අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න ගේ දේහය පිලිබදව අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී මේ වනවිට සිදුකෙරෙනවා.
මහජන ගෞරවය දැක්වීම සදහා දේහය අද පස්වරු 3 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමෙන් අනතුරුවයි අවසන් කටයුතු ආරම්භ කෙරුණේ.
මියයන විට 83වන වියේ පසු වූ ප්‍රවිණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු අභාවප්‍රාප්ත සිසිර සේනාරත්න මහතාගේ බිරිද වන අතර දරුවන් තිදෙනෙකුගේ මවක්.
සරස්වතී මණ්ඩපය තුළින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මියුරු හඩින් රසිකයින් පිනවනු ලැබුවා.
ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස දොරට වඩින්නේ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහාතාගේ රේඛාව චිත්‍රපටය ඔස්සේයි.
රේඛාවට ගැයු සුදු සද එළියේ නළ මත ගීතය අදටත් රසික හදවත් අතර වඩාත් ජනප්‍රිය ගීතයක්.
1962 වසරේ සිසිර සේනාරත්න සමග විවාහවන ඇය හිරු TV උත්තරීතර වැඩසටහන ඔස්සේ ඇයගේ ආදරණීය සැමියා පිළිබදව සදහන් කළා.