වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක් සමඟ මාස 2 1⁄2 ක කාලයක් අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන විජය කුමාරතුංග නැමැති අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොස්වත්ත පොලිස් වසමේ පොතවටවන - කහටවිල වත්ත පදිංචිකරුවෙකි. ඔහු 17 වැනි වියේ පසුවන අයෙකි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. මෙම සම්බන්ධතාවයට දැරිවියගේ පියා විරෝධතාවයක් දක්වා නැත.
දැරිවිය තම නිවසේ වාසය කර ඇත්තේ පියා සමඟ බව පොලීසිය කියයි. මීට මාස 2 1⁄2 කට පමණ පෙර දිනෙක සැකකාර තරුණයා තම පෙම්වතියගේ නිවසේ රැය පහන් කර ඇත. එදින නිවසේ සිට ඇත්තේ දැරිවිය සහ ඇයගේ පියා පමණි. එදින රාත්‍රී ආවරණයක් නොමැති කාමරයක නිදා සිටි දැරිවිය වෙත සැකකරු ගොස් ඇත.
එදින සැකකරු වන තම පෙම්වතා තමන්ව දූෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුගේ පවසා ඇත. පසුව අවස්ථාව ලැබෙන සෑම දිනකම සැකකරු දැරිවිය සමඟ අඹු -සැමි ඇසුරක් පවත්වා ඇති බව ඇයගේ ප්‍රකාශය මත තහවුරු වන්නේයැයි පොලීසිය කියයි.
මෑතක සිට සැකකරු තමන්ව මග හරින බව දැන ගෙන ඇති දැරිවිය ඒ බව පොලීසියට පැමිණිලි කර ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය මාරවිල මූලික රෝහලට ඇතළත් කර ඇති අතර සැකකරු මාරවිල දසා අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව ඇත.