ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බලාපොරොත්තු වන බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා.
අනුරාධපුරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පී. හැරිසන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 20 කට අධික සංඛ්‍යාවක් මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග තරග කරන්න දැනටමත් කැමැත්ත පළ කරලා තියෙනවා. දැන් එක එක්කෙනා එනවා.
එස්.බී. නාවින්න ඇමතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකතුමා. එතුමා ඇතුළු තවත් කණ්ඩායමක් ඉන්නවා එන්න. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ට පක්ෂයේ නාඩි වැටෙන හැටි දැන් තේරෙනවා. ඒ නිසා තමයි ඒ ගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය වටා එක් රොක් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ගේ සැලුන් දොර වහලා. රනිල් වික්‍රමසිංහගේ සැලුන් දොර දැන් ඇරලා තියෙන්නේ. ඕන කෙනෙකුට එන්න පුළුවන්.