පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා හට නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ බැණ වැදුණු බවට මාලනී ෆොන්සේකා විසින් මාධ්‍ය හමුවකදී චෝදනා කර තිබුණා.
එයට පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ මහතා පිළිතුරු ලබාදෙනු ලැබුවා. ඔහු පවසා සිටියේ මාලනී ෆොන්සේකා විසින් තමන්ට අපහාස කළ බවයි.
ඔහු එම අවස්ථවේ සිදු කල කතාව පහත පරිදිවේ.
‘මා නැති අවස්ථාවක මගේ නම සඳහන් කරලා මන්ත්‍රීවරියන් දෙදෙනෙක් මා අපහාසයට ලක්කරා. එහිදී විශේෂයෙන්ම සභාගැබ තුළ යම් සිදුවීමක් සම්බන්ධව තමයි කරුණු සඳහන් කළේ.
එහිදී සිදුවුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අපේ ආණ්ඩුව පිනට ආපු ආණ්ඩුවක් බවට මාලනී ෆොන්සේකා මැතිනිය සඳහන් කළා. ඒ අවස්ථාවේ මම සඳහන් කළා ඔබතුමිය තමා පිනට ඇවිත් තියෙන්නේ ලැයිස්තුවෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිනෙන් ආපු තැනැත්තිය තමයි ඔබතුමිය කියලා පමණයි මං සඳහන් කළේ.
ඊට පස්සෙ මං පිටිපස්ස හැරෙන කොට ‘‘තෝ වරෙන්කො එළියට බූරුවා‘‘ කියල මට බැන්නා.. “මගෙ හැටි දන්නෑ තෝ‘‘ කියලත් කිව්වා. ඊට පස්සේ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා මට ඉඟියක් කරලා කීවා ඕකට උත්තර දෙන්න එපා කියලා. ඒ අනුව මං කිසිම දෙයක් සඳහන් නොකර හිටියා.