කෙසේ වෙතත් කොණ්ඩයා නැමති සැකකරුට තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති නිසා ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ නියෝග කළේ.
ඒ අනුව හෙට දිනයේදී අදාළ වරෙන්තු සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙතත්, අනිද්දා දිනයේදී ගම්පහ අධිකරණය වෙතත් මොහුව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දුන්නා.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට වරෙන්තු වී සිටින බැවින් ඔහු එම අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝග කරන ලෙස ගම්පහ පොලිසිය සහ වේයන්ගොඩ පොලිසිය ඉල්ලීමක් කළේය.
ඒ අනුව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියෂාන්ත මුදා හරින බව කී මහේස්ත්‍රාත් එම නඩු දෙක සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරමින් එතෙක් රිමාන්ඩ් කළේය.