Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
03
එක සැරයක් ඡන්දේ ඉල්ලන්න මාව ඉදිරිපත් කරන්න හැදුවා. මගේ බිරිඳ ඒකට තදින්ම අකමැතියි - රාජු බණ්ඩාර -Photos

- එක සැරයක් ඡන්දේ ඉල්ලන්න මාව ඉදිරිපත් කරන්න හැදුවා. මගේ බිරිඳ ඒකට තදින්ම අකමැතියි - රාජු බණ්ඩාර -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views

පොතක් ලියන්නත් පුංචි අදහසක් තියෙනවා මගේ කතාව
අපේ රටේ කලාකාරයෝ ගැන තැකීමක් නැහැ
 
90 දශකයේ ජනප්‍රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි, ඔහුගේ එදා ගීත අදද එදා මෙන්ම සියලු ගුවන්විදුලි නාලිකාවලින් අපට අසන්නට ලැබේ. එවක අති දක්ෂ ලෙස රංගන කාර්යයට ද සම්බන්ධ වූ රාජු බණ්ඩාර පසු කාලීනව තම ජීවිතය ගීතය සහ සංගීතය තුළ පමණක් රඳවමින් අතිශය ජනප්‍රිය ගීත සමුච්චයක හිමිකාරයෙකු බවට පත්විය. මේ ඔහු පුවත්පතක් සමග කළ සංවාදයකි.


රාජු බණ්ඩාර නම් ගායකයා පිළිබඳ මෑතකදී පළවුණු පුවත්පත් ලිපිය ගැන ඔබට මතකද?
ම්.... මීට මාස දෙකකට විතර උඩදී ලිපියක් පළවුණා. හැබැයි මෙහෙමයි. ඒ ලිපිය මගේ බිරිඳ මා පිළිබඳ අදහස් දක්වන ලිපියක්. එහෙම බැලූවොත් මගේ කලා තොරතුරු සහිත ලිපියක් පුවත්පතක අවුරුද්දකට දෙකකට උඩදී නං පළවුණේ නෑ මට මතක විදිහට.
 
ඔබේ ගීත නිරතුරුව අසන්නට ලැබෙනවා. ඒ ගීත 90 දී වගේම අදටත් ජනප්‍රියයි. අන්තිමටම අලූත් ගීතයක් නිර්මාණය කළේ කවදද?
අන්තිමට ගීතයක් කළේ නං දැන් අවුරුද්දකට උඩදී.
 
මා ආදරෙයි වැනි ඔබේ අතිශය ජනප්‍රිය ගීත නිර්මාණයෙන් කොච්චර කාලයකට පසුවද ඒ?
සෑහෙන කාලෙකට පස්සේ. 93 තමයි රන් සීනු ගීත කිහිපය නිකුත් කළේ. 93 න් පස්සේ බාඳුරා සහ තහනම් දේශය කියන සංයුක්ත තැටි දෙක නිකුත් කළා. ඊටත් පස්සේ මම නිකුත් කළේ තනි ගීත.
 
ඔබ ඉතා දක්ෂ ලෙස රංගන කාර්යයේ නිරත වුණා? මොකද වුණේ ඔබේ රංගන ජීවිතයට?
දිය කැට පහන ටෙලි නාට්‍යයෙන් පසු රංගනයට ආරාධනා ලැබුණා. ටෙලි ෆිල්ම්ස් දෙකක රඟපෑවා. එකක් මිල්ටන් ජයවර්ධන මහතා ගේ. කරපු එකම රංගනයෙන් හොඳම නැගී එන නළුවාට නිර්දේශ වුණා. බූඩි කීර්තිසේනගේ ‘මිල්ලේ සොයා’ චිත්‍රපටයේත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ කොස්ටියුම් පවා ගිහිං දීලා තිබුණේ. නමුත් එවකට මං ෆෝචුන්ස් බෑන්ඞ් එකේ නිත්‍ය සාමාජිකයෙක්. එතකොට බෑන්ඞ් එකට තිබුණ රට සංචාර වගයක් එක්ක අපේ බෑන්ඞ් එකේ නායකයා ස්ටැන්ලි පීරිස් කිව්වා ‘‘ඔයාට ඕකයි මේකයි දෙකම පටල ගන්න බෑනේ, දෙකෙන් එකක් මොකක් හරි තීරණයක් ගන්න’’ කියලා. ඉතිං එතනින් තමයි ඇත්තටම මගේ නළුකම කැඩුනේ. ඊට පස්සේ සීඞ්නි චන්ද්‍රසේකරගේ ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යකත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ සියල්ලම ගිලිහි ගියා අර කාරණාවත් එක්ක. ඒ වුණත් මං කරපු දේ තුළ ලබපු අත්දැකීම් ඉහළයි. රාජු අයියා ෆර්ස්ට් ටේක් ඇක්ටර් නේ කියලා සෙට් එකේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මට කිව්වේ.
 
රාජුගේ අලූත්ම ගීතය?
’මගේ හිත හදාගෙන‘ තමයි මගේ අලූත් ගීතය, ලස්සන ගීතයක් ඒක. රූප රචනාවක් කරන්නයි හිටියේ. ඒත් රටට වෙච්ච දේ නිසා පහුගිය කාලයේ කලා කටයුතු හැමදේම ඇනහිටියා. සෙනග රැස් කරන්න බෑ රෑ 10 න් පස්සේ. ඩ්‍රෝන කැමරාවක්වත් උඩට ගන්න බෑ. සැලසුම් කරලා තිබුණේ කෑගල්ල මගේ ගමේම රූගත කරන්න. දැන් නං තත්ත්වය ටිකක් පහවෙලා ගිහිං. දැනට මාස 6 ක් ගියා. අපේ ජිවිතේ මාස හයකින් ගෙවිලා ගිහින්නේ ඉතිං.
 
මෙහෙ කලාකාරයෝ කියන අය ගැන ලොකු තැකීමක් කරන්නේ නෑනේ. තැකීමක් කරන්නේ දේශපාලනේට හේත්තුවෙලා ඉන්න අය ගැන විතරයි. බොහෝ කලාකාරයෝ හුඟක් නිදහස්. කිසිම පැත්තක් නොගන්නා අය. කලාකාරයෝ වුණාම එහෙම වෙන්න එපැයි. මොකද කලාකාරයෙක් වුුණාම පොදු වස්තුවක් වෙනවනේ. ඉතිං එහෙම අයට තමන්ට දෙයක් කරන්න හිතුනම කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා.
 
ප්‍රසංග වලට සහභාගී වුණේ නැද්ද?
 
අපිට දැන් සංගීත සංදර්ශන නැහැනේ.පහුගිය දවස්වල මම ජින්ජර් ඇතුළු කීප දෙනෙක් ස්ටේජ්, ලයිට් ඔක්කොම අරගෙන රාජාංගනයේ ගිහිං ප්‍රසංගයක් කළා පැකේජ් ක්‍රමයට. සංවිධායකයෝ දිරිමත් කරන්න අපි ඉතාම අඩු මුදලකට ප්‍රසංගය කළේ. ඒක ලොකු කට්ටක් ඇත්තටම. වෙනදට මගේ වාහනේ මං ගියා සින්දු කිව්වා ගෙදර ආවා. මේක අපි ඔක්කොම එක වාහනේක ගිහිල්ලා ප්‍රසංගය කරලා ඔක්කොම ඉවර වුණාම තමයි ගෙදර එන්නේ. 70, 80 දශක වලට ආයිත් ගියා වගේ. ඉස්සර එහෙමයි. කපුගේ, වික්ටර්, සනත් මේ ඔක්කොම එක බස් එකක යන්නේ. අපි බෑන්ඞ් එක ගහනවා එයාලා පිළිවෙලට සින්දු කියනවා. ඒගොල්ලෝ ප්‍රසංගය ඉවර වෙනකං ඉන්න ඕන. මේක සංවිධාන කළේ සංවිධායකයෝ දිරිමත් කරන්න. ඒ පැතිවල මිනිස්සු හරිම ආසයි සංගීත සංදර්ශන වලට. අත් ට්‍රැරැක්ටර් වල එහෙම සෙනඟ එනවා, පවුල් පිටින්. ගිය මාසේ තමයි මේ ප්‍රසංගය අපි කළේ.
 
රාජු බණ්ඩාර මේ වෙද්දී ගීත කීයක හිමිකරුවෙක්ද?
 
* මා ආදරෙයි මුළු ලොවටත් වඩා
* හද වේදනා මෙසේ නොවේ කියා
* කඳුළැලි දෑසේ නෑ රඳවා
* කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ
* ඔය රූ සෝබා
* රන් මලක් ලෙස ගෙන පුදන්නට
* රන් සීනු නාද දේ
* රෝස මල් කුමාරි - කාගේදෝ කුමාරි
* මගේ මීනච්චි
 
පටන් ගත්තේ ගීත 4 කැසට් පටයකින්. ඊළගට ගීත 6යි. එතකොට කොහොමටත් ගීත 75 ක් විතර මං හිතන්නේ. මේකෙන් පලවෙනි ගීත 12 න් 1 ක් ඇරෙන්න අනිත් ඔක්කොම ජනප්‍රිය වුණා.
 
ඔබ ගමේ ජනප්‍රිය චරිතයක්? දේශපාලනයට එහෙම එන්න අදහසක් නැද්ද?
මේ ගමේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට පක්ෂ භේදයක් නැතුව මිනිස්සු ආදරෙයි. හුඟක් අය ගේ ප්‍රශ්න ඇවිත් කියනවා මට. මං මට පුළුවන් තරමින් ඒවාට මැදිහත් වෙනවා. ඒ වෙලාවල් වලට පක්ෂ භේදයකින් තොරව අදාල පුද්ගලයින්ට කතා කිරීමේ හැකියාව මට තියෙනවා. හැමෝම හිතවත් නිසා. එක සැරයක් ඡන්දේ ඉල්ලන්න මාව ඉදිරිපත් කරන්න හැදුවා. මගේ බිරිඳ ඒකට තදින්ම අකමැතියි.
 
බිරිඳ දරුවන් එක්ක ගෙවෙන රාජුගේ ගෙදර ජීවිතය?
මගේ බිරිඳ ගුරුවරියක්. සන්ධ්‍යා කුමාරි බණ්ඩාර. ලොකු දුව විලෝශිනි එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දෙවැනි දුව ගයා එන මාසේ එයාගේ කළමනාකරණ උපාධිය සම්පූර්ණ කරනවා. පුතා රමිතු හත වසරේ. එයාලව මං එහෙමම යොමු කරලා නැහැ කලාවට. තුන් දෙනාටම ගායන හැකියාවන් තියෙනවා. පුතා කලාවට යොමු වෙයි කියලා හිතනවා. වාදන හැකියාවත් එයාට තියෙනවා. ගායනයත් පුළුවන්. නමුත් දැනට ඉගනීමට තමයි අපි ප්‍රමුඛතාව දීල තියෙන්නේ.
 
90 දශකයේ ගෙවුණු ජීවිතය මොන වගේද?
දැන් තාක්ෂණය තියෙනවා. ඒත් ඒ දවස්වල එහෙම නෑනේ. මහ විශාල ලියුම් කන්දරාවක් ලැබෙනවා හැමදාම. ඒවා මං ෆයිල් කරලා තියෙනවා. ආදරේ ප්‍රකාශ කරන ලිපි, ගීත රචනා සහිත ලිපි හුඟක් තියෙනවා. තාමත් ඒවා පරිස්සම් සහගතව අරං තියලා තියෙනවා. සුන්දර කාලයක්.
 
පළවෙනි ප්‍රසංගයෙන් ලැබුණු මුදල කීයද කියලා මතකද?
බෑන්ඞ් එකේ බේස් ගිටාර් වාදකයා මම. ඉස්සර හැමදාම රෙකෝඩින්ග්ස්. ඒවායින් තමයි ජීවත් වෙන්න මුදල් ලැබෙන්නේ. මගේ ගීත ජනප්‍රිය වීම අහඹු සිදුවීමක්. එක කාලයක් හදිසියේ මගේ කණ්ඩායමේ අනිත් අය ඇමරිකාවට ගියා. අන්න ඒ කාලේදී නිකං ඉන්නේ අපරාදෙනේ කියලා ගීත 4 කැසට් පටයක් කළේ. මහේන් සහ ශ්‍රියන්ත මගේ යාලූවෝ දෙන්නෙක් හිටියා. තුන්දෙනත් එක්ක එකතුවෙලා කැසට් එක නිෂ්පාදනය කළා. මතක විදිහට එක්කෙනෙක් රු. 5000 ගානේ දාලා, 90 දී. එළි දැක්වුවේ මං ඉගෙන ගත්ත කෑගලූ මහා විද්‍යාලයේදීමයි. ඊට පස්සේ ප්‍රසංගයක් කළා. ගිය වියදම හොයාගන්නත් එපැයි. ඒකෙන් ලාභය රු. 5000 යි.
 
ඒ සල්ලි වලට මොකද කළේ?
ඒ සල්ලි බැංකුවේ දැම්මා කියලා මතකයි. 93 දී තමයි මගේ ගීත ජනප්‍රිය වෙන්න ගත්තේ. මට මතක විදිහට රු. 3000 - 4000 අතර මුදලක් තමයි ලැබුණේ. ඇල්පිටිය ගාල්ල හැමතැනම යනවා. ප්‍රසංග වලින් ගන්න සල්ලි මට ඉතුරු වුණේ නැහැ. මොකද වාහනයක් තිබුණේ නැති නිසා යන්න වුණේ කුලියට වාහනයක. ඉතිං ගත්ත සල්ලි ගමනටම ඉවරයි. දුර යනකොට බස් එකක යන්න විදිහකුත් නෑ. කොහොමින් හරි 94 මං වාහනයක් ගත්තා. 2000 විතර තමයි ගෙයක් එහෙම හදාගෙන එකලස් වුණේ.
 
ඔබේ ඒක පුද්ගල ප්‍රසංගයකට කාලය හරි නේද?
ප්‍රසංගයක් යෝජනා වෙලා තිබුණේ. නමුත් පහුගිය කාලේ රටට වෙච්ච දේ නිසා ඒ ඔක්කොම යටපත් වුණා. ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්නත් අදහසක් තියෙනවා ජනවාරි මාසයේ. විදෙස් සංචාර කිහිපයකුත් තියෙනවා. අනික මගේ ව්‍යාපාරය ඉවෙන්ට් මැනේජ්මන්ට් (ඉසව් කළමනාකරණය* කටයුතු නිසා කාලය තමයි අඩු.
 
නරකද ඔබේ ජීවිතය ලිව්වොත්?
පොතක් ලියන්නත් පුංචි අදහසක් තියෙනවා මගේ කතාව. මොකද ඒ තරම් තොරතුරු තියෙනවා. අනික කියන්නම ඕන දේ, මාසෙකට කලින් මගේ මව චන්ද්‍රා බණ්ඩාර නැතිවුණා.
 
හද ගී පොතේ ගීතය ගායනා කළේ මගේ අම්මා. සංගීත ක්‍ෂේත්‍රයේ නියුතු සියල්ලෝම ආවා කනගාටුව ප්‍රකාශ කරන්න. මේ වෙලාවේ මං ඔබේ පත්තරෙන් ඒ සියලූ දෙනාටමත් මගේ යාලූ හිත මිත්‍රාදීන් සියලූ දෙනාටමත් ස්තුති කරනවා ඒ අවස්ථාවේ අප සමග රැඳුනාට. ඒක මේ වෙලාවේ කියා ගන්න ලැබුණු එකත් ලොකු දෙයක්......
 
යුගන්ති යශෝධරා - සිළුමිණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top