මෙම යාත්‍රාවේ සිටි නැවියන් 09 දෙනෙකු නාවික හමුදාව පෙරේදා නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවා.
මේ අතර, ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගල මරණ 7 ක් මේ වනවිට වාර්තා වී ඇති අතර පවතින ආපදා පිළිබඳ දැනුම්දීම සඳහා පොලිස් මූලස්ථානය දුරකථන දෙකක් ද හඳුන්වා තිබෙනවා.
දිවයිනේ දකුණු අර්ධයේ මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිසා බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැයට කිලෝමීටර් 60, 70 දක්වා තද සුළං ඇති විය හැකියි.
එමෙන්ම, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
