ලොව ජනප්‍රියම විවාහ උත්සවය සිදුවූවේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතරයි.ඔවුන්ගේ දරුවන් ලෙස ලොවම දන්නේ විලියම් කුමරු සහ හැරී කුමරුයි.
එහෙත් මේ දෙදෙනාට අමතරව ඩයනාගේ තවත් දියණියක පිළිබඳව අමෙරිකාවේ Globe සඟරාව හෙළිකර තිබෙනවා.
සාරා නම් එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවනවා.
විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ ඇය හමුවී තිබෙනවා.
මේ සාරාගේ පියා කවුද යන්න ඔබටත් ප්‍රශ්ණයක් වන්නට ඇති.චාල්ස් කුමරු ද?...නැත්නම් කවුද? ..
ඇගේ උපත පිළිබඳව Globe සඟරාව දක්වා ඇත්තේ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසයි.
ඩයනා 19 වැනි වියේ පසුවෙද්දී චාල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා තිබෙනවා.
පසුව එය දැරියක බිහිවන කළලයක් බව හඳුනා ගැනීම නිසා කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව සඟරාව සඳහන් කර තිබෙනවා.
එම කළලය විනාශ නොකළ අදාළ වෛද්‍යවරයා එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කර ඇති අතර සාරා නමැති දැරිය බිහි වී ඇත්තේ ඒ අනුව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඩයනාගේ දියණියක් වෙනත් මවකට දාව ඉපදුණු මේ කතාවේ ඇත්ත දන්නේ අදාළ වෛද්‍යවරයා පමණයි.
