ෆේස්බුක් ගිණුමේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන්ව එසේ කැඳවීමට හේතුව දැනුවත් කර නොමැති බවයි.
ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.
ජූනී 12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම්දී ඇති අතර, ප්‍රකාශය ලබාගැනීමට කිසිදු හේතුවක් සදහන් කර නොමැත.
Just received notice to be present at the CID June 12 to record a statement, but no information has been given as to the reason.
මේ අතර රහස් පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මැරෙන තෙක් බලා සිටින බවට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහතා තිස්සමහාරාම රැස්වීමකදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 12දා පැමිෙණන ලෙස දැනුම් දී ඇති බවයි.
නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් සටහන

ට්විටර් සටහන