Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
29
"මට මොනවා වුණත් කමක් නැහැ මගේ දරු පැටියව බේරලා දෙන්න කියලා තමයි ඉල්ලුවේ. එදා මට හොඳටම ඇඬුණා.." - චම්පා කල්හාරි - Photos

- "මට මොනවා වුණත් කමක් නැහැ මගේ දරු පැටියව බේරලා දෙන්න කියලා තමයි ඉල්ලුවේ. එදා මට හොඳටම ඇඬුණා.." - චම්පා කල්හාරි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61 Views

"අද මුළු ලෝකයම මට ඇඟිල්ලක් ඉස්සුවත් මම තනියම මගේ දරුවෙක් එක්ක තිනිවුණා.."

"ජීවිතේම වැටුණු වෙලේ මගේ හයිය වුණේ මගේ පුතා.."

පසුගිය කාලේ මම හිටියේ අසනීප තත්ත්වයෙන්. ගිය අවුරුද්දේ මැයි මාසේ විසිනව වැනිදා මම පඩිපෙළකින් වැටිලා මගේ කකුල කැඩුණා. මම හඳහන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. හැමෝම කියන දේ විශ්වාස කරන්නේත් නැහැ. හැබැයි ඉතා විශ්වාසවන්ත හඳහන් බලන කෙනෙකු මුල ඉඳන්ම මට “මැයි මාසය පන්න ගන්න එක අමාරුයි. කියලා තිබුණා. ඒ නිසා මම ගොඩාක් පරිස්සම් වුණා. ඇත්තටම මම බය වුණේ මම ගැන නෙමේ. මගේ පුතා ගැනයි. එයාගේ නම සංචිත් ජයසේකර.


මේ සිදුවීම වෙන්න කලින් මම හීනෙන් මගේ කොණ්ඩේ පදාසයක් ගැලවිලා යනවා දැක්කා. වාහනයේ පුතා එක්ක යද්දී වාහනය අනතුරකට ලක්වෙනවා දැක්කා. මට එහෙම හීන පෙනෙන කෙනෙක් නෙමේ. ඒ නිසා මේ සියල්ලෙන්ම මගේ හිත ටිකක් ගැස්සුණා. මට මතකයි මම විසිඅට වැනිදා මේ දොරවල් හැමඑකක්ම වහලා ගේ ඇතුළේ ඉඳගෙන බුදුන්ගේ සිට හිතට එන හැම දෙවි කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියේ “මට මොනවා වුණත් කමක් නැහැ මගේ දරු පැටියව බේරලා දෙන්න කියලා. එදා මට හොඳටම ඇඬුණා. ඒ දේ මගේ දරු පැටියා දැක්කේ නැහැ. පෙර කළ අකුසලයකින් මට විපතක් වෙයිනම් ඒ දෙයින් මගේ දරු පැටියව බේරලා දෙන්න කියපු ඉල්ලීම ඉෂ්ඨ වුණා. මැයි මාසේ විසිනව වැනිදා මාව පඩිපෙළකින් වැටිලා මගේ කකුල දෙකට කැඩුණා. ඇණ දාහතරක් කකුලට දාලා සැත්තමක් කළා. දැන් නම් ටිකක් හොඳයි.   

කාලයක්ම චම්පාට ඉන්න සිදුවුණේ ඇඳටම වෙලයි. මේ මොහොතේදී ඔබේ ලොකුම හයිය වුණේ පුතා නේද?
අනේ ඔව්.. ඒ දරු පැටියා තමයි. මම පඩිපෙළින් වැටුණු ගමන් උඩගෙදර නංගියි, ඉස්සරහා ගෙදර නංගියි ඉතා ඉක්මනින් මාව රෝහලට එක්කගෙන ගියා. මගේ ඥාති සහෝදර සහෝදරියන් මම ගැන හොයලා බැලුවා. ඒ වගේම මගේ ආදරණීය පුතා. එයා තමයි මගේ මුළු ලෝකයම වෙන්නේ. කොහොමටත් මම හරි දඟයි. මගේ පුතාට විශ්වාසවන්තම කෙනා මමයි. සමහර වෙලාවට මම කරන පිස්සු වැඩ එයාට විශ්වාස නැහැ. එයත් එක්ක මම විහිළු කරනවා. පිස්සු නටනවා. හැබැයි අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් තියෙනවා. ඒවාත් මම දන්නවා. අපි දරුවන්ට දිය යුතු දේවල් තියෙනවා. හොඳ නරක කියන දේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. දරුවන් මේ ලෝකයට ඉපදෙන්නේ පොතක් අතින් අරගෙන නෙමේ. මම එයා පොඩි කාලේදීම මට නුසුදුසුයි කියන පැති හැමදෙයකින්ම අයින් කළා. අද මුළු ලෝකයම මට ඇඟිල්ලක් ඉස්සුවත් මම තනියම මගේ දරුවෙක් එක්ක තිනිවුණා. එතනදී මම මගේ වෘත්තිය සැලකුවෙත් දෙවැනියටමයි. මම මුල් තැන දුන්නේ මගේ පුතාටයි. පුතාගෙයි මගෙයි බැඳීම වැඩිවුණා. මම දරුවට කවදාවත් බොරු කිව්වේ නැහැ. අපි ජීවත්වෙන කාලේදී අපි අතිනුත් වැරදීම් වෙනවානේ. හැබැයි කතා කරන්න බැරි වැරදීම් අපි අතරේ වෙලා නැහැ.

රෝගීව සිටින කාලේදී පුතා චම්පාගේ හැම කටයුත්තක්ම කළා.. එහෙම නේද?
ඔව්.. මම මාස ගාණක් හිටියේ ඇඳේමයි.. කිසිම වැඩක් මට කරගන්න බැහැ. ඒ හැමදෙයක්ම කළේ මගේ පුතා. අපිට උදව්වට කෙනෙක් හිටියට පුතා මට කිව්වේ “අම්මී ඔයාගේ ඒ හැම දෙයක්ම මම කරන්නම්. කාටවත් ඒක කරන්න දෙන්න ඕනේ නැහැ කියලයි. “විශ්වාස කරන්න.. මගේ මේ කැතකුණු අතගාලා මාව පිරිසිදු කළේ මගේ මේ පුංචි දරු පැටියයි. එයා තාම ඉස්කෝලේ යන පුංචි දරුවෙක්. හැබැයි.. පුතා මාව තනි කළේ නැහැ. ජීවිතේම වැටුණු වෙලේ මගේ හයිය වුණේ මගේ පුතා. එයා හරි සංවේදී දරුවෙක්. මම එයාගේ අම්මා නිසා මේ දේවල් කළාද කියලත් මට හිතුණා. නමුත් මම හොඳවෙලා මට ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ මගේ ගෙදර ඉන්න බල්ලා පූසෙක් හපලා ඒ පූසාගේ කොන්ද පණ නැති වුණා.. අනේ පුතා ඒ පූසාව ගෙනල්ලා සාත්තු සප්පායම් කළා. පූසාගේ යූරින් පාස් වුණේ නැහැ. බඩ මිරිකළා හෙමීට තමයි ඒ දේවල් කරන්න ඕනේ. මගේ පුතා ඩොක්ටර්ගෙන් අහලා ඒ හැම දෙයක්ම කළා. හැමදාම ඉස්කෝලේ ගියේ ඒ පූසාගේ වැඩ ටික කරලයි. පූසන්ට, බල්ලන්ට කැමති කෙනෙක් නෙවේ. නමුත් පුතාගේ ඒ ගතිගුණ ගිලිහී යනවට මම කැමති වුණේ නැහැ. ඇත්තටම මගේ දරු පැටියා මට ලෝකයක් වටිනවා.

චම්පා සංගීතය ඉගෙන ගැනීම ආරම්භ කරන්නේ ඉතා කුඩා වයසේදීමයි? අපි ඒ අතීතය ගැන ටිකක් කතා කරමුද?
මම ඉපදෙනකොටත් මගේ තාත්තා සංගීත පන්ති පැවැත්වූවා. මගේ තාත්තා සංගීත විශාරද එච්.ඩී.එස්. ජයසේකර. තාත්තා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කළා. ඒ දවස්වල ඔහු සරල ගී ගායකයෙක්. ගුවන්විදුලි ගායකයෙක්. ඉස්සර මම අඬද්දී මාව ගිහින් තාත්තාගේ සංගීත පන්තියෙන් වාඩිකරපු ගමන් මම අඬන එක නතර කරනවා කියලා මගේ අම්මා කියලා තියෙනවා. මට අවුරුදු තුන හතරේදී මල්කාන්ති ඇන්ටි (මල්කාන්ති නන්දසිරි) තාත්තව හම්බවෙන්න ආපු වෙලාවක මම ගෙදර බිත්තියේ ගුල් හාර හාර ඉන්න ගමන් සින්දුවක් කියනවා අහගෙන ඉඳලා.. “සර්.. සර්ගේ දුවට හොඳට සින්දු කියන්න පුළුවන්නේ කියලා. ඒ වෙලාවේ තාත්තා “ආ.. පුළුවන්ද? කියලා අහලා තියෙනවා.

ඊට පස්සේ චම්පාගේ හැකියාවත් තාත්තා හොයලා බැලුවද?
ඔව්නේ.. ඉස්සර තාත්තා හැමදාම උදේ පාන්දර සංගීත පුහුණුවීම් කළා. දවසක් මටත් උදේ පාන්දර නැගිටලා. “කෝ.. එන්න බලන්න.. “ස කියන්න. කියලා කිව්වා. මාත් “ස කිව්වා. “සරිගමපධනිස ත් කිව්වා. ඉහළට පහළට ගායනා කරද්දී තාත්තා ගොඩාක් සතුටු වුණා. එදා ඉඳන් අපේ තාත්තාගෙන් නින්දක් නම් හම්බවුණේ නැහැ. හැමදාම පාන්දර නැගිටවලා මාව සංගීත පුහුණුවීම් කළා. මම හිතන්නේ තාත්තා ඒ දුන්නු අභ්‍යාසයත් නිසා තමයි මම සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්න හේතු වුණේ. සංගීත් නිපුන් විභාගය සමත් වීම දක්වා මම සංගීතය ඉගෙන ගත්තා.  

ගුවන්විදුලියට චම්පා සම්බන්ධ වුණේ කොහොමද?
ගුවන්විදුලියේ ළමා පිටියෙත් හඳ මාමා වැඩසටහන්වලින් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කෙනෙක්. ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා ශිල්පීන් තේරීමේ පරීක්ෂණයක් පැවැත්වූවා. ඒකේදී දිවයිනෙන්ම පළවෙනියා වුණේ මමයි. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවයි, පදනම් ආයතනයයි, රූපවාහිනි සංස්ථාවයි එකතුවෙලා පැවැත්වූ උත්සවයකදී ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව ලබලා දුන්නා. ඒ වැඩසටහනේදී මම “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ගීතය තමයි ගායනා කළේ. එවකට රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් විදිහට හෙන්රි ජයසේන අංකලුත් ඒ වැඩසටහන නැරඹුවා. මගේ ගීතය ගායනා කළාට පස්සේ හැමෝම මට ලොකු අත්පොළොසන් නාදයක් ලබලා දුන්නා. මට ඒක හිතාගන්නවත් බැහැ. එතකොට මගේ වයස අවුරුදු එකොළහයි. මම ගීතය ගායලා ඉවර වුණාට පස්සේ මානෙල් ඇන්ටි (මානෙල් ජයසේන) මාව එක්කගෙන හෙන්රි අංකල් ළඟට ගියා. මට තාම මතකයි හෙන්රි අංකල් මාව ඔඩොක්කුවට අරගෙන “අපි ලස්සන වැඩ ටිකක් කරමුද? රූපවාහිනියේ ප්‍රෝග්‍රෑම් එකක් කරමුකෝ.. එන්නකෝ මාව මුණගැහෙන්න.. කියලා කිව්වා.

චම්පා.. හෙන්රි ජයසේනයන්ව මුණගැහෙන්න ගියාද?
ඔව්.. දවසක් ගුවන්විදුලියේ ප්‍රෝග්‍රෑම් එකක් කැන්සල් වෙලා ගෙදර යන්න හදද්දී “තාත්තී.. අපි අර හෙන්රි අංකල්ව හම්බවෙන්න යමුකෝ.. කියලා කිව්වා. තාත්තත් මගේ ඇවිටිල්ලට මාව රූපවාහිනියට එක්කගෙන ගියා. මාව දැකපු ගමන් හෙන්රි අංකල් කොළයක් අරගෙන “ප්‍රෝග්‍රෑම් එකට ගිහින් කියන සින්දු මොනවාද.. කියලා කිව්වා. මටත් පුදුමයි. තාත්තටත් පුදුමයි. ඊට පස්සේ සිංහල සින්දු තුනකුයි, හින්දි සින්දු දෙකකුයි කියන්න සූදානම් වුණා. ඒ වැඩසටහන නිෂ්පාදනය කළේ අජිත් ජයවීර මහතායි. ඒ ප්‍රෝග්‍රෑම්එක රූපවාහිනියේ විකාශය වුණාට පස්සේ බොහෝ දෙනා “කවුද මේ පොඩි කෙල්ල.. කියලා හොයලා බලන්න පටන් ගත්තා.

චම්පා ඉගෙන ගත්තේ මොන පාසලේදීද?
මම මුලින්ම මහරගම ජනාධිපති විද්‍යාලයට තමයි ගියේ. ඒකේ පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා මම කොළඹ විසාකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඇත්තටම.. මාව කොළඹ විසාකාවට දාගන්න මගේ ලොකු අම්මා වුණු දෙනවක මිය ගොඩාක් මහන්සි ගත්තා. එයා නිසා තමයි මාව විසාකාවට ඇතුළත් කරගන්න පුළුවන් වුණේ. ඉස්කෝලේදී මම පුදුමාකාර දඟ චරිතයක්.

අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මගේ අසනීප තත්ත්වය නිසා මගේ පන්ති තාවකාලිකව මම නතර කළා. නමුත් තව මාස දෙකකින් ඒ සියල්ලම ආයේ ආරම්භ කරනවා. ජීවිතේ ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මම කවදාවත් ඒ ප්‍රශ්න නිසා කඩා වැටුණේ නැහැ. අනුන්ගේ ජීවිතවලට එබිකම් කරන්න උත්සාහ කරන බොහෝ දෙනාගේ ඇත්තටම ජීවිතයම හිස්. සමහරු “චම්පා.. දැන් කොහොමද ජීවත් වෙන්නේ.. චම්පා මොකද කරන්නේ.. චම්පාට ප්‍රශ්නද.. කියලා හොයද්දී ඒ ජීවිතේ ඇතුළේ කිසිම දෙයක් නැහැ. ඒ අය ජීවත් වෙන්නන් වාලේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි අද මම හරිම සතුටින් මගේ දරු පැටියා එක්ක ජීවත් වෙනවා. මගේ පුතාටත් හොඳට සින්දු කියන්න පුළුවන්. පුතා සංගීත විශාරද විභාගය සමත් වුණේ එයාට අවුරුදු දොළහේදී. මම කලාවෙන් අයින්වුණා නෙමේ. අසනීපයත් එක්ක මම කලාවෙන් ටිකක් ඈත් වුණා. එතකම් මම ප්‍රසංගවලට සහභාගී වුණා. අසනීප වෙලත් මම කුවේට් ප්‍රසංගයකටත් සහභාගී වුණා. ගුවන් යානයෙන් ප්‍රසංගයට ගියෙත් ගිලන් රථයකිනුයි. මම රෝද පුටුවේ ඉඳන් ගීත ගායනා කළා. ලංකාවේදීත් එහෙම ප්‍රසංග තුනකට සහභාගී වූණා. දැන් මට සුවයි. ළඟදීම ආයෙත් සින්දු කියන්න පටන් ගන්නවා.

 දේශය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top