මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් සුදු වෑන් රථය යුද හමුදාවට අයත් එකක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසා සිටියා. යුද හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ, එම වෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවයි.
සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා සෙබලුන් තිදෙනෙකු ගමන් කළ මෙම සුදු වෑන් රථය නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබුවේ පසුගිය 20 වැනිදා පස්වරු 7.30ට පමණයි. එහිදී එක් හමුදා සෙබෙලෙකු ළග තිබී යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් ගිනි අවියක් ද පොලිස් භාරයට ගැනුණා.
මේ අතර, මෙම වෑන් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණ වුණා. සිවිල් ඇඳුමින් සැරසී සුදු වෑන් රථයේ ගමන් ගත් හමුදා සෙබලුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරුණා.
මේ අතර, ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ජෝසප් මයිකල් පෙරේරා මහතාෙ
එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෙම වාහනය හමුදා භාරයට අරගෙන ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ නායකත්වය යටතේ මේවා ලියාපදිංචි නොකර පාවිච්චි කරලා තියෙනවා විවිධ කටයුතුවලට. හමුදා නිලධාරීන් පත් කරලා තියෙනවා. කාටවත් හොයන්න බැරි වෙච්ච දෙයක් අද අපිට එක මුලක් අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. හමුදාවත් තුළ එල්.ටී.ටී.ඊ එකෙන් අල්ලගත්ත වාහනයක් පාවිච්චි කිරීම සහ එය නොම්බර තහඩු නැතුව පාවිච්චි කිරීම අති භයානක සිද්ධියක්.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා එම වෑන් රථ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකෙ
- මේ වාහනය යුද හමුදාව සතු වාහනයක්. මෙහි අංකය පිළිබද ප්‍රශ්නයක් එනවා. සිවිල් අංකයක් යොදාගෙන තමයි මේ ගමන ගියේ කියන ඒ ප්‍රශ්න සහගත තත්ත්වය තිබෙනවා. මේ ගිනි අවිය යුද හමුදාව සතු අවියක්. මේ අවිය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා හට නිකුත් කර තිබූ අවියක්. ඔහු මෙම අවිය අවුරුදු 15 ක් තිස්සේ පරිහරණය කරනවා. ඒ වගේම මේ වාහන ඔහුගේ ආරක්ෂක සෙබලුන් ප්‍රවාහනයට යොදාගන්නා ලද වෑන් රථයක්. මේකත් එතුමා විසින් සෑහෙන කාලයක් ඉදලා පරිහරණය කරන වාහනයක්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම යුද හමුදා පොලිසියෙනුත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ පරීක්ෂණවලදී යම් විනය කඩ කිරීමක් අනාවරණය වුවහොත් ඒ සදහා ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වගකිව යුතුයි. ඒ වගේම විශේෂයෙන් සදහන් කරන්න ඕන දේශපාලනමය අවස්ථාවක් සදහා මෙම සිදුවීම සම්බන්ධයක් නැති බව මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාව ඇතුලත් වීඩියෝව පහතින්...VIDEO අත්අඩංගුවට ගත් පිරිස මිරිහාන පොලිසියේදී