තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයාව කොණ්ඩෙන් අල්ලා ගෙන පොලිසියට ගෙන ගිය මේ පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
විසි හැවිරිදි පදන්‍යා මන්දාරේ නැමැති ඇය මහාරාශ්ඨ ප්‍රාන්තයේ විද්‍යාලයක මාධ්‍ය හදාරන ශිෂ්‍යාවක්.
පන්ති අවසන් වී සවස දෙකයි තිහට පමණ ඇය දුම්රියපළට පැමිණියේ නිවසට යෑමේ අදහස ඇතිවයි.
දුම්රිය එන තෙක් එහි බංකුවක වාඩි වී සිටි ඇය දුම්රිය එනවා දැයි සෝදිසි කිරීම සඳහා යළි බංකුවෙන් නැගී සිටියා.
ඒ සමඟම කිසියම් පුද්ගලයකු දුවවිත් ඇයව බදා ගත්තා.
මෙම අනපේක්‍ෂිත බදාගැනීමෙන් තැතිගත් ඇය තමන් වැළඳගත් පුද්ගලයා වැරෙන් තල්ලු කර දැම්මා.
ඇය අසල සිටියේ බීමතින් පසු වූ කාමාතුරයෙක්.
වැනි වැනි සිටි සල්ලාලයා යළිත් ඉදිරියට පැන ඇයව බදා ගත්තා.
ඇය සල්ලාලයා සමඟ පොර බදිමින් ආධාර ඉල්ලා කෑ ගැසුවත් විශාල පිරිසක් ඒ අසල රැඳී සිටිමින් නිහඬව ඒ දෙස බලා සිටියා.
පදන්‍යා මන්දාරේ ආත්මාරක්‍ෂාව සඳහා තරමක් දුරට කරාටේ සටන් ක්‍රමය හදාරා තිබිණ. මේ සල්ලාලයාගෙන් ගැලවීමට නම් ඔහු මෙල්ල කළ යුතු යෑයි සිතූ ඇය අතේ වූ බෑගයෙන් ඔහුට පාරවල් කීපයක්‌ම එල්ල කළා.
බෑගයෙන් පහර දී ඔහු මෙල්ල කිරීමට බැරි බව දැන ගත් ප්‍රඩියා කරාටේ පහරවල් කීපයක්‌ම ඔහුගේ මුහුණට එල්ල කළා.
බීමත්ව සිටි සල්ලාලයා එම පහර කා බිම ඇද වැටුණා.
තරුණිය කළ මේ වීර ක්‍රියාවට අවට සිටි පිරිසගෙන් ලැබුණේ නිහඬ පිළිතුරක්.
ඔවුහු ගල් ගැසී එදෙස බලා සිටියා මිස වචනයක්‌වත් කතා කළේ නැහැ.
තමන් විනාශ කිරීමට පැමිණි සල්ලාලයා මෙල්ල කළ ප්‍රඩියා ඔහුගේ හිස කෙස්‌වලින් අල්ලාගෙන ඔහු පොලිසිය වෙත ඇද ගෙන ගියා.
පදන්‍යාට අතවර කිරීමට සූදානම් වූ සල්ලාලයා කවුදැයි පොලිසිය හඳුනා ගත්තා.
චාවන් චවුඩ් නමැති මොහු බේබද්දෙකු පමණක් නොව, මත්කුඩු උරන්නකු බව ද පොලිසිය කියා සිටියා.
මීට ඉහතදී ද ඔහු තරුණියන් කීපදෙනෙකුටම අතවර කළ පොලිසියට අසුනොවී කට්‌ටි පනිමින් සිටි සල්ලාලයක්.
මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයට ඇය කළේ මෙවැනි ප්‍රකාශයක්.
"මං වීරවරියක් කියල හිතන්නේ නැහැ. නමුත් මං කොහොම හරි මේ පුද්ගලයා මෙල්ල කළා. අපි අපේ ශක්‌තිය යොදල මෙවැනි අවස්‌ථාවලදී ඔවුන් මෙල්ල කර ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම නොකරන තරුණියන් තමයි මෙවැනි මැරයන්ගේ අතවරයන්ට ලක්‌වෙන්නේ."
තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයකු මෙල්ල කොට පොලිසියට බාරදුන් මේ ශිෂ්‍යාව අද පොලිසියේ පමණක් නොව බලධාරීන්ගේ ද ප්‍රශංසාවටත් කතාබහටත් ලක් වී සිටිනවා.