Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
13
සායම් එන්නත් කර වෙළදපොළට එන අසරණ සුරතල් මසුන්

- සායම් එන්නත් කර වෙළදපොළට එන අසරණ සුරතල් මසුන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views



මේ දිනවල විවිධ වර්ණයන්ගෙන් යුතු ඉතා ආකර්ශනීය මතස්‍යයන් වෙළදපොළට ඇවිත් තියෙනවා. ඒ වගේම මත්ස්‍යයින්ගෙ ශරීරයේ එක එක දේවල් ලියල, එහෙමත් නැත්නම් එක එක symbols වගේ දෙවල් ඇඳලත් තියෙනවා. ඇත්තටම කොහොමද මේ වගේ පාට මෙයාලට? කොහෙන්ද මේ පාට මාළු? ඒක පිටිපස්සෙ තියෙන්නෙ දුක්බර කතාවක්.

Blood Parrot cichlid මේ වන විට ලංකාව තුළ මේ ආකාරයෙන් අසාමාන්‍ය වර්ණවලින් බහුලවම හමුවන විශේෂය වෙනවා. වර්ණ ගැන්වීමෙන් පසුව වෙනත් වෙනත් නම් වලින් මොවුන් හඳුන්වනවා. White Skirt Tetra කියන මාළුවගේ නම, පාටත් එකක් නමත් වෙනස් වෙලා strawberry tetra නමින් වෙළඳපොළට එන්නෙ.

මුල් කාලයේ මෙලෙස වර්ණගැන්වීමට ලක්වූයේ Glass fish නම් මත්ස්‍යයා පමණකි. නමුත් අද වන විට Oscar, White Mollies වැනි තව මත්ස්‍ය විශේෂ මේ ක්‍රම මගින් වර්ණ ගන්වා වෙළඳපොළ වෙත පැමිණෙනවා. ඇත්තෙන්ම මෙය සත්ත්ව හිංසාවක්. ඉතා වර්ණවත් අයුරින් ඔබ දැක ඇති මේ මත්ස්‍යයින් සැබෑවටම කෘතිමව වර්ණ ගැන්වූ මත්ස්‍යයින්. එලෙස වර්ණ ගැන්වීම සඳහා මත්ස්‍ය නිෂ්පාදකයින් ක්‍රම ගණනාවක් භාවිතා කරනවා. එක් ක්‍රමයක් වන්නේ, ආහාර මගින් විවිධ කෘතිම වර්ණක (Colour Feed) ලබා දීමයි. නමුත් මේ ක්‍රමය මගින් ලබා දෙන වර්ණක දිගු කාලයක් මත්ස්‍යයාගේ ශරීරය තුළ රඳා පවතින්නේ නැහැ. නමුත් මතක තබා ගත යුතු කරුණක් නම් ස්වභාවික carotenoids වැනි වර්ණක ආහාර මගින් ලබා දීමෙන් මසුන්ගේ ශරීරයේ ඇතිවන ස්වභාවික වර්ණත් මෙම ක්‍රම මගින් ඇතිවන වර්ණත් අතර විශාල වෙනස්කම් තියෙනවා.

බොහෝ මත්ස්‍යයින් වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි සියුම් එන්නත් කටු මගින් කෘතිම වර්ණක මත්ස්‍යයාගේ ශරීරයට එන්නත් කිරීම (Dye Injection). ඇත්තෙන්ම මෙය ඉතාම අමානුෂික ඉතා වේදනාකාරී ක්‍රියාවක්. ඉතා අලංකාර ලෙස වර්ණ ගන්වා ඇක්වේරියම් ආයතන වෙත එන මෙම මසුන් මෙම අමානුෂික ක්‍රියාවලියට භාජනය වූ මසුන් බව ඔවුන් මිල දී ගන්නා ඔබ නොදැන සිටියා විය හැකිය. මෙම කෘතිම වර්ණක එන්නත් කළ පසු බොහෝ මසුන් දුර්වලව මිය යන අතර මිය නොයා ඉතිරිවන මසුන්ට රෝගවලට ප්‍රතිශක්තිය අඩු දුර්වල මසුන් බවට පත්වෙනවා.

තවත් එක් ක්‍රමයක් තමයි සම මගින් උරා ගැනීම පිණිස (Dipping) මසුන් කෘතිම වර්ණක අඩංගු ජලයේ ගිල්වීම. වර්ණක එන්නත් කරනවා මෙන්ම මෙම ක්‍රමයත් ඉතාම වේදනාකාරී ක්‍රියාවක්. වර්ණක එන්නත් කිරීම හෝ වර්ණක අඩංගු ජලයේ ගිල්වීමෙන් පසු මසුන්ගේ සමෙහි ඇති සෙවල වැනි වැස්ම (slime coat මෙය මත්ස්‍යයින්ට ජලයට ප්‍රතිරෝධීව පිහිනා යාමට සහ රෝග වලින් ආරක්ෂා වීමට ස්වභාවිකව ලැබී ඇති වැස්මකි) ඉවත් වේ. එම වැස්ම නැවත ඇති වීම උත්තේජනය කිරීම පිණිස නැවතත් වෙනත් රසායනික ද්‍රව්‍යවල මත්ස්‍යා ගිල්වා තැබෙනවා.මෙය සත්ත්ව හිංසාවකි. කරුණාකර ඇක්වේරියම් ආයතනවල සිටින මෙවැනි කෘතිමව වර්ණ ගැන්වූ මත්ස්‍යයින් මිල දී ගැනීමෙන් වළකින්න. මෙවැනි සත්ව හිංසාවන්වලට විරුද්ධව සත්වයින් සුරැකීමේ සංවිධාන ගන්නා පියවර කුමක්ද?

මේ වන විට ලොව පුරා බහුලවම වර්ණවත් කිරීම්වලට ලක්වන්නේ මෙම blood parrot මසුන් ය



සාමාන්‍යයයෙන් White Skirt Tetra ලෙස හඳුන්වන මෙම මසුන් කෘතිමව වර්ණවත් කිරීමෙන් පසු strawberry tetra නමින් වෙළඳපොළට යවයි.



මසුන් වර්ණවත් කිරීම ඇරඹුනේ මෙම Glass fish වර්ණවත් කිරීමත් සමගය



මෙම ඔස්කා මත්ස්‍යයින් කෘතිමව වර්ණවත් කළ මසුන් ය



මෙම white mollie මත්ස්‍යයින් ද අද වන විට කෘතිම වර්ණක භාවිතයෙන් වර්ණගැන්වී වලට ලක් කරයි







Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top