බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ කට්ටඩියකු හා ගෝලයෙකු විසින් වයස 31 වයසැති කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් සොය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මොවුන් විසින් එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා අහු ගෙඩි රැගෙන එන්නැයි කියමින් නිවැසියන් ගෙදරින් පිටතට යවා මෙලෙස කාන්තාව දූෂණයට ලක්කොට ඇත.
ඉහත කී කාත්තාවට කළු කුමාර දිෂ්ටිය වැසී ඇති බවත් එය සුව වීමට නම් කට්ටඩියාගේ ගෝලයා සමගින් අඹුසැමියන් ලෙස සිටිය යුතු බවත් කියමින් මොවුන් දෙදෙනා කාන්තාව දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.
අහුගෙඩිද රැගෙන කාන්තාවගේ සැමියාත් පියාත් පසුව පැමිණ ඇති අතර එක නැට්ටේ දෙහි ගෙඩිද අවශ්‍ය බව කියමින් ඔවුන් නැවත නිවසින් එළියට යැවූ කට්ටඩියාද කාන්තාව දූෂණය කර පසුව පලාගොස් ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.