Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
ඉස්කෝලේ LOVE එක මඟුල් පෝරුවටම අරන් ආපු චන්දිමාල්ගේ ආදර අන්දරය

- ඉස්කෝලේ LOVE එක මඟුල් පෝරුවටම අරන් ආපු චන්දිමාල්ගේ ආදර අන්දරයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

චන්දිමාල් මාව අත්හැරියේ නැහැ..
විවාහයත් එක්ක දක්ෂතා නැති වෙයි ද..

ක්‍රිකට් පිටියේ නමක් රැන්දූ දිනේෂ් චන්දිමාල් අවුරුදු අටක ප්‍රේම සම්බන්ධතාවකින් මැයි පළමුවැනිදා විවාහ දිවියට පිවිසුණා. තරුණියන්ගේ සිහින කුමාරයෙක් වුණ දිනේෂ් චන්දිමාල් අතිනත ගත්තේ ඉෂිකා ජයසේකර ගේයි. ඔවුන්ගේ අලුත් ජීවිතයේ තොරතුරු මාධ්‍යට හෙළිකර තිබුණු ආකාරයයි මේ.



මුලින්ම කතාබහට එකතු වුණේ දිනේෂ්ගේ සහකාරිය ඉෂිකා ජයසේකර

දිනේෂ් චන්දිමාල්ගේ ආදරය ඔබට දැනෙන්නෙ කොයි කාලෙද ?

අපි දෙන්නා හඳුනා ගත්තේ මීට අවුරුදු දහයකට කලින්. මේක පාසල් ප්‍රේමයක්. ඒ ආදරය ඒ විදිහටම අදටත් තියෙනවා. අපිට විවාහ වෙන්න පුළුවන් වුණේ චන්දිමාල් මට දුන්න ආදරේ ඒ විදිහටම තිබුණ නිසයි. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ජාත්‍යන්තරයට යද්දී, ජනප්‍රිය වෙද්දිවත් චන්දිමාල් මාව අත්හැරියේ නැහැ. කොයි තරම් කාර්යබහුල වුණත් මට දුන්න ආදරේ ඒ විදිහටම දුන්නා. මුල් කා‍ලේ පුහුණුවීම් ඉවර වුණු ගමන් තරග ඉවර වුණු ගමන් කොහේ හිටියත් එයා මට කතා කරනවා. එයාගේ කාර්යබහුලකම මම තේරුම් අරගෙන හිටියේ වයසින් මුහුකුරා යනකොට. ඒ නිසා අපි අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණා. ඒ තේරුම් ගැනීමත්, විශ්වාසයත් තමයි අද අපි දෙන්නාව එකතු කළේ. ඒ ගැන ඇත්තටම මට නම් පුදුමාකාර සතුටක් තියෙනවා. ගැහැනු ළමයෙක් කියන්නේ ලස්සන මනමාලියක් වෙන්න හීන දකින කෙනෙක්. ඒ හීනය අද මම සැබෑ කරගත්තා.

පුද්ගලික ජීවිතේට වැඩි කාලයක් යොමු කරන්න බැරි තරම් කාර්යබහුල ජිවන රටාවක් ගතකරන කෙනෙක් චන්දිමාල් කියන්නේ. කොහොමද ඉෂිකා චන්දිමාල් නැතුව විවාහ මංගල උත්සවය සාර්ථක කරගන්න සැලසුම් කළේ?

පසුගිය කා‍ලේ චන්දිමාල් ලෝක කුසලානයත් එක්ක කාර්යබහුල වුණා. අපි විවාහ වෙනවා කියලා තීරණය කරලා තිබුණාට ඒ කවදාද කියලා දිනයක් තිබුණේ නැහැ. හදිසි තීරණයකින් මාස හයක් තියෙද්දී තමයි අපි විවාහ වෙමු කියලා හිතුවේ. මාස හයකට කලින් හොටෙල් එක විතරයි බුක් කළේ. ඊට පස්සේ මාස දෙකක් තියෙද්දී ප්‍රසාදි තමන්නේගමට හා දක්ෂිණ තමන්නේගමට වෙඩින් එක සැලසුම් කරන්න දුන්නා. එයා තමයි හැමදේම හරියට සැලසුම් කළේ. ඒක ලොකු පහසුවක් වුණා.

මංගල උත්සවයේ තේමාව වුණේ කහ වර්ණය. ඊට විශේෂත්වය මොකක්ද?

චන්දිමාල් තමයි මංගල උත්සවයේ තේමාව තේරුවේ. එයා කහ වර්ණයට ආසයි. පහුගිය කා‍ලේ හුඟක් උත්සවවල එක එක වර්ණ භාවිත කරලා තිබුණා. ඒත් කහ වර්ණය කවුරුත් භාවිත කළේ නැහැ. ඒක වෙනසක් නිසා අපි කහ වර්ණයෙන් හැමදේම සැලසුම් කළා.

චන්දිමාල්ගේ කාර්යබහුලකම එක්ක පවු‍ලේ වගකීම ඉෂිකාට ගන්න වෙනවා. ඒ වගකීම ඉෂිකාට කරදරයක් ‍නෙවෙයිද?

විවාහය කියන්නේ වගකීමක්. ඒත් චන්දිමාල් කියන්නේ හොඳ පුද්ගලයෙක්. එයා මට හොඳ සැමියෙක් වෙයි. විවාහ වෙන්න කලින් එයා ලංකාවේ හිටියොත් උදේට අනිවාර්යයෙන්ම මාව මම ඉගෙනගන්න අධ්‍යාපන ආයතනයට ගිහින් දැම්මේ එයා. එහෙම පවු‍ලේ වැඩකටයුතු කර අරින කෙනෙක් ‍නෙවෙයි. ඒ නිසා මට ලොකු වගකීමක් දැනෙන්නේ නැති වෙයි. කොහොම වුණත් මම හිතන්නේ නැහැ පවු‍ලේ වගකීම් බරක් කියලා.

චන්දිමාල්ගේ පවු‍ලේ අය ඉෂිකාට හුඟක් සමීපයි නේද?

ඔව්. චන්දිමාල්ගේ මල්ලිලා හතරදෙනා මගේ මල්ලිලා වගෙයි. අම්මයි, තාත්තත් එහෙමයි. ඒ පවුලට දුවෙක් නැහැ. ඒ නිසා ඒ අයට මාව දුවෙක්. පවුලට එකතුවුණු පළමුවැනි ‍ලේලි නිසා මට සැලකිලි වැඩියි. චන්දිමාල් ලංකාවේ නැති කා‍ලේ ලොකු මල්ලිලා දෙන්නා තමයි මම කොහේ ගියත් මාත් එක්ක යන්නේ. හරියට බොඩිගාර්ඩ්ලා වගේ. චන්දිමාල්ගේ අම්මා එක්ක මම ක්‍රිකට් බෝඩ් එකට යද්දී හුඟදෙනෙක් අහන්නේ මේ ඉෂිකාගේ අම්මාද කියලා. අපි දෙන්නා ටිකක් එක වගේ. මගේ ගම ඇල්පිටිය. මගේ අම්මා නියෝජ්‍ය විදුහල්පතිනියක්. තාත්තා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. මට ඉන්නේ අක්කා කෙනෙක්. ඇය ගුරුවරියක්, විවාහකයි. මේ අය හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා නිතරම මාත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. ඒ අඩුව මට දැනෙන්න චන්දිමාල්ගේ පවු‍ලේ අය ඉඩදුන්නේ නැහැ. ඒ තරම් ඒ පවුල මට සමීපයි.

චන්දිමාල් වගේ ජනප්‍රිය කෙනෙක්ගේ බිරිඳ වීම ගැන ආඩම්බරද?

චන්දිමාල්ගේ බිරිඳ වීම ගැන සතුටු වෙනවා. චන්දිමාල් කියන ක්‍රිකට් ක්‍රීඩකයා මට හම්බවෙන්නේ මම ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ. ඒ නිසා මට වටින්නේ චන්දිමාල් කියන පුද්ගලයා මිසක් ක්‍රිකට් ක්‍රීඩකයා ‍නෙවෙයි. නමුත් ඔහුගේ හැකියාව, දක්ෂතා ගැන මම හුඟක් සතුටු වෙනවා.

දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය බිරිඳ ඉෂිකා ජයසේකරගේ කතාබහෙන් අනතුරුව අලුත් මනාල මහත්මයා වුණු චන්දිමාල්ව අපේ කතාබහට එකතු කරගත්තා. විවාහ ජීවිතයේ සතුට ගැන ඔහුගේ අදහස මුලින්ම අපට කිව්වේ මෙලෙසිනුයි.

‘‘මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් මනුස්සයෙක්. හැම මනුස්සයෙක්ටම හීන තියෙනවා. මටත් හීනයක් තිබුණා විවාහ ජීවිතයක් ගත කරන්න. ඒත් මම හිතුවේ නැහැ අවුරුදු විසිපහේදි විවාහ වෙන්න. අපි විවාහය සැලසුම් කළේ අවුරුදු විසිහතේදි විවාහ උත්සවය ගන්න. ඒත් දවසින් දවස ක්‍රීඩකයෙක් හැටියට කාර්යබහුල වෙද්දී ඉක්මනින් විවාහ වෙන්න තීරණය කළා. හේතුව මට නිතරම ඉෂිකාව මග හැරෙනවා. විවාහ වුණා නම් එයාට මාත් එක්ක ඉන්න පුළුවන්. ඒක එයාටත් හොඳයි. ඒ නිසා අපි විවාහ වුණා. ඒක ඇත්තටම පුදුමාකාර සතුටක් ගෙනදෙන දවසක් වුණා. තනි ජීවිතේට සමුදුන්නා. තනියම ඉන්නකොට තනිකම දැනෙනවා වැඩියි.

ඉෂිකා කියන්නේ ඔබට සමීප චරිතයක්. ඇය ගැන ඔබට දැනෙන හැඟීම කොයි වගේද?

මම ඉෂිකාව දන්නේ පුංචි කා‍ලේ ඉඳලා. ඒ කා‍ලේ ඉඳලා එයා මට හුඟක් උදව් කළා. අදටත් මම ගැන හොයලා බලනවා. පෙම්වතියක්, බිරිඳක් විදිහට ඇය මට සමීපයි. එයා වගේ කෙනෙක් ලැබුණ නිසා කාර්යබහුල මගේ ජීවිතේට සැහැල්ලුවක් දැනෙනවා නිතරම මම ගැන හොයලා බලන නිසා.

විවාහයත් එක්ක හුඟක් ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂතා අතින් පසුබසින බවට මතයක් තියෙනවා. චන්දිමාල්ගේ දක්ෂතාත් යට යයිද?

අපි ක්‍රීඩකයෝ. ඇත්ත. ඒත් ක්‍රීඩාව ගැන හිතලා පුද්ගලික ජීවිතේ මග අරින්න බැහැ. විවාහ නොවී ඉන්න බැහැ. මිනිස්සු හැටියට ඒ දේවල් අපිට ඕන. ඒත් විවාහය නිසා දක්ෂතා යට යනවා කියලා විවාහයට ඇඟිල්ල දික් කරන එක සාධාරණ නැහැ. දක්ෂතාව මතු කරගන්න එක තියෙන්නේ ක්‍රීඩකයාගේ අතේ. පසුගිය වර්ෂ දෙකේදි මගේ දක්ෂතා අඩුවීමක් තිබුණා. නමුත් මම දැන් සුපුරුදු දක්ෂතා අතරේ ඉන්නවා. විවාහය මගේ දක්ෂතාවලට බාධාවක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක මතයක් විතරයි. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top