පසුගියදා මඟීන් 162ක් සමගින් අනතුරට පත්වූ එයාර් ඒෂියා ගුවන් යානය පිළිබඳව අනතුරට ප්‍රථමයෙන් බ්ලොග්කරුවෙකු විසින් සටහන්කර ඇති පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘‘බ්ලැක් හෑන්ඩ්‘‘ නැමති සංවිධානයක් විසින් මෙම ගුවන්යානය විනාශ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම සටහන ඔහු තබා ඇත්තේ දෙසැම්බර් මස 17 වනදා වේ. එසේම ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට බ්ලොග් කියවන්නන් අසා තිබූ ප්‍රශ්න වලට ඔහු පිළිතුරු නොදී ඇති අතර තවත් පිරිසක් එය විහිළුවක් වන්නට ඇති බවට සලකා මෙය බැහැර කර ඇත. තවද මෙම සටහන තැබූ පුද්ගලයා එතනින් පසුව නැවතත් බ්ලොග් එක වෙත පැමිණ නැති අතර ඔහුද අතුරුදන්ව ඇත.
මේ වන විට අන්තර්ජාලය පුරා ඔහුගේ මෙම ආන්දෝලනාත්මක සටහන පිළිබඳව කතාබහට ලක්වන අතර පිරිසක් පවසන්නේ මොහු චීන බුද්ධි අංශයට සම්බන්ධ අයෙක් වියහැකි බවයි. එසේම කිසිවෙකුත් මීට පෙර ප්‍රකාශ නොකළ පරිදි මෙසේ ගුවන් යානයක් අතුරුදන්වට බවට ඔහු ප්‍රකාශ කලේ කෙසේද යන වග තවමත් සොයාගෙන නැත.
එසේම පසුගියදා අතුරුදන්වූ MH370 ගුවන්යානය පිළිබඳව මෙන්ම යුක්රේනයේදී ප්‍රහාරයකට ලක්වූ ගුවන් යානය පිළිබඳවද මොහු සටහන් කර ඇති අතර ඒ සෑම ගුවන් යානා අනතුරක්ම පිටුපස ‘‘බ්ලැක් හෑන්ඩ්‘‘ සංවිධානය සිටින බවට සඳහන් කරයි.
කෙසේ නමුත් ගුවන් සේවා බලධාරීන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර නැත්තේ එය අහම්බෙන් සිදුවූ දෙයක් නිසාවෙන් බවට පැවසේ.

