Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
31
පිළිකා හැදුනු බිරිඳට නිතරම අතවර කළ නිසා මරා දැම්මා-අතුරුගිරියේවෑන් රථයක දී පොලිසියට හමුවූ සිරුරේ ඇත්ත කතාව

- පිළිකා හැදුනු බිරිඳට නිතරම අතවර කළ නිසා මරා දැම්මා-අතුරුගිරියේවෑන් රථයක දී පොලිසියට හමුවූ සිරුරේ ඇත්ත කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

දොළොස්‌ හැවිරිදි දැරියක්‌ අඹුකමට..

සැකකරුගේ ඥති දියණියටත් අතවර කරලා..

පසුගිය දා ඝාතනය කර පුළුස්සා රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසියට හසුවූ සිරුර සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මේ අබිරහස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඉදිරියේ තමන් මුහුණ දුන් ඒ අමිහිරි කතාන්දරයේ සුලමුල හෙළි කර ඇති අතර දිගු කාලීන අර්බුධයක තොරතුරු එහිදී හෙළිවී ඇතැයි වාර්තා වනවා.



ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන්නෙකි. ගාල්ල පෝද්දල උපන් ගම වුවද වික්‍රම පදිංචිව සිටියේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේය. ඒ තම මවුපියන් සමගයි.

මහරගම පාසලකින් අධ්‍යාපනය ලැබූ වික්‍රම පසුව කාර්මික විද්‍යාලයකින් වායු සමීකරණ අලුත්වැඩියාව පිළිබඳව හදාරනු ලැබුවා.

වික්‍රමට නාලිනීව මුණගැසෙන්නේ කාර්මික විද්‍යාලයට යන අතරතුරදීය. ඒ මීට විසි වසරකට උඩදීය.

නාලිනීගේ චාම් ගතිපැවතුම්වලට වික්‍රම ප්‍රිය කළ අතර පිළියන්දල මඩපාත පදිංචිව සිටි ඇය රැකියාවක්‌ කළේ නැත.

වික්‍රම නාලිනී විවාහය දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු වුණේ 1995 වර්ෂයේදී.

"පුතේ පෝද්දල අපේ ඉඩකඩම් බලා කියා ගන්න කවුරුත් නැහැ. උඹ මහගෙදර පදිංචියට පලයන්..." වික්‍රමගේ පියා උපදෙස් දුන්නේය.

පෝද්දල පදිංචියට යැම තම ජීවිත සහමුලින්ම විනාශ කරනු ලබන සිදුවීම වෙතැයි වික්‍රම හෝ නාලිනී මොහොතකටවත් සිතුවේ නැත.

1996 වර්ෂයේ පෝද්දල මහ ගෙදර පදිංචියට ගිය වික්‍රම, නාලිනී සමග අලුත් ජීවිතයක්‌ ආරම්භ කළේය.

වික්‍රම තම දරු දෙදෙනා සහ නාලිනී අතහැර විදේශ රැකියාවට යාම සඳහා 2010 වර්ෂයේදී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

වික්‍රමගේ සුන්දර කැදැල්ල විනාශ වී යන අර්බුධය පටන් ගන්නේ එතැන් සිටයි.

දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙමින් නාලිනී ඉතාම යහපත් ජීවිතයක්‌ ගත කළ අතර වික්‍රම හරිහම්බ කර එවන මුදලින් පෝද්දල මහ ගෙදර නවීකරණය කළේ ද නාලිනීමයි.

හිටි හැටියේම නාලිනීගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන්නට වූ අතර නාලිනීට පියයුරු පිළිකාවක්‌ වැළඳී තිබෙන බව දැනගත් දින සියලු ඥති මිත්‍රාදීන් කම්පාවට පත්වුණා.

"ඔයා දැන්ම රස්‌සාව අතහැරලා එන්න එපා. මම මේ වැඩ ටික කොහොම හරි කරගන්නම්. ඉදිරියේදී අපට වැඩිපුර සල්ලි ඕනෙ වෙයි. ඒනිසා දිගටම ඔයා ඉන්න."
වික්‍රම ආපසු ශ්‍රී ලංකාවට එන්නට උත්සාහ කළද නාලිනී එය වළකනු ලැබුවේ අනාගතය ගැන සිතාගෙනයි.

නාලිනී පදිංචි පෝද්දල නිවස ආසන්නයේ මවක්‌ සහ පුත්‍රයකු පදිංචිව සිටි අතර ඔවුන් නාලිනී සමග කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන සිටි බවයි පැවසෙන්නේ.

සුමනා නමැති එම කාන්තාව කපටි අයකු බව නාලිනී දැන සිටියේ නැත.

සුමනාගේ පුත්‍රයා ප්‍රසාද් ජනකය. යුද හමුදා විශේෂ බළකායේ වසර 7 ක්‌ සේවය කළ ප්‍රසාද් ජනක ඉන් පලා ආවේ උතුරේ යුද්ධය නිමවීමටත් පෙරයි.

රැකියාවක්‌ නොමැතිව නන්නත්තාර ජීවිතයක්‌ ගත කළ ප්‍රසාද් සොරකම් කරන්නට පටන් ගත් අතර මේ පාපතර ක්‍රියාවන්ට ඔහුගේ මවගෙන් ලැබුණේද සහායක්.

දිනක්‌ ප්‍රසාද් ජනක නාලිනීගේ නිවසට පැමිණ එහි ඉදිරිපස දොර වසා දමා ඇති බව පොලිසියට ලැබුණු තොරතුරු වල සඳහන් වනවා.

"ඇයි මල්ලියෙ මොකක්‌ද මේ කරන්න යන්නෙ"ප්‍රසාද් අත ගල්කටස්‌ ගිනි අවියක් තිබූ අතර කිසිවක්‌ නොපැවසූ ඔහු නාලිනී කාමරයට ඇද ගොස්‌ ඇගේ මුව තුළට ගිනි අවිය ඇතුළු කරනු ලැබුවා.

"උඹ මම කියන විදියට ඉන්න ඕනෙ. එහෙම නොකළොත් මම උඹවත් මරලා දරුවො දෙන්නවත් මරලා දානවා."ප්‍රසාද් මහා නරුමයකු බව නාලිනී තේරුම් ගත්තේ ඉන් පසුවය. එහෙත් ඒ වන විට ප්‍රමාද වැඩිය.

"මම ලෙඩෙක්‌ මට කරදර කරන්න එපා. මගේ මරණය කොයි වේලාවෙද නැහැ. ඇයි උඹ මට මෙහෙම කරන්නේ".

ප්‍රසාද් නමැති පාපතරයා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි නාලිනීට අතවර කර නාලිනී සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇත්තේ"උඹ මේ ගැන කාටහරි කියලා තිබුණොත් උඹේ දරුවො දෙන්න ගැන තියන ආසාව අතහැරගනින්." යනුවෙන්ද තර්ජනය කිරීමෙන් පසුවයි.

ප්‍රසාද් නමැති පාපතරයා සිදුකළ අපරාධයට ඔහුගේ මව වූ සුමනාද අනුබල දුන් බවයි පැවසෙන්නේ.

දොළොස්‌ හැවිරිදි දැරියක්‌ පැහැරගෙන ගොස්‌ අඹුකමට තබාගෙන සිටි මේ තිරිසනා ඇය ගැබිනියක කර තිබූ අතර දොළොස්‌ හැවිරිදි දැරිය ගැබිණියක වූ පසු ඇයට පහරදී නිවසින් පන්නා දැමීමට මොහු ක්‍රියාකර තිබුණා.

ගාල්ල ප්‍රදේශයේම වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන සිටි ප්‍රසාද් ඇයටද නිතර නිතර අතවර කරමින් මුදල් ලබා ගන්නට පුරුදුව සිටි බව පැවසෙනවා.

එතැන් සිට නාලිනීට මේ නරුමයාගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත.

වික්‍රම දහදුක්‌ විඳිමින් උපයා එවන සියලුම මුදල් ප්‍රසාද් කොල්ල කෑ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට තරම් මුදලක්‌ හෝ ඇයට ඉතිරිව තිබුණේ නැත.

මේ අතර නාලිනීගේ වැඩිමහල් පුත්‍රයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 10 ක්‌ ලබා ගනිමින් ඉහළින්ම සමත් වුවත් ඉදිරි අධ්‍යාපනය සඳහා මුදල් නොවූ නිසා නාලිනී ගාල්ලේ සංචාරක හෝටලයක පිඟන් සේදීමේ රැකියාවට ගියේ එදාවේල පිරිමසා ගැනීමට සොච්චම් මුදලක්‌ සොයා ගැනීම සඳහායි.

තමන් මුහුණපා සිටින මහා ෙ€දනීය තත්ත්වය කිසිවකුටත් නොකියා රහසක්‌ ලෙස තබා ගැනීමට නාලිනී හැම විටම උත්සාහ කළාය. ඒ දරුවන් දෙදෙනාට අනතුරක්‌ වෙතැයි දැක්‌වූ බිය නිසාය.

"මට තවත් මේ දේවල් උහුලන්න බැහැ. වික්‍රම ඌ මහ තිරිසනෙක්‌. මගේ ළඟ තියන හැම සතයක්‌ම කොල්ල කෑවා. මගේ ජීවිතේ විනාශ කළා. අහල පහල අය හිතාගෙන ඉන්නෙ මම ඒ තිරිසනා එක්‌ක පවුල් කනවා කියලා.මගේ ජීවිතේ කොයි වෙලාවෙද නැහැ. ඔයා පුළුවන් තරම් ඉක්‌මණට ආපසු එන්න. ඒත් මට බයයි මේ මිනිහා ඔයාවත් විනාශ කරලා දායි කියලා."නාලිනී හැඬූ කඳුළින් සියලු දේ වික්‍රමට ලියා යැවූ පසුව වික්‍රම ආපහු ලංකාවට පැමිණ තිබෙනවා.

වික්‍රම පෝද්දල නිවසට පැමිණියද ප්‍රසාද්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන අඩුවක්‌ නොවූ අතර නිතරම ගිනි අවියක්‌ හෝ අත් බෝම්බයක්‌ ඉනේ ගසාගෙන සිටින මේ නරුමයා සමග ආරවුලක්‌ ඇති කර ගැනීම භයානක බව වික්‍රම තේරුම් ගත්තා.

දිනක්‌ ප්‍රසාද් වික්‍රමගේ නිවසට කඩා වැදුණේය. එදින නාලිනී නිවසේ සිටියේ නැත. මේ ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ඇය පිළියන්දල නිවසට ගොස්‌ සිටියා.

"කෝ උඹේ ගෑනි, මම ආවෙ සල්ලි ටිකක්‌ අරගෙන යන්න. මට සල්ලි දීපන් නැත්නම් උඹවත් මෙතෙන බාවලා මේ ගේත් ගිනි තියලා දානවා."
ප්‍රසාද් තර්ජනය කර සිටියා.

"තමුසෙට දෙන්න මගෙ ළඟ සල්ලි නැහැ. අපේ පවුල විනාශ කරපු තිරිසනා බැහැපන් එළියට."වික්‍රමට කියන්නට ලැබුණේ එපමණයි. ඔහුට පහර පිට පහර වැදුණ අතර ඔහු පණ බේරාගෙන නිවසින් පැන පෝද්දල පොලිසිය වෙත දිව ගියා.

"සර්, අර තිරිසනා මට හොඳටම ගැහුවා තව ටිකකින් ඌ මගේ ගේත් ගිනි තියයි. මොනව හරි කරන්න" වික්‍රම පොලිසිය වෙත පැමිණිලි කළද ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.

අවසානයේ දී දැනගන්නට ලැබුණේ ප්‍රසාද් වික්‍රමගේ අලුත්ම නිවස ගිනි තබා මුළුමණින්ම විනාශ කර දැමූ බවයි. ඒ නරුමයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ වික්‍රම රෝහල්ගත කරනු ලැබුවා.

වික්‍රමගේ ජංගම දුරකථනයද ප්‍රසාද් එදින රැගෙන ගොස්‌ එහි තිබූ අංක කීපයක්‌ අතුරින් එක්‌ අංකයකට ප්‍රසාද් ඇමතුම් ලබා ගෙන තිබෙනවා.

ඒ වික්‍රමගේ ඥති දියණියක්. ඇය සිටියේ කටාන ප්‍රදේශයේ.

"වික්‍රම මාමා ඇක්‌සිඩන්ට්‌ වෙලා ගොඩක්‌ අමාරුයි. බේත්වගයක්‌ ගන්න සල්ලි ඕනෙ. සල්ලි අරගෙන පුළුවන් තරම් ඉක්‌මනට කොළඹට එන්න."ප්‍රසාද් ඇයට කියා ඇත්තේ එවැන්නක්.
වික්‍රමගේ ඥති දියණිය මුලා කළ ප්‍රසාද් ඇය කොළඹට ගෙන්වා ගත් අතර රන් ආභරණ කීපයක්‌ ද උකස්‌ කර ලබාගත් මුදල් ඇය සතු වුණා.

කොළඹදී ඥති දියණිය ත්‍රිරෝද රථයක නන්වාගත් ප්‍රසාද් ඇය හෝටලයකට රැගෙන ගියේය.

එහිදී ඇයට අතවර කළ මේ නරුමයා ඇය සතුව තිබූ මුදල් ද කොල්ල කා තිබෙනවා.

දින තුනක්‌ තිස්‌සේ හෝටලයේ කාමරයක සිරකරගෙන සිටි තරුණිය ආපසු පිටත් කර හැරියේ නැවත මුදල් සොයාගෙන එන පොරොන්දුව මත බවයි පැවසෙන්නේ.

මේ අපරාධ සියල්ල සම්බන්ධයෙන් පොලිස්‌ පොත්වල සටහන් වී තිබුණද ප්‍රසාද් අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව තිබුණේ නැත. ප්‍රසාද් සූක්‍ෂම ලෙස පොලිසිය මගහරිමින් මේ අපරාධ නොනවත්වාම කරන්නට වුණා.

පිළියන්දල නිවසේ සැඟවී සිටි නාලිනී බලෙන් ගෙන්වා ගත් ප්‍රසාද් ඇය රැගෙන හබරණ ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා.

"මම උඹේ මුළු පවුලම විනාශ කරනවා. මට කොහෙන් හරි සල්ලි හොයලා දෙන්න ඕනෙ. මට දැන් ජීවත් වුණත් එකයි නැතත් එකයි. ඒ නිසා මම කියන විදිහට වැඩ කරපං....."
ප්‍රසාද් නාලිනීට තර්ජනය කරමින් දින කීපයක්‌ තිස්‌සේ හබරණ හෝටලයේ රඳවාගෙන සිටි අතර ප්‍රසාද් දිගින් දිගටම ඇයට අතවර කර තිබෙනවා.

"අපි දැන් මොකද කරන්නෙ වික්‍රම, මේ පාහරයගෙන් අපට කිසිම ගැලවීමක්‌ නැහැ. මූ කොයි වෙලාවක හරි අපි සේරම මරලා දානවා."
ගැලවී පැමිණි නාලිනී වික්‍රමගේ දැත් අල්ලාගෙන හඬා වැටෙන්නට වුණා.

"මම කොළඹ යනවා"
නාලිනී වික්‍රමගෙන් සමුගෙන නිවසින් පිටවූවත් ඇය කොළඹ ගියේ නැත. දන්න හඳුනන අයකුගේ නිවසට ගොස්‌ දින කීපයක්‌ සැඟවී සිටින්නට ඇය සැලසුම් කළා. ප්‍රසාද් දිගින් දිගටම ඇයට දුරකථනයෙන් කතා කර තර්ජනය කරන්නට වුණේ මේ අතරයි.

"මම යනවා උඹලගෙ අතුරුගිරියෙ ගෙදරට, එහෙට ගිහින් උඹලගෙ සනුහරේම නැති කරලා දානවා."
ප්‍රසාද් නාලිනීට දුරකථනයෙන් තර්ජනය කරමින් කියා ඇති අතර මේ පාපතරයා කොයි මොහොතක හෝ පිළියන්දල තම නිවසට යනු ඇතැයි නාලිනී සිතුවා.

ඇය පිළියන්දල නිවසේ සිටින තම සොහොයුරාට කතා කර අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නාය.

පසුගිය 23 වැනිදා සවස ප්‍රසාද් පිළියන්දල පිහිටි නාලිනීගේ නිවසට පැමිණි අතර එහි සිටියේ නාලිනීගේ බාල සොහොයුරායි.

"කෝ උඹලගෙ අක්‌කා. මට එයත් එක්‌ක බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනවා. එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් නාලිනීගේ සොහොයුරාට තර්ජනය කර තිබෙනවා.

එහෙත් ඒ වනවිට වික්‍රම තම මස්‌සිනාද සමග පිළියන්දල නිවසට එමින් සිටි අතර වික්‍රම දුටු වහාම ප්‍රසාද් කලබල වූ බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

"මට උඹත් එක්‌ක ගනුදෙනුවක්‌ නැහැ. කෝ මගේ සුදු හාමිනේ එයා ඉන්න තැන කියපං...."ප්‍රසාද් වික්‍රමට කියන්නට වුණා.

නිවස අසල ගරාජයේ තිබූ යකඩ පොල්ලක්‌ වික්‍රමගේ අතට හසුවූ අතර කෝපය පාලනය කරගත නොහැකිව සිටි වික්‍රම එක වරම ප්‍රසාද්ගේ පිටට පොලු ප්‍රහාරයක්‌ එල්ල කර තිබෙනවා.

ප්‍රසාද් බිම ඇද වැටුණු අතර පොලු පහරින් අවසන් ගමන් ගිය බව දුටු වික්‍රම දැඩිලෙස කලබලයට පත් ව පාලු ස්‌ථානයකදී ප්‍රසාද්ගේ සිරුර ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දර තිබෙනවා.

එහෙත් ඔවුන් අවසානයේ තීරණය කළේ අඩක්‌ පිළිස්‌සුනු සිරුර කොහේ හෝ රැගෙන ගොස්‌ දමා පලා යැමටයි.

ඒ උත්සාහය ව්‍යර්ථ වුණේ අතුරුගිරිය පොලිසියේ නිලධාරින්ගේ දක්‍ෂතාව නිසායි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top