Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"ගෝඨයිම්බර යෝධයාගේ පහරින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන්වුණා" - වසර දෙදහස් ගණනක අතීතය ගැන නිහඬවම සාක්ෂි සපයන රිටිගල කන්ද - Photos

- "ගෝඨයිම්බර යෝධයාගේ පහරින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන්වුණා" - වසර දෙදහස් ගණනක අතීතය ගැන නිහඬවම සාක්ෂි සපයන රිටිගල කන්ද - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

පණ්ඩුකාභය සිය මාමාවරුන් සමඟ සටන් කරද්දී රිටිගල ප්‍රධාන මධ්‍යස්ථානය හැටියට භාවිතා කළා......

රාවණ විසින් රාමාගේ බිසව වූ සීතා පැහැරගෙන විත් සැඟවූවා.......

රිටිගල පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක ඓතිහාසික නටබුන් භූමියකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටිගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමියකින් යුත් මෙම වන පෙදෙස හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර ප්‍රදේශයේ පැතිර ඇත.

රිටිගල, ඖෂධ කන්ද කොඩිගල කන්ද උණ කන්ද ආඬියා කන්ද පළතුරු කන්ද අමරාපති කන්ද උල්පත් කන්ද යන පරිවාර කඳු හතක් වට කරගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටිගල හඳුන්වනු ලබන අතර අනුරාධපුරය, දඹුල්ල හා සීගිරිය රිටිගලට ආසන්නව පිහිටා ඇත.


මහාවංශය හා වෙනත් වංශකතාවන් හි සඳහන් අරිට්ඨගාම, අරිට්ඨ පබ්බත යනු රිටිගලම බව පැහැදිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනුවෙන් හැඳින්වූ මෙම භූමිය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුරටත් එය තහවුරු වේ. 11 වැනි සියවසට පෙර සිටම රිටිගල, ආරණ්‍යවාසී භික්‍ෂූන් වාසය කළ සේනාසන සංකීර්ණයකි. චෝල ආක්‍රමණ හේතුවෙන් මෙම ආරණ්‍ය සේනාසනය කිසිවෙකුගේ අවධානට ලක් නොවී වල් බිහි වන්නට විය.


රිටිගල නාඋල්පත කොටසේ ගිරිලිපි අතර “අරිටෙ“ යනවෙන් හා වේවැල්තැන්නේ “අරිට මහගම“ යනුවෙන් සඳහන්ව ඇත. රිටිගල යනු වචන දෙකකින් යුත් පදයකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂාවෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභිලේඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍රමසිංහ විසින් රිටිගල යන්නෙහි නිරුක්ති කිහිපයක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්වචනයකින් ම කන්දේ සුවිශේෂි ලක්ෂණ නිරූපණය කොට ඇත.

එසේම රිටිගල සම්බන්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අදහස් වෙන බැවින් කළුගල් පර්වතය යන අදහසින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳහන්ය. තවත් මතයක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආරක්ෂාව’ යන අරුත් ඇති පදයක් වන බැවින් රිටිගල යනු ආරක්ෂක පර්වතයකි.

ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී බෙල් සඳහන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආරක්ෂීත ගල යන්නය. රජවරුන්ට මෙන් ම හොරුන්ට ද ආරක්ෂිත ස්ථානයක් ලෙස රිටිගල පැවති බව චූලවංශයේ ද සඳහන්වේ.එච්.සී.පී බෙල්, රිටිගල කන්දේ කරන ලද ගවේෂණ පදනම් කරගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳුනාගෙන ඇත.

දිග රිට යන අර්ථයයෙන් ද රිටිගල හැඳින්වේ. එසේ ම රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි. මහානාම හිමි විසින් මහාවංශයේ රිටි (අරිට්ඨ) භයානක යන්න හැඟවීමට යොදන්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනින්දෝරුවකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේෂණ හේතුකොට ගෙන වනගතව පැවති රිටිගල ලෝක ප්‍රජාවගේ අවධානයට යොමු විය. කඳු මුදුනෙහි ත්‍රිකෝණමිතික ස්ථානයක් ඔහු විසින් පිහිටවනු ලද අතර රිටිගල නටබුන් ඇසුරින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකාශයට පත්විය.

එය ප්‍රථම වරට රිටිගල නටබුන් සම්බන්ධ වූ වාර්තාවයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහොයුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටිගල චාරිකාවක නිරතව වාර්තාවක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩවුඩ් නම් රජයේ මිනින්දෝරු විසින් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට රිටිගල නටබුන් පිළිබඳ ව සවිස්තර සටහනක් පළ කරනු ලැබීය.

රිටිගල පිහිටි වෘක්ෂලතා පරීක්ෂා කොට ඒවායේ එකතුවක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යාඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතුවර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යාඥයෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටිගල නරඹා ඊට අදාළව සකස් කළ ලිපිය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛා සඟරාවේ පළවිය.

හෙන්රි ට්‍රීමන් පවසන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලාපවල වෘක්ෂලතා අනෙක් කඳුකර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටිගල කාලගුණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලාපීය ප්‍රදේශයට වඩා අධික වර්ෂාවක් ඊසාන දිග මෝසම් සුළඟින් ලැබේ.

එමෙන් ම විශේෂයෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදුවන අධික වාෂ්ප ඝණීභවනය වීම හේතුවෙන් පහළ තැන්නේ නියං තත්ත්වයක් ඇති වුව ද රිටිගල කන්දේ පස තෙතමනයෙන් යුක්තය. 1922 දි රිටිගල වෘක්ෂලතා පිළිබඳ අධ්‍යයනය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘතියෙන් වෘක්ෂලතාවන්ගේ භූගෝලීය ව්‍යාප්තිය පිළිබඳව න්‍යායක් ඉදිරිපත් කරන ලදී. ලංකාවට ම ආවේණීක උද්භිද වර්ග 3 ක් රිටිගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳහන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහියර් විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථයෙන් රිටිගල පිහිටි වාරි පද්ධතිය ඉතා සුවිශේෂි නිර්මාණයක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැසට්‌ නිවේදනය නිකුත් කරමින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේශය දැඩි ආර­ක්‍ෂිත කලාපයක්‌ බවට එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකාශයට පත් කරන ලදී.

1960 දි ඔහුගේ මූලිකත්වය යටතේ රිටිගල පුරාවිද්‍යාත්මක කටයුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහිටුවන ලද සංස්කෘතික ත්‍රිකෝණය (මධ්‍යම සංස්කෘතික අරමුදල) ආරම්භ වීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව එහි කැණීම් හා සංරක්ෂණය කරන්නට විය.

රිටිගල ආශ්‍රිත ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු අතර රාම - රාවණ පුවත පුමුඛස්ථානයක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දියාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූයේ රිටිගල යැයි ව්‍යවහාරයේ ඇත.

ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගාතුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනුමන්තා හිමාලය වනයට ගොස් සෙවු ඖෂධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමාලය කන්දෙන් කොටසක් කඩාගෙන පැමිණි බවත් එයින් කොටසක් කැඩි ගොස් රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වූ බවත් එමෙන්ම රූමස්සල හා දොළුකන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජනප්‍රවාදයේ කියවේ.

එමෙන් ම දුටුගැමුණු රජතුමාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දසමහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර හා රිටිගල අරක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්පතියෙක් වු රිටිගල ජයසේන අතර ඇති වූ සටන ජනප්‍රවාදයේ එන තවත් කතාවකි. මේ සටනේදි ගෝඨයිම්බර යෝධයාගේ පහරකට ජයසේනගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙනසුරු විසින් කඳේ පණ ඇති බව දැක හදිසියේ පැමිණ වළසකුගේ හිසක් ජයසේනට සවිකල බවද පුරාවෘත්තවල දැක්වෙන අතර හදිස්සියට හිස සවිකිරිමේ දි හිස පසුපසට සවිකළ බවත් සඳහන්ය. එබැවින් පසුව ජයසේන මහසෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහතන් වහන්සේ ලෙස සඳහන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහන්සේලා රිටිගල සේනාසනවල ආරණ්‍යවාසීව වැඩ විසූ බව දැක්වේ. පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැඟිලි 140 ක පමණ නටබුන් හා පැරණි ආයුර්වේද රෝහලක නටබුන් වර්තමානයේ දී පවා රිටිගල දී දැක බලා ගත හැකි ය.

කටාරම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන අතරින් 35 ක්‌ සහ පරිවර්තනය කරන ලද ලිපි දෙකක් ගල් පර්වතයේ ඇති බව සඳහන් ය. බටහිර දෙසට නාමළුව සහ නාඋල්පොත වැටිය, ගිනිකොන දෙසට කුඩා අරම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මරක්කල උල්පොත සහ නැගෙනහිර දෙසට ආඬියාකන්ද වැටියෙන් විශාලතම ගුහා සංකීර්ණයන් හමුවේ. කරඹේහින්න වැටියේ පර්වතයෙන් ගුහා දෙකක් හමුවන අතර බන්දා පොකුණ ආසන්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනුරාධපුර රාජධානිය බිහිවීමට පෙර සිට ම පැහැදිලි ඉතිහාසයක් රිටිගල සම්බන්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩුකාභයගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍යස්ථානයක්ව රිටිගල පැවතුණු බවත් ඔහු සිය මාමාවරුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස මෙම භූමිය යොදාගත් බව ද සඳහන්ය.

පණ්ඩුකාභය සමයේ රිටිගල යක්ෂයින්ගේ නිජ භූමියක් ලෙස පැවතුණු බව ද දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී යක්ෂයින්ට අධිපතීත්වය දැරූ ජයසේන නම් යක්ෂ සේනාධිපතියෙක් විසූ බව ද පැවැසේ. රිටිගල කන්දේ නාඋල්පත ඇති සෙල්ලිපිය අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජතිස්ස, රිටිගල “කන්දරහීනක” නම් විහාරයක් සාදා ඇති බව ද අඹතලා (අබදලක) වැව බඳවා එම විහාරයේ භික්ෂූන්ට පිදූ බව ද සඳහන්ය.

රිටිගල ආරාමය, කන්දේ නැගෙනහිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධානඝර කිහිපයක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමියට ප්‍රවේශ වීමේ දී හමුවෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලාමය නිර්මාණයකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහුණතේ ගල් පඩි දක්නට ඇති අතර අතීතයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහළට පවතින්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලාශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරිධිය මීටර් 366 (අඩි 1200) පමණය.

මෙම පොකුණ සම්බන්ධව විවිධ මත පවතී. ආරණ්‍යවාසීව වැඩ වාසය කළ පන්සියයක්‌ සංඝරත්නයේ පැන් පහසුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කරන්නට ඇත යන්නත්, ආරාමයේ තවත් නාන පොකුණු රැසක් පවතින බැවින් මෙතරම් විශාල පොකුණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරාමයට පැමිණෙන්නන්ගේ චාරිත්‍රානූකූල ස්නාන කටයුතු සඳහා බන්දා පොකුණ භාවිත කරන්නට ඇතැයි යන්න තවත් අදහසකි.

ආරාමයේ ප්‍රධාන ගොඩනැගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදිකාව අඩි 8 ක් පළලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අමතරව ගල්පාලම්, පියගැට පේළි, කවාකාර ශෛලමය වේදිකා, ඔප දැමූ සුවිසල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සලපතළ මළු, විවිධාකාර ගිමන්හල් ආදී විශ්මය ජනක ශිලාමය නිර්මාණ රිටිගල දක්නට ලැබේ.

"සිළුමිණ"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top