ගෝඨාභයට සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාට සන්ධානය තුළින් ප්‍රහාර එල්ල කරන්නේ හිටපු ජනාධිපතිවරයාව බේරා ගැනීමේ අරමුණින් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.
හිරු HARD TALK විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ප්‍රශ්නය-බාහු සහෝදරයාගේ ටයිටල් එක ආචාර්ය නේද
පිළිතුර-ඔවු ඒක අධ්‍යාපනික උපාධි ටයිටල් එකක්
ප්‍රශ්නය-ඔය ටයිටල් එකටද නැත්නම් වාසුදේව මන්ත්‍රීතුමා අගමැති තුමාව හඳුන්වපු ටයිටල් එකටද වැඩියෙන් කැමති
පිළිතුර-මෙහෙමයි,ඒ දීපු ටයිටල් එකත් ලොකු ටයිටල් එකක්.
ප්‍රශ්නය-සමහරු ඒකට බැන්නත් ඔබ හොඳ කිව්වා.
පිළිතුර-ඒක අන්ඩර් වර්ල්ඩ් නැත්නම් පාදඩ සමාජය තුළ හොඳ සටන්කාමියෙකුට ලැබෙන එකක්.වාසුදේව හොඳටම බය වෙලා රනිල් ගැන.ජඩයා,මදාවියා,කුපාඩියා කියන කොට එන්නේ තියෙන හයිය.දැන් ඉස්සෙල්ල කිව්වේ එහෙම නෙමෙයි.මේකට මුකුත් බෑ.මේකට කතා කර ගන්න බෑ.රනිල්ට එහෙම නිකම්ම ටයිටල් එක ලැබීම ගැන මට ඊර්ෂ්‍යවක් දැනෙනවා.
ප්‍රශ්නය-වාසු සහෝදරයා ඔබ තුමාගේ පැරණි මිත්‍රයානෙ.
පිළිතුර-මම වාසුදේව නානායක්කාර කියන්න කැමති නෑ.එයා මළා.දැන් ඉන්නේ භූතාත්මය.
ප්‍රශ්නය-එකාලෙත් මිනිස්සුන්ට ඔයවගේ වචන කියලා බැනලා තියෙනවා ද
පිළිතුර-ඔය විදිහට බැනලා නෑ.දැන් ඒවා වෙනස් වෙලා.රනිල් වික්‍රමසිංහ දෙන බැටවලින් වාසුදේවගේ ඉන්න භූතයට හොම්බට ඇනලා තියෙනවා කියලයි පේන්නේ.
ප්‍රශ්නය-වාසු සහෝදරයා නැගිටින්න හදන්නේ හිටපු ජනාධිපති තුමත් එක්ක.ඔබ නැගිටින්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කද
පිළිතුර-රනිලුත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ඉන්නවා නම් ඉන්නවා කියන්න මැලි වෙන්න ඕනි නෑ.
ප්‍රශ්නය-ඔබ මීළඟ ඡන්දෙට කොළඹින් ඉල්ලන්නේ අලියාගෙන් නේද
පිළිතුර-කවදාවත් මම අලියාගෙන් ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
ප්‍රශ්නය-ඒ කියන්නේ ඔබ ඊළඟ සැරේ ඉල්ලන්නෙත් තනියෙන්
පිළිතුර-වෙනත් වාමාංශික ජන කොටස් පක්ෂ අපිත් එක්ක එකතුවෙලා ඒකාබද්ධ පෙරමුණක් හදන්න පුළුවන්.
ප්‍රශ්නය-පාර්ලිමේන්තු යයිද
පිළිතුර-කියන්න බෑ.මම අවුරුදු 50ක් විතර උත්සාහ කළා.
ප්‍රශ්නය-ඔබ විධායක සභාවේ සාමාජිකයෙක් නේද
පිළිතුර-ඔවු
ප්‍රශ්නය-තාම ඒක තියෙනවා ද
පිළිතුර-තාම තියෙනවා.
ප්‍රශ්නය-ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන්නේ ඕක කාලෙකින් රැස්වුණේ නෑ.රැස් වෙන්න ඕනිත් නෑ කියලා.
පිළිතුර-රනිල් වික්‍රමසිංහ මහතාව විශ්වාශභංගයක් හරහා ඉවත් කරන්න හැදුවොත් ඔය සංවිධානය හරහා කතා කරන්න වෙයි.
ප්‍රශ්නය-මහින්ද රාජපක්ෂ මහත්මයා සන්ධානෙන් ඡන්දේ ඉල්ලයි කියලා කියන්නේ
පිළිතුර-සන්ධානෙන් පුළුවන් කමක් නෑ එයාට.
ප්‍රශ්නය-හැබැයි වාසු සහෝදරයා කිව්වා නිදහස් සන්ධානයෙන් ඉල්ලන්න ඉන්නේ කියලා.
පිළිතුර-එහෙම සිහින ඇති.එක පැත්තකින් එහෙම කියමින් ජනාධිපතිතුමා මරන්න ලැහැස්ති කරපු අවස්ථා කිහිපයක් ගැන කියවුණා.හිටපු ආරක්ෂක ලේකම් මේ සැළසුම්වලට වගකිව යුතුයි කියලා මම හිතනවා.
පිළිතුර-මම ඒවෙලාවේ විධායක සභාවේ කිව්වා ඔහුව අත්අඩංගුවට ගන්න ඕනි කියලා.
ප්‍රශ්නය-වාසුදේව නානායක්කාර මහත්මයා කිව්වා ගෝඨාභය මහත්තයත් එක්ක තරහයි කියලා.
පිළිතුර-මහින්ද බේරගන්න ලේසි ක්‍රමයක් තමයි ඔය.මහින්ද නෙමෙයි ඕව කළේ ගෝඨයි බැසිලුයි කියලා ඒ අයව ගහලා එලවනවා කියනවා.
කියව විතරක් නෙමේ ගහනවා.ගහන ගමන් කියනවා උඹලා කෑගහන්න එපා,පොඩ්ඩක් ඈතට වෙලා හිටපන් කියනවා.