හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ රැස්වීමකට ගිනි අවියක්ද රැගෙන පැමිණිනාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයා බව කියන යුද හමුදා කෝප්‍රල්වරයාව බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කළ බවත් ඒ අනුව 02දා යුද හමුදා කොමාන්ඩෝ බලකායට අනියුක්තව සේවය කරන සේනක කුමාර නම් හමුදා කොප්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
සැකකරු එදිනම අගූණකොල පැලස්ස මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කර තිබෙන අතර ඔහු ලබන 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
මෙම රැස්‌වීමේ සියලු ආරක්‍ෂක විධි විධාන භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්. එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්‌ඩායමක් විසින්.
සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා සහභාගි වන උත්සවයකට ආරක්‍ෂාව ලබාදීමේ කාර්ය සම්පූර්ණයෙන් පැවරෙන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශය වෙතයි.
මේ අවස්‌ථාවේදී එම උත්සව භූමියේ ඇමැති ආරක්‍ෂකයන්, අගමැති ආරක්‍ෂකයන්, අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් සිය කාර්ය භාරයෙන් ඉවත් වී සියලුම ආරක්‍ෂක කාර්ය ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාර දිය යුතු වනවා.
පරීක්‍ෂාවකට ලක් නොවී යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු රැස්‌වීම් ශාලාව තුළට ඇතුළු වන අයුරු පොලිස් විශේෂ කාර්යබළකායේ නිලධාරියකු දැක ඇත.
ඒ වනවිට කොමාන්ඩෝ සෙබළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයටම ගොස් සිටි බවයි පැවසෙන්නේ.
කොමාන්ඩෝ සෙබළාගේ කලිසමේ දකුණු සාක්‌කුවේ තිබුණේ වතුර බෝතලයක්.
වම් සාක්‌කුවේ තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝලය දැකීමෙන් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් අන්දමන්ද වී තිබෙනවා.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත් කොමාන්ඩෝ සෙබළා වහාම ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාර දී තිබෙනවා.
"මෙයා නාමල් බේබිගේ බොඩිගාර්ඩ්නේ.."ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් මේ සිදුවීම සැලකුවේ ඉතාම සැහැල්ලුවෙන් බවයි පැවසෙන්නේ.
හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයා වහා නිදහස් කර යෑවීමට ජනාධිපති ආරක්‍ෂක අංශය කටයුතු කළේ ඒ උපදෙස්‌වලට අනුවයි.