අයි.සී.සී. සභාපතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දෝෂ දර්ශනයට ලක් කරනු ලබනවා.
තමන් අතුරු කමිටුවක් පත් කළේ මෙරට නීතියට අනුව බවත් එම අතුරු කමිටුව පිළිගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට නොහැකි නම් එය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්නයක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට තමන් සූදානම් වන්නේ අයි.සී.සී. ය විසින් නව ක්‍රිකට් අතුරු කමිටුව පිළිගන්නේ නම් පමණක් බව ද නවීන් දිසානායක මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් අතුරු කමිටුව පත් කළේ මෙරට නීතියට අනුව බවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් අතුරු පාලක කමිටුව මගින් අයි.සී.සී. ව්‍යවස්ථාවේ ඇති නිදහස් නිලවරණයක් තුළින් ක්‍රිකට් පරිපාලකයින් පත්කරගත යුතු බවට වන වගන්තිය උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලිය යුතු බවට පෙරේදා රැස් වූ ජගත් ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව තීරණය කළා.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය යුතු බවත් එහිදී වැඩිදුරටත් තීරණය වුණා.
එමෙන්ම අදාළ කරුණු පැහැදිලි කිරීම සදහා සතුටු දායක පිළිතුරක් ලැබෙන තෙක් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මීළග මූල්‍ය ප්‍රදානය තාවකාලිකව අත්හිටුවන්නටත් ජගත් ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව තීරණය කළා.