කොළඹ නගරයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරියේදී පැයට කිලෝමීටර් 6ක් දක්වා අඩු වනු ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ප්‍රවාහන විශේෂඥ අමල් කුමාරගේ මහතා පවසනවා.
මේ නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සීමා කිරීමට ද තීරණය වී තිබෙනවා.
ස්වයං සීමාකරණයකට යටත් කළ හැකි පරිදි මහා පරිමාණ සැලැස්මක් මේ වන විට සකසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධව විද්වත් සමුළුවක් පසුගිය 25, 26 දෙදින පැවැත්වී ඇතැයි සඳහන්.
ඒ අනුව ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිතයි.
කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන කේන්ද්‍රය ඉදි කිරීමට සැළසුම් කර ඇති අතර දුම්රිය සේවය ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට ද නියමිතයි.