මෙසේ මියගොස් ඇත්තේ, මාස 17ක් වයසැති දැරියක්. එක්ස් කිරණ මඟින් පෙන්නම් කරනු ලැබූයේ ඇගේ උගුර පුළුස්සා දමා ඇති අයුරුයි.
මුලින් ඇයව රෝහල්ගත කර ඇත්තේ දරුණු සෙම්ප්‍රතික්ෂාවක් නිසා වන අතර, ඇය බැටරියක් ගිල ඇති බව දෙමව්පියන් දැන සිට නැහැ.
රූපවාහිනියේ බැටරියක් අතුරුදහන්ව ඇති බව පසුව ඔවුන් දැනගත් අතර, එක්ස් කිරණ මඟින් දැරිය පරීක්ෂා කිරීම සිදුවූයේ ඉන් අනතුරුවයි.
රීස් නම් මේ දැරියගේ උගුරෙන් බැටරිය ඉවත් කිරීමට හදිසි ශල්‍යකර්මයක් කළ නමුත් ඒ වන විටත් උගුරට විශාල ලෙස හානි සිදු ව ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.
රීස්ගේ මව, දෙමව්පියන් වෙත හඬමින් දැනුවත් කළේ, තම දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වන ලෙසයි.
Dailymail ඇසුරිනි.
