රුසියාවේ වෙසෙන Valery Spiridono නැමැති වයස 30ක පුද්ගලයෙකුට සිදුකරන්නට යන විශ්මයජනක සැත්කමක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පරිගණක විද්‍යාඥයෙක් වන මොහුගේ බෙල්ලෙන් පහළ ශරීරයේ ඇතිවී ඇති Werdnig-Hoffman නම් දුර්ලභ රෝගයකට ප්‍රතිකර්මයක් වශයෙන් සිදුකරන්නට යන්නේ හිස කඳින් වෙන්කර වෙනත් ශරීරයකට ඔහුගේ හිස සම්බන්ධ කිරීමේ සැත්කමකුයි.
Canavero නම් වෛද්‍යවරයෙකු විසින් මෙම සැත්කම කිරීමට කටයුතු කරන බවට වාර්තා වන අතර මින් පෙර කිසිදු අවස්ථාවක ලොව මෙවැනි සැත්කමක් නොකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වන අනෙක් වෛද්‍යවරු පවසන්නේ මෙය කිසිදාක සාර්ථක නොවන සැත්කමක් බවයි. නමුත් Canavero නම් වෛද්‍යවරයා පවසන්නේ මෙම සැත්කම පැය 36ක කාලයකින් නිමකළ හැකි බවයි. එයට වියදම වශයෙන් පවුම් මිලියන 7.5ක් වැයවන බවටද වාර්තා වේ.
මෙම සැත්කමේදී බෙල්ලෙන් වෙන්කරන හිස, මොලය මියගිය අයෙකුගේ ශරීරයකට බද්ධ කිරීමට නියමිතයි.