ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කරන්නට කුමාර් සංගක්කාර අද සමත්වුනා. ඒ ඔහුගේ ටෙස්ට් දිවියේ 11වන ද්විත්ව ශතකය වාර්තා කරමිනුයි. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිළ සියලුදෙනා දැවී පළමු ඉණිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 221ක් පමණයි.
පිළිතුරු ලෙස පළමු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු කිහිපයම ඉක්මණින්ම දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා.
පසුව හුදකලා ඉණිමක් ක්‍රීඩා කල කුමාර් සංගක්කාර සියළු ගෞරව තමන් සතුකරගනිමින් වසරේ පළමු ද්විත්ව ශතකය වාර්තා කලේ ලකුණු 203ක් ලබාගනිමිනුයි. එයට හතරේ පහර 18ක් හා හයේ පහරවල් 3ක් අන්තර්ගත වුනා. ඔහුට අනගි සහයක් දැක්වූ දිනේෂ් චන්දිමාල්ද ලකුණු 67ක් ලබාගැනීමට සමත් වුනා.