ඕමන්ත ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (01) සවස සිය නිවසේදීම ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
ජෙයරාජ් විචිත්‍රා නැමති 14 හැවිරිදි මෙම පාසල් සිසුවිය සිය නිවසේදි මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා.
මෙම අවස්ථාවේදී ඇයගේ දෙමාපියන් නිවසේ නොසිටි බවත් සිසුවියගේ බාල සොහොයුරිය පාසල් ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේදී නිවසේ කාමරයක් තුළ සිය වැඩිමහල් සොයුරිය ගෙල වැළලාගෙන සිටිනු දැක අසල් වැසියන්ට පවසා ඇති බවත් ඕමන්ත පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.
මෙම සිසුවියගේ මව මීට පෙර වසර 4ක් විදෙස්ගතව සිටීම නිසා පවුලේ බර සම්පූර්ණයෙන්ම දරා ඇත්තේ ද මෙම සිසුවියයි.
ඇයගේ පාසල් ගමනද මීට මාස 4කට පෙර නැවතුනු බව අසල්වාසීන් පවසනවා.
ගෙල වැළලාගෙන මිය යාමට තරම් ප්‍රශ්නයක් නොවූ නිසා මෙය ඝාතනයක් වීමට ද ඉඩ ඇති බවට අසල්වාසීන් සඳහන් කරනවා.
කෙසේ නමුත් මේ වන විට මළ සිරුර වව්නියාව මහරෝහලට රැගෙනවිත් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.