බාබා වැංගා... ඇය උපත ලබන්නේ 1911 වර්ෂයේදී. ප්‍රසිද්ධ කලාකරුවෝ, දේශපාලනඥයෝ බොහෝදෙනෙක් ඇය සොයා පැමිණ තිබුණා.
ඒ අතර... බල්ගේරියානු රජු නිතර ඇය සොයා පැමිණි අතර වරක් හිට්ලර් ඇගේ නිවෙසට පැමිණි වරෙක පිටව ගියේ මැළවුණු මුහුණකින් බවයි සඳහන් වෙන්නේ.
බාබා වැංගාගේ අනාවැකි බොහෝමයක් අතරින් මේ වන විට සැබෑ වී ඇති අනාවැකි තමයි මේ...
දෙවැනි ලෝක යුද්ධය ඇරැඹීම,
සෝවියට් රුසියාවේ බිඳ වැටීම,
යුගෝස්ලෝවියාවේ බිඳ වැටීම,
නැඟෙනහිර හා බටහිර ජර්මනියේ එක්වීම,
චර්නෝබිල් න්‍යෂ්ටික විනාශය,
බොරිස් යෙල්සින්ගේ මැතිවරණ ජයග්‍රහණය,
ඉන්දිරා ගාන්ධිගේ මැතිවරණ ජයග්‍රහණය හා ඇගේ ඝාතනය,
සැප්තැම්බර් 11 ඇමරිකානු මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය..
2020 දී හඳුනා නොගත් රෝගයක් නිසා මිනිසුන් දහස් ගණනක් මිය යන බව ඇය කියා තිබුණා. (ඒ තමයි කොරෝනා කියන මාරාන්තිකයා.)
නමුත්... ඇත්තටම ඒක කවුද විශ්වාස කරන්නේ...?
මේ තරම් දියුණු තාක්ෂණයක් තියෙන ලෝකයක... වෛද්‍ය විද්‍යාව විශ්කම් පානකොට... වෛරසයක් සමඟ සටන් කරන එක මහ ලොකු කජ්ජක්ද?
ඒ නිසාම බාබා වැංගාගේ මේ අනාවැකිය හුදෙක් බොහෝ දෙනා බැහැර කළේ "ඒක පිස්සු කතාවක්" කියමින්. බාබා වැංගාගේ මේ විශ්මිත අනාවැකි පළකිරීම නිසාමයි, ඇය "ලෝකේ හොඳම අනාවැකිකාරිය" බවට පත් වෙන්නේ.
අපි අද කියන්න හදන්නේ බාබා වැංගා 2021 වර්ෂය ගැන පළ කරපු අනාවැකි කිහිපයක් ගැනයි.
එතැනින් වැදගත්ම එක (මේ ගැන දැනටම නාසා ආයතනයේ විද්‍යාඥයින් තහවුරු කරලා තියෙනවා.) විශාල උල්කාපතයක් නිසා ප්‍රථිවියට බලපෑම් එල්ල වෙන කතාව.
කොහොම වුණත්.... ඇපොපියස් කියන මේ ග්‍රහයා ප්‍රථිවිය එක්කලා ගැටෙන්නේ 2068 වර්ෂයේදී කියලයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වුණත්.... 2021 වර්ෂය වෙනකොට මේ ඇපොපියස් ප්‍රථිවිය අසළින් ගමන් කරනවලූ. (ඒ කියන්නේ සාමාන්‍ය දුරේක්ෂයකින් අපිට ඒක බලාගන්න පුළුවන්.)
ඒ අතරතුරදී තමයි නාසා ආයතනයේ විද්‍යාඥයින් 200g JF1 කියන උල්කාපාතයත් පෘථිවිය දෙසට ඇදී එන කතාවක් කියන්නේ. ඒ උල්කාපතය 2021 දී ප්‍රථිවිය එක්ක ගැටීමේ අවධානමක් තියෙනවලු.
මෙම උල්කාපත කතන්දරය සුළුවෙන් තකන්න බැරි එකම හේතුව විද්‍යාඥයින් කියන විදිහට, මීට වසර ගණනාවකට කලින් (ඒ කියන්නේ වසර මිලියන ගණනකට කලින්) ඩයිනෝසරයින් වද වෙන්න හේතු වුණෙත් මේ කියන විදිහේ උල්කාවක්. එක්කෝ භූමිකම්පාවක් හෝ ගිනි කඳු පුපුරා යාමක් "ඩයිනෝසරයින්" වඳ වෙන්න හේතු වුණා කියලත් විද්‍යාඥයින් අනුමාන කරනවා.
කොහොම වුණත් බාබා වැංගා කියන අනාවැකිකාරිය කියපු තවත් ප්රබලතම අනාවැකියක් වුනේ, ඉස්ලාමීය අන්තවාදීන් යුරෝපය ආක්‍රමණය කරනවා කියන අනාවැකිය. ඇය කියන විදිහට මෙම ආක්රමණිකයින්ගේ රසායනික ප්‍රහාරවලට මෙම රාජ්‍යයන් කඩා බිඳ දාන්න හැකියාව පවතිනවා.
ඇය යුරෝපයේ ආර්ථික කඩාවැටීම මෙන්ම රුසියානු ජනපතිට එල්ල විය හැකි තර්ජනයක් ගැනද සඳහන් කර තිබෙනවා. (මෙය ඇය මීට පෙරදිත් සඳහන් කර තිබුණු අතර, රුසියානු ජනපති සමීපම අයෙකුගේ ප්‍රහාරයට ලක් වන නමුත් දිවි ගලවා ගන්නා බව එහි දැක්වුණා.)
බාබා වැංගාගේ අනාවැකි අතර තව දුරටත් ඇය දක්වන්නේ 2021 දී ලෝකය ව්‍යසන බොහෝමයකින් පීඩා විඳිනු ඇති බවටයි.
"විනාශකාරි සිදුවීම්" බොහෝමයක් මනුෂ්‍ය වර්ගයා නැති භංගස්ථාන කරන බවයි ඇය කියන්නේ.
ඊළඟ වර්ෂවලදී "හිරු එළියෙන්" දුම්රිය පියාසර කරන බව කියන ඇය, පෙට්‍රල් නිෂ්පාදනය නතරව ප්‍රථිවිය විවේක සුවයෙන් පසුවන බව කියනවා.
ශක්තිමත් "මකරෙකු" මනුෂ්‍ය වර්ගයා අල්ලා ගනු ඇති බවට බාබා වැංගා තවත් අනාවැකියක් තුළින් සඳහන් කරනවා. මෙහි දැක්වෙන "මකරා" යනු සුපිරි බලවතෙකු වන "චීන රාජ්‍යය" බවයි බොහෝ පරිවර්තකයින් අනුමාන කරන්නේ.
By Lakshan
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)