ත්‍රිරෝද රථ සඳහා නව නීති ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.
ගමන් කරන ජනතාවට වඩා ආරක්‌ෂාකාරී, සාධාරණ හා කාර්යක්‌ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.
අසාධාරණ ගාස්‌තු අයකිරීම්, අපරීක්‌ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය, බොහෝ ත්‍රිරෝද රථවල මීටර් සවිනොකිරීම, සවිකර ඇති මීටර් වංචනික ලෙස වෙනස්‌කිරීම, විවිධ අපරාධ සඳහා ත්‍රිරෝද රථ භාවිත කිරීම ආදී චෝදනා රැසක් මේ වන විට ත්‍රිරෝද රථ කර්මාන්ත ක්‌ෂේත්‍රය වෙත එල්ල වී තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යංශය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එක්‌ව වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිතයි.
මේවන විට ලංකාවේ ධාවනය වන ත්‍රිරෝද රථ ගණන ලක්‌ෂ නවයක් පමණ වනවා.