Hiru TV ටෙලි පෙරහැර සමඟ ආදරෙන් බැඳුනු ඔබට අද දවසේ පටන් ඒ අතරට තවත් නවමු අත්දැකීමක් එක්කරගන්න පුළුවන්. ඒ අද රාත්‍රී 8.30 ට විකාශය වීමට නියමිත "වස්සානේ ප්‍රේමය" ටෙලි වෘතාන්තය හරහායි.
පුංචි තිරයේ ප්‍රේමවන්තයා වූ සාරංග දිසාසේකරගේ දක්ෂ රංගනය සහ ජනප්‍රිය නිළි ශලනි තාරකා ගේ අපූරු රංගනය තුලින් පණ ගැන්වෙන වස්සානේ ප්‍රේමය ඔබේ ආදරය දිනාගත් ධනංජය සිරිවර්ධන ,රුවන්ගි රත්නායක , මීනා කුමාරි , කාවිංග පෙරේරා සහ උමාලි තිලකරත්න ඇතුළු තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂ රංගනයෙන් හැඩ වැඩ වෙන අතර හිරු TV ටෙලි පෙරහැර නරඹන ඔබට මෙය තවත් ආදරණීය අත්දැකීමක් වනු නොඅනුමානයි.