හිමාල කඳු පන්තිය හරහා දිවෙන දුම්රිය මාර්ගයකින් නේපාලය හා සම්බන්ධ වීමේ සැළසුමක් ක්‍රියාත්මක කිරීමට චීනය සැරසෙන බව වාර්තා වනවා.
දැනට චීනයේ කුගින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේම දිගුවක් ලෙස මෙම කොටස ඉදිකෙරන බව සඳහන්.
හිමාල කන්ද හරහා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුනේ පාදමද සිදුරු කෙරෙනු ඇතැයි චීන මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.
විශ්ලේශකයින් මෙය හදුන්වාදෙන්නේ ඉන්දියාව දකුණු ආසියා කලාපයේ රටවල් අතරින් කොන් කිරීමට චීනය දියත් කර තිබෙන වැඩපිළිවෙලේ තවත් එක පියවරක් ලෙසයි.
දැනටමත් ශ්‍රීලංකාව,මාලදිවයින,හා පකිස්තානය හා ශක්තිමත් වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට චීනය කටයුතු කර තිබීමෙන් ඉන්දියාව දැන් ගිරයට හසුවූ පුවක් ගෙඩියක තත්ත්වයට පත්ව සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.