පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 260 දක්‌වා වැඩි කෙරෙණ නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය විසින් සකස් කර තිබෙනවා.
විපක්‌ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්දෙනකු විසින් සම්පාදනය කළ එම කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය ලෙස සැලකෙනවා.
දැනට පවත්නා සමානුපාත හා කේවල ඡන්ද ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස මෙම කෙටුම්පත සකසා ඇති බවයි පැවසෙන්නේ.
165 දෙනකු ආසන මට්‌ටමින්ද, මනාප ක්‍රමය යටතේ 66 දෙනකු ද ජාතික ලැයිස්‌තුවෙන් 29 දෙනකු ද වශයෙන් මන්ත්‍රීන් 260 දෙනකු ඔවුන්ගේ කෙටුම්පතට අඩංගුයි.
මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කොමිසමක් තුන් මාසයකින් පත්කරන ලෙසද එම කෙටුම්පත යෝජනා කරන අතර ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන පස්‌දෙනකු ඇතුළත් එම කමිටුව ජනපති විසින් පත් කළ යුතු බවද ඔවුන් පවසනවා.