා. පසුව එහි ප්‍රතිඵලයක්‌ විදිහට තමයි ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ ලංකා පුද්ගලික සමාගම ආරම්භ වුණේ. පවත්වාගෙන යන්නේ ඒකල පිහිටි ශ්‍රී ලංගම අමතර කොටස්‌ තොග ගබඩා සංකීර්ණය තුළ. ඉන්දියානු මව් සමාගම තමයි සම්පූර්ණයෙන්ම ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ ලංකා සමාගමට මුදල් යොදවලා තියෙන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය හවුල් වුණාට ඒ සමාගම ආරම්භ කරන්න රුපියලක්‌වත් ආයෝජනය කරලා නෑ. මම ඇවිත් ඒ සමාගමේ අතරමැදියෙක්‌ විතරයි. පැහැදිලිව කිව්වොත් ඉන්දීය සමාගම සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය එකතු කිරීමේ කපුකම කළේ මමයි. ඒකට ඉන්දීය මව් සමාගම මට පුංචි කොමිෂන් එකක්‌ ගෙවනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ ඉල්ලුම මත ඉන්දීය මව් සමාගම විසින් භාණ්‌ඩ එවනවා. ඒ භාණ්‌ඩ එන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ නමට. ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ ලංකා සමාගමේ නමටවත් නෙමෙයි. එහෙම ගෙන්වන හැම භාණ්‌ඩයක්‌ම බදුවලින් නිදහස්‌. ඒ වගේම බඩු ගෙන්වන හැම වතාවකදීම රේගුවෙන් බඩු නිදහස්‌ කර ගන්න ගමනාගමන මණ්‌ඩලය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලනවා. ඒ ගැන අවධානය යොමු කරලා බඩු තොගය රේගු බදුවලින් නිදහස්‌ කරලා දෙන්න කියලා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් රේගුවට ලිතව දැනුම් දීමක්‌ කරනවා.

ඊට පස්‌සේ තමයි රේගුව බඩු නිදහස්‌ කරන්නේ. ඒ බඩු තොග රේගු නිලධාරීන්ගෙන් භාර ගන්නෙත් ගමනාගමන මණ්‌ඩලයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌. ඒ අය තමයි ඒකල ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ආයතනයට බඩු තොග අරගෙන යන්නෙත්. එතැනදී භාණ්‌ඩවල කොලිටි චෙක්‌ කර, ඩැමේඡ් ඒවා ඉවත් කරලා හොඳ බඩු අපිට භාර දෙන්නෙත් ගමනාගමන මණ්‌ඩලයේ නිලධාරීන්ම තමයි. ඊට පස්‌සේ අපි ඒ බඩු තොගවලට බිල් කරලා, ගමනාගමන මණ්‌ඩලය දෙන ඔඩර්වලට බඩු නිකුත් කරනවා.

මෙතැන කිසිම බදු පැහැර හැරීමක්‌ සිදු වෙලා නෑ. බදු පැහැර හැරීමක්‌ වුණා නම් දඩ ගහන්න ඕනා අපිට නෙමෙයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයටයි. රේගුව දන්නව මෙතැන වැරැද්දක්‌ වෙලා නෑ කියලා. ඒ අය කිසිම වෙලාවක බදු ගෙවලා නෑ කියන කතාව කියන්නේ නෑ. 'බදු සහන කතන්දර පිළිගන්න බෑ. ඒ ගැන පරීක්‍ෂණ කරන්න ඕනා...' කියන කතාව තමයි කියාගෙන හිටියේ. 2015 අවුරුද්දේ පෙරබරවාරි 11 වැනිදා ප්‍රථම වතාවට රේගු නිලධාරීන් හය දෙනකු ඒකල ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ආයතනයට ඇවිත් පරීක්‍ෂණයකට කියලා පොත්පත් අරගෙන ගියා. ඒක ගැටලුවක්‌ නෑ.

මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ තියෙනවා නම් ඒ ගැන පරීක්‍ෂණ කරන්න ඕනා. මම කිව්වේත් ඉක්‌මනට ඒ ගැන පරීක්‍ෂණය කරලා ඉවර කරන්න කියලයි. මමත් ඒ පරීක්‍ෂණයට අවශ්‍ය ලියෑකියවිලි සූදානම් කර ගත්තා. ඒත් මාස අටක්‌ තිස්‌සේ කිසිම පරීක්‍ෂණයකට මාව කැඳෙව්වේ නෑ. ආයතන ආරම්භ කරපු දවසේ ඉඳලා බදු වංචා කරලා තියෙනවා කිය, කිය මගෙන් දහ වතාවක්‌ විතර කටඋත්තර ගත්තා. මගේ සේවකයන්ගෙන් කටඋත්තර ගන්නවා... රේගු නිලධාරීන් කිහිපදෙනකු ගමනාගමන මණ්‌ඩලයට ගිහින් ඒ නිලධාරීන්ට තර්ජනය කරලා තිබුණා. අන්තිමේ මගේ පුද්ගලික ව්‍යාපාරයටත් ඇඟිලි ගහලා එක, එක දේවල් කරන්න හැදුවා. මේක හරිම වදයක්‌ වුණා.

ඒ අය බැලුවේම මාව බය කරලා සල්ලි කඩාගන්න. එක, එක විදිහට කතා ගෙතුවා. වැට්‌ බදු ගෙවලා නෑ කියලා කිවව්වා. වැට්‌ බදු ගැන කතා කරන්න රේගුවට අයිතියක්‌ නෑ. දවසක්‌ රේගුවේ එක අධ්‍යක්‍ෂවරයෙක්‌ මට කතා කරලා 'මේක ගොඩින් බේර ගමු. පන්සීයකින් වැඩේ විවර කරමු' කියලා කිව්වා. එතකොට මම කිව්වා ඒ ගාන වැඩියි කියලා. ඊට පස්‌සෙ දවසක්‌ ඒ අධ්‍යක්‍ෂවරයාම කතා කරලා "එකසිය පනහක්‌ දීලා ඉවර කරමු" කියල කිව්වා. මම හිතුවේ ලක්‍ෂ එකසිය පනහක්‌ කියලා. සල්ලි ඉල්ල, ඉල්ල දවසට දෙතුන් වතාවක්‌ කෝල් කරනවා. අන්තිමේ මේක මහ වදයක්‌ වුණා. මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දීය සමාගමේ අයත් එක්‌ක කතා කරලා කීයක්‌ හරි දීලා ඉවර කරමු කියන තැනට ආවා.

ඉන්දීය සමාගමේ අයත් ලක්‍ෂ විසි පහක්‌ හරි දීලා ඉවර කරන්න කැමති වුණා. ලංකාවට ඇවිත් මට කතා කරන රේගු අධ්‍යක්‍ෂවරයාව මුණගැහිලා මම කිව්වා විසිපහක්‌ අරගෙන මේක ඉවර කරන්න කියලා. එතකොට ඒ අධ්‍යක්‍ෂවරයා බෑ කිව්වා. පස්‌සේ මම කිව්වා එහෙම නම් ලක්‍ෂ පනහක්‌ අරගෙන ඉවර කරමු කියලා.
'ඒයි උඹගෙ මෝලේ හොඳ නැද්ද. අපි ඉල්ලුවේ ලක්‍ෂ පනහක්‌ නෙමෙයි, ලක්‍ෂ එක්‌දාහස්‌ පන්සීයක්‌" කියල රේගු අධ්‍යක්‍ෂවරයා හිනා වුණා.
"මෙච්චර විශාල මුදලක්‌ දෙන්නෙ කොහොමද?" මම තුෂ්ණිම්භූත වුණා.
'මොකද බය වෙලා. මේක පොඩි කේස්‌ එකක්‌නේ. අපි මීට වඩා කේස්‌ කරලා තියෙනවා. මේක මට විතරක්‌ නෙමෙයි. තව පස්‌ හය දෙනෙක්‌ අතර බෙදෙනවා' කියලා රේගු අධ්‍යක්‍ෂවරයා නැවත හිනා වුණා.

ඒ අය මුලින්ම ඉල්ලා ඉඳලා තියෙන්නේ ලක්‍ෂ පන්දාහක්‌. ඊට පස්‌සේ තමයි එක්‌දාහස්‌ පන්සියට බස්‌සලා තියෙන්නේ. ලක්‍ෂ එක්‌දාහස්‌ පන්සීයක්‌ කියන්නේ ස්‌ටීල් ඉම්පෙක්‌ස්‌ ආයතනය පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්‌වා මෙරටට ගෙන්වපු බඩුවල එකතුවෙන් සීයට දහයක (10%) ක්‌. 2011 අවුරුද්දේ ඉඳලා මේ දක්‌වා ගෙන්වපු බඩුවල වටිනාකම කෝටි විසි තුනයි. ඒකෙන් 10% ක්‌ තමයි ඒ අය ඉල්ලා හිටියේ. පස්‌සේ මම කල්පනා කළා මේ අයත් එක්‌ක කතා කරලා වැඩක්‌ නෑ. වෙන විකල්පයකට යන්න ඕනා කියලා.

ලංකාවේ ඉන්න ඉහළම නීතිඥ මහත්වරු, රේගුවේ පරණ නිලධාරීත් එක්‌ක මම මේ ගැටලුව ගැන කතා කළා. ඒ හැම කෙනෙක්‌ම කිව්වේ මෙතැන කිසිම වංචාවක්‌ වෙලා නෑ, රේගුවට මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කරන්නත් බෑ කියලායි. ඊට පස්‌සේ මම අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂවරිය පුද්ගලිකවම මුණගැහිලා සම්පූර්ණ විස්‌තරය කිව්වා. 'අපි කොහොමහරි මේ අයව කොටු කර ගමු' කියල එතුමිය කිව්වා. එතැන ඉඳලා අපි මෙහෙයුම පටන් ගත්තා. මැඩම්ගේ උපදෙස්‌ මත අවශ්‍ය පසුබිම සකස්‌ කළේ මමයි. මුලින්ම මගෙන් සල්ලි ඉල්ලා හිටිය රේගු අධ්‍යක්‍ෂවරයාට කතා කරලා මම කිව්වා 'ලක්‍ෂ එක්‌දාහස්‌ පන්සීයක්‌ නම් දෙන්න බෑ. එක්‌දාහස්‌ දෙසිය පනහක්‌ දෙන්නම්. වැඩේ ඉවර කරමු' කියලා. ඒත් ඒ මුදලට රේගු අධ්‍යක්‍ෂවරයා කැමති වුණේ නෑ.

එච්චර මුදලක්‌ අපි ළඟ නෑ. මේ මුදලත් හොයාගත්තේ ඉන්දීය සමාගමට කතා කරල බොහොම අමාරුවෙන්' කියලා කොහොම හරි ඒ ගානට කැමති කරවගත්තා. කෝටි පහළොව දෙන්නම් කිව්වා නම් සැක හිතන්න පුළුවන්. මෙහෙම කළාම පුංචි හෝ සැකයක්‌ හිතෙන්නේ නෑ. පස්‌සේ රේගු අධ්‍යක්‍ෂවරයා කිව්වා ගනුදෙනුව සිංගප්පූරුවේ කරමු කියලා. මම කිව්වා එච්චර දුරකට යන්න බෑ කියලා. ඊට පස්‌සේ කොළඹ සුපිරි හෝටලයක වාහන පාක්‌ එකේ ගනුදෙනුව කරමු කියලා කිව්වා. මම ඒකට කැමතියි වගේ හිටියා. පස්‌සේ මම ඒ හෝටලයේ කාමර දෙකකුත් බුක්‌ කරගත්තා.

ඔය දේවල් කතා කරන අතරේ කඩේ වැඩට සේවකයන් අවශ්‍යයි කියලා පත්තරයක දැන්වීමක්‌ දාලා ඒ හරහා අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙක්‌ මගේ කඩේ වැඩට ආවා. ඒ අය මාත් එක්‌කම හිටියා. ඒ අතරේ මේ ගනුදෙනුවට සම්බන්ධ රේගු නිලධාරීන් කිහිප විටක්‌ම මගේ කඩේ ඔෆිස්‌ එකට ඇවිත් ගනුදෙනුව කරන හැටි කතා කළා. ඒ හැම අවස්‌ථාවකම අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් දෙන්නා මගේ ඔෆිස්‌ එක කිට්‌ටුව ගැවසුණා. දවසක්‌ සල්ලි ඉල්ලා හිටින රේගු අධ්‍යක්‍ෂවරයා මට කතා කරලා කිව්වා බොරැල්ලේ එයාලගේ නීතිඥයකු ඉන්නවා එතැනදී ගනුදෙනුව කරමු කියලා.

අල්ලස්‌ එකට දැනුම් දීලා ඒ වෙනකොට සති දෙකකුත් ගෙවිලා ගිහිල්ලා. මෙහෙයුමේ වැඩ භාගයක්‌ සාර්ථකව කෙරිලා තිබුණා. අපි කොහොමහරි රුපියල් කෝටි දොළහමාරත් ලෑස්‌ති කර ගත්තා. පස්‌සේ මම රේගු අධ්‍යක්‍ෂවරයාට කතා කරලා කිව්වා 'මේක ලොකු ගානක්‌. තැන්, තැන්වලට ගෙනියන්න බෑ. අපේ කඩේදීම ගනුදෙනුව කරලා ඉවර කරමු' කියලා. ඒ අයත් එක පිළිගෙන එහෙම කරන්න කැමති වුණා. පහුගිය 12 වැනිදා තමයි ගනුදෙනුව කරන්න දින නියම කරගෙන හිටියේ. පස්‌සේ ඒ අයගේම ප්‍රශ්නයක්‌ නිසා 15 වැනිදාට කල් ගියා. රේගු නිලධාරීන්ටත් ලොකු බයක්‌ තිබුණා.

15 වැනිදා හවස හතරට විතර රේගු නිලධාරීන් තුන්දෙනෙක්‌ මගේ කඩේ ඔෆිස්‌ එකට ආවා. ඒ අපු රේගු නිලධාරීන් තුන්දෙනා මීට පෙරත් කිහිප අවස්‌ථාවක්‌ම ඔෆිස්‌ එකට ඇවිත් ගනුදෙනුව කෙරෙන හිටි ගැන කතා කරලා තියෙනවා. එදා ආපු වෙලාවේ මම සල්ලි ටික පෙන්නුවා. සල්ලි දැක්‌ක ගමන් ඒ අය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වුණා. බොරැල්ලේ ලෝයස්‌ගේ, සුපිරි හෝටලේ වාහන පාක්‌ එක සේරම අමතක වුණා. මම වැඩට ගත්ත අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් දෙදෙනත් මගේ ඔෆිස්‌ එකට පිට පේන දුරින් හිටියේ. සති දෙකක්‌ තිස්‌සේ එතැනට ආව ගිය රේගු නිලධාරීන්ටත් ඒ අයවත් දැකල හොඳට හුරු පුරුදුයි.

ප්ලෑන් කරලා තිබුණු විදිහට ඉන්දීය සමාගමේ කෙනෙක්‌වත් එතැනට ගෙන්නලා රේගු නිලධාරීන්ට හඳුන්වලා දීලා ඉන්දියාවෙ කෙනාව එතැනින් පිටත් කළා.
'මල්ලි ඔන්න ඔය සල්ලි ටික ගණන් කරලා මේ මහත්වරුන්ට දෙන්න...' කියලා මම ඒ තුන්දෙනත් එක්‌ක වල් පල් කතා කර, කර හිටියා. මම සල්ලි ගණන් කරලා දෙන්න කිව්වේ අල්ලස්‌ කොමිසමේ නිලධාරියකුට.

'නෑ... නෑ... අපි ගණන් කරලා බලන්නම්' කියලා රේගු නිලධාරීන් දෙදෙනෙක්‌ සල්ලි ගණන් කරන්න පටන් ගත්තා...'

ඒ වෙනකොට අල්ලස්‌ නිලධාරීන් හතළිහක්‌ විතර අපේ කඩේ වටේට රැකවලේ හිටියා. සල්ලි ගණන් කරන්න පටන් අරන් විනාඩි පහක්‌වත් ගියේ නෑ අල්ලස්‌ නිලධාරීන් රේගු නිලධාරීන් තුන්දෙනාවම අල්ල ගත්තා. කරන්න කිසිම දෙයක්‌ නෑ. තුන්දෙනාම ගල් ගැහුණා. එක්‌කෙනෙකුට මුත්‍රා ගිහිල්ලා කලන්තේ හැදිලා වැටුණා. අල්ලස්‌ නිලධාරීන් හතළිහක්‌ විතර මෙතැන පිරිලා හිටියා. ඒ අයට රජකාරිය කරගන්න දීලා මම පැත්තකට වුණා.

ටික වෙලාවකට පස්‌සේ එක රේගු නිලධාරියෙක්‌ මම ළඟට ඇවිත් 'අපිට වැරැදුනා. මෙතැන කිසිම බදු වංචාවක්‌ වෙලා නෑ. අපිත් එක්‌ක තරහා වෙන්න එපා. අපිව මංචු නොදා කඩෙන් එළියට යවන්න' කියලා මගෙන් ඉල්ලීමක්‌ කළා.

මම ඒ ඉල්ලීම ඉටු කළා. වාහනයට දාගන්නකම් මංචු දාන්න දුන්නේ නෑ. මේ මෙහෙයුම පටන් ගන්නකොටම 'මගේ කඩේ ළඟදී කැමරා කරන්න එපා. මාධ්‍යවේදීන් ගෙන්වන්න එපා...' කියලා මම අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂවරියගෙන් ඉල්ලා හිටියා. මගේ වෙළෙඳසලෙන් එහාට අරගෙන ගියාට පස්‌සේ වෙන දේවල් ගැන මට වැඩක්‌ නෑ. ඒත් මේ ගනුදෙනුවේ මහ මොළකාරයො විදිහට හිටපු රේගු අධ්‍යක්‍ෂකලා දෙන්නා කොටු කරගන්න බැරිව ගියා.

ඒ දෙන්නත් ගනුදෙනුව සිදු වෙන අවස්‌ථාවේ අපේ කඩේ කිට්‌ටුව තැනක හිටියා. අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් දෙදෙනකුගේ පුංචි අතපසුවීමකින් ඒ දෙන්නව කොටු කරගන්න බැරිව ගියා. ඒ එක අධ්‍යක්‍ෂ කෙනෙකුගේ ගෝලයා තමයි අල්ලස්‌ නිලධාරීන්ට කොටු වෙච්ච පරාක්‍රම පෙරේරා. එයා එවුවේ බොස්‌ගේ කොටස අරගෙන යන්න. අනිත් දෙන්නා උපාලි පෙරේරා සහ ජගත් වික්‍රමසිංහය. සිද්ධියේ ඉන්න ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා මේ ගනුදෙනුව ගැන කතා කරන්න එකම දවසක්‌ ඒකල ඔෆිස්‌ එකට ඇවිත් තියෙනවා. අනිත් අධ්‍යක්‍ෂවරයා තව දවසක්‌ මගේ ඔෆිස්‌ එකට ඇවිත් සල්ලි හුවමාරු කරන තැන ගැන කතාබහ කරලා ගියා.

විශාල අවදානමක්‌ අරගෙන තමයි මම මේ වැඩේට අතගැසුවේ. වැඩේ පටන් ගන්නකොටම මගේ පවුලේ අයව ඉන්දියාවේ වන්දනාවේ පිටත් කළා. ඒ ගමනට මගේ ඔෆිස්‌ එකේ වැඩ කරන දෙන්නෙක්‌වත් යෑව්වා. ඒ දෙන්නා වෙනුවට තමයි අල්ලස්‌ එකේ නිලධාරීන් දෙන්නව වැඩට ගත්තේ. මගේ පවුලේ අය මේ කිසිම දෙයක්‌ දන්නේ නෑ. තවම ලංකාවට ආවෙත් නෑ. එන හැම ප්‍රශ්නයකට මුහුණ දෙන්න බලාගෙන තමයි මම වැඩේ පටන් ගත්තේ.

වැඩේ ගැස්‌සිලා ගියා නම් අද මම ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබුණා. ඔය ගනුදෙනුවට සම්බන්ධ එක රේගු නිලධාරියකු පාතලයත් එක්‌ක සෘජු සම්බන්ධතා තියෙන පුද්ගලයෙක්‌. මම ඒක දැනගෙන හිටියා. ඒ නිසා කරන හැම දෙයක්‌ම අතිශය සූක්‍ෂම විදිහට කළා. මම ඒ සම්බන්ධයෙන් යන ගමනකට රියෑදුරෙක්‌වත් පාවිච්චි කළේ නෑ. මෙහෙයුම ගැන හරියටම දැනගෙන හිටියේ මමයි, අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂවරියයි, තවත් නිලධාරීන් දෙදෙනකුයි විතරයි. මෙහෙයුම පටන් අරගෙන හරියටම සති දෙකක්‌ ගත වුණා. අන්තිම දින දෙක, තුනේ මෙහෙයුමට සම්බන්ධවෙලා හිටපු අල්ලස්‌ නිලධාරීන්වත් කරන්න යන්නේ මොකක්‌ද කියලා හරියට දැනගෙන හිටියේ නෑ.

ඔෆිස්‌ එක ඇතුළේ මොකද වුණේ කියලා කඩේ වැඩ කරන අයවත් දැනගෙන හිටියේ නෑ. මම ඔෆිස්‌ එකට සල්ලි ගෙනාපු විදිහ දැනගෙන හිටියේ අපි දෙන්නයි.  අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු මෙහෙයුමට සම්බන්ධ නිලධාරීනුත් රැ දවල් නොතකා මේ මෙහෙයුමට බොහෝම මහන්සි වුණා. අන්තිමේ හැමෝටම මහන්සියේ ප්‍රතිඵල ලැබුණා. රේගුවේ හිටපු කම්බ හොරු කිහිපදෙනකුව කොටු කරගන්න පුළුවන් වුණා.

අපි කරපු වැඩේට රේගුවේ නිලධාරීන් හුඟ දෙනෙක්‌ම මට කතා කරලා ප්‍රශංසා කළා. රේගුවේ ඉන්න හැම නිලධාරියෙක්‌ම හොරු නෙමෙයි. අතිශය විනිවිදභාවයකින් යුක්‌තව රාජකාරි කරන නිලධාරීන් ඉන්නවා. රේගුවේ ඉන්න අයත් මාව හොඳට දන්නවා. අපෙන් සල්ලි ගන්න හදපු අයත් මාව දන්නවා. මමත් මේ තත්ත්වයට එන්න ගොඩක්‌ දුක්‌වින්දා. මුලින් රට, රටවලට ගිහිල්ලා අතේ බඩු ගෙනාවේ. රේගුවේ පරණ මිනිස්‌සු මාව දන්නේ ඒ නිසයි. මම ළඟ බොරු නෑ. කරන හැම දෙයක්‌ම පිරිසිදුයි. මම අදටත් කියන්නේ මොනවා හරි වංචාවක්‌ වෙලා තියෙනවා නම් අපිට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න කියලයි. කිසිම බයක්‌ නෑ. අපේ අතින් අබමල් රේණුවක්‌ තරම්වත් වංචාවක්‌ වෙලා නෑ කියලා මට විශ්වාසයි.

ගමනාගමන මණ්‌ඩලයට වාහන අමතර කොටස්‌ ගෙන්වීමේ ව්‍යාපෘතිය පහුගිය රජය කරපු හොඳ වැඩක්‌. ඕක පටන් ගන්නකොටම විරුද්ධ අය කිහිප දෙනෙක්‌ම හිටියා. ලංගමයේ වගේම වාහන අමතර කොටස්‌ ගෙන්වන ක්‍ෂේත්‍රයෙත් කිහිපදෙනකු හිටියා. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් එක්‌ක ඒ අයගේ හොරකම් සේරම නතර වුණා. රුපියල් නවදාහට ගත්ත දුනුකොළය අපේ ආයතනය හරහා දුන්නේ රුපියල් තුන්දහසකට.

යාපනේ ඩිපෝවට යන ක්‌ලච් ප්ලෙට්‌ එකේ මිලයි, කොළඹ ඩිපෝවට යන ක්‌ල්ච් ප්ලේට්‌ එකේ මිලයි දෙකම එක සමාන වුණා. ලංගමයට ලොකු ලාබයක්‌ ආවා. ව්‍යාපෘතිය ආරම්භ කරලා ගෙවී ගිය මාස පනහට ලංගමයට රුපියල් මිලියන හයසීය අනූවක ලාබයක්‌ ලැබිලා තියෙනවා. හොරුන්ගේ මඩි හිස්‌ වුණා. පස්‌සේ උන් සේරම එකතු වෙලා අපිට විරුද්ධව පෙත්සම් ගැහුවා. ඒ පෙත්සම්වලට රැවටුණේ රේගු නිලධාරීන්. කරන්න දෙයක්‌ නෑ මටත් දුකයි...' අල්ලස්‌ සිද්ධියේදී රටේ කාට කාටත් ආදර්ශයක්‌ ගත හැකි පාඩමක්‌ කියා දුන් ව්‍යාපාරිකයාගේ දීර්ඝ කතාව අවසානය. ඔහුගේ කතාවට අපටත් වචන ටිකක්‌ එකතු කිරිමට අදහසක්‌ පහළ විය. මේ ඒ වචන ටිකය.

තරංග රත්නවීර
ප්‍රභාත් විතාන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top