Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
15
"තේරුම් ගැනීම තමයි මම හිතන්නේ වටිනාම කාර්යය, එතැනට යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.." - පුබුදු චතුරංග - Photos

- "තේරුම් ගැනීම තමයි මම හිතන්නේ වටිනාම කාර්යය, එතැනට යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.." - පුබුදු චතුරංග - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

"මට මතක හැටියට ඒ මගේ ජීවිතේ පළමුවැනි අත්දැකීම.."

"අපි දෙන්නා ළඟ ටිකට් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ.."

සම්මානලාභී නළුවෙක් ලෙසින් සහ තිර පිටපත් රචකයෙක් විදිහට  මෑත කාලයේ ජනප්‍රියම නළුවන් අතර සිටින කෙනෙක් තමයි  පුබුදු චතුරංග කියන්නේ. ඔහු ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ රැසකට දායක වෙමින් සම්මාන රාශියකින් පිදුම් ලැබූ චරිතාංග නළුවන් අතර ඉදිරියෙන්ම සිටිනා නළුවෙක්. මේ ඔහු ගැනයි.


පුබුදුට ඔහුගේ ළමා කාලය සුන්දර සිහිනයක්.
‘‘මොන්ටිසෝරි ජීවිතය තමයි මගේ රංගනයේ පළමු අත්දැකීම. මොන්ටිසෝරියේ අයිටම්ස් අටකට මම හිටියා. මට මතක විදියට අයයිටමස් 12 ක් විතර තිබුණා. කොහොමහරි කොන්සට් එක දවසට කලින් දවසේ මට  උණ ගත්තා. ඒ ගැන දැන ගත්ත ගමන් මොන්ටිසෝරියේ ටීචර්ට හාට් ඇටෑක් හැදුණා.

කොන්සට් එක සම්පුර්ණනයෙන්ම නවත්වන්න වෙනවා මම නැති වුණොත් කියන දේ නිසා. මොකද සමහර අංග වල ප්‍රධාන චරිතය කළේ මම. මටත් කොන්සර්ට් එකට ඉන්න බැරිවෙයි කියන බය හොඳටම තිබුණා. ඊට පස්සේ පවුලේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරගෙන මට හොඳ වුණා. ඇත්තටම ඊට පස්සේ තමයි මම කොන්සට් එකට පෙනී හිටියේ.
මට මතක හැටියට ඒ මගේ ජීවිතේ පළමුවැනි අත්දැකීම . ඒ අයිටමස් වලින් කිහිපයක් අතරින් ගැහැනු චරිතත් කරන්න තිබුණා. ඉස්කොලේට ඇතුළු වුණා. පළවෙනි අවුරුද්දෙම නාට්‍යක් කළා ' මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි' කියලා.

එතැනින් පස්සේ ඉංග්‍රීසි වේදිකාවෙන් තමයි මගේ ආරම්භය සිදු වන්නේ. අපි ඉංග්‍රීසි දිනයට තමයි වැඩිපුරම නාට්‍ය කළේ. ඊට පස්සේ 3 , 4 වසරේ ඉඳන් 11 වසර වෙනතුරුම ඉංග්‍රීසි වේදිකා නාට්‍යත් එකක් තමයි හිටියේ. ඒ වෙනකොට පාසල් වේදිකාවේ වේදිකා නාට්‍ය 13 ක් විතර රඟ දක්වලා තිබුණා.‘‘

මේ විදිහට බලද්දී පුබුදු කියන්නේ පාසලේ හිටිය දක්ෂම ශිෂ්‍යයන් අතරින් එක කෙනෙක්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මගේ ජීවිතය සම්පුර්ණ වෙනසකට භාජනය කරපු පාසල. පාසලෙන් ලැබුණු ඒ ගුරුහරුකම් නිසයි අද මම මේ වගේ තැනක් ඉන්නේ. ඒ ගෞරවය පාසලට ලබා දිය යුතුමයි.‘‘

ඔහුගේ තිර පිටපත් රචනය පාසල් කාලය තුළදීම දක්නට ලැබුණු දෙයක් බව අපිට ආරංචි වුණා. පාසල් නාට්‍ය ලියන්න යොමුවුණු හැටි පුබුදු සිහිපත් කරන්නේ හරිම සතුටකින්.
‘‘ඔව්. ඔව්. මම A/L පන්ති වලට යද්දී මම නාට්‍ය ලියන්න පටන් ගත්තා. මම A/L සඳහා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවත් නාට්‍ය ලියන්න තමා වැඩිපුරම බරවෙලා හිටියේ. ඒ කලේ නාට්‍ය සම්බන්ධයෙන් හොඳ ගුරුවරු දෙන්නෙක් පාසල තුළ හිටියා .ඒ තමයි බණ්ඩාර සර් සහ සුනේන්ද්‍ර සර්.

මේ දෙන්නම නාට්‍ය අංශයට ගොඩක් බරයි. නාට්‍ය පැත්තට ගොඩක් ආදරේ කරන ඒ ගුරුවරුන්ගේ ශක්තියත් එක්ක තමයි අපි නාට්‍යවලට පෙනී සිටියේ. ඒ දවස්වල මම ලියපු නාට්‍යත් එක්ක මට ඕන වුණා විද්‍යා ප්‍රබන්ධයක් නාට්‍යයක් කරන්න. කොහොමහරි ගාල්ලේ මහින්ද විද්‍යාලයේ science day එක වෙනුවෙන් මම විද්‍යා ප්‍රබන්ධ නාට්‍යයක් කළා.

ඒවෙනකොටත් මට ඒකට නමක් හිතාගන්න බැරිව මම හිටියේ. අවසානයේදී ඒ නාට්‍යයට නමක් නැති නිසා මගෙන් ඇහුවා නාට්‍යයේ නම මොකද්ද කියලා ? මම කිව්වා නාට්‍යයේ නම ‘හිස්තැනක්‘ කියලා. මොකද ඒ වනකොට නාට්‍යට නමක් දාලා තිබුණේ නැහැ. නමක් නැති නිසාම අන්තිමට ඒ නාට්‍යට නමක් වැටුණා 'හිස්තැනක්' කියලා. ඇත්තටම ඒ නාට්‍යයේ නම 'හිස්තැනක්' කියලා තමා ප්‍රසිද්ධ වුණේ.‘‘

පුබුදු රඟපෑමේ අදහසින් කොළඹ ඇවිත් විහාර මහා දේවී උද්‍යානයට හොරෙන් ඇතුළු වුණු හැටි මතකද? එදා එහෙම නොවුණානම් අද පුබුදු කෙනෙක් නොඉන්න තිබුණා.
ඊට අමතරව අපේ විදුහල්පතිතුමාගේ ආරාධනයක් එක්ක මම නාට්‍යයක් කළා වෙනත් පාසල් වලට පෙන්වන්න. කාලයත් එක්ක මගේ මිත්‍රයන්ට තේරුණා මගේ විශේෂත්වයක් තියෙනවා කියලා කලාව පැත්තට. ඊට පස්සේ මගේ මිත්‍රයෝ එකතුවෙලා මාව කලාවට යොමු කරන්න පටන් ගත්තා.

එක්තරා පත්තරයක දැන්වීමක් තිබුණා ' නළු වරණයක් ' ගැන. එකට මගේ යාළුවෝ අයදුම්පතක් දාලා තිබුණා. පස්සේ මමයි මගේ හොඳම යාළුවයි කොළඹ ආවා audition එකට. ඒ 2000 දී වගේ. මුලින්ම කොළඹ එන්නේ ඒ අවුරුද්දේ දී තමයි. audition එක තිබුණේ විහාර මහාදේවී උද්‍යානයේ.

නමුත් අපිට audition එක තියන තැන හොයා ගන්න බැරුව හැම තැනම ඇවිද ඇවිද හිටියා. ඔහොම ඉන්න අතරේදී එතැන වැඩිවෙලා හිටපු මනුස්සයෙක් තමයි කිව්වේ ඔතැන නෙමෙයි තියෙන්නේ පුතේ එහා පැත්තේ කියලා. ඉතින් අපි එහා පැත්තට යනකොට interview එකේ භාගයක් ගිහිල්ලා.

ඒ interview එකට ඇතුළු වෙන්න ටිකට්ස් ගන්නවා කියලා අපිට තේරුණා. අපි දෙන්නා ළඟ ටිකට් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. එක තැනක වැට කැඩිලා තියෙනවා. ඒ වැට කැඩුණු තැනින් පේනවා එහා පැත්තේ audition එක.

පස්සේ මම යාළුවට කිව්වා ' මොකද කරන්නේ ?' පනිමුද කියලා' 'පනිමු මචං කියලා අපි වැට කැඩුණු තැනින් පැන්නා. ඒ පැනපු පැනිල්ල තමයි මේ තාමත් පනින්නේ. ඊට පස්සේ audition එකට ගියා. අවසාන 10 දෙනා අතරට මම තේරුණා. එදා රෑම එහි රූපගත කිරීම් සිදු වුණා.

වේදිකාව කියන්නේ රංගන ශිල්පියකුගේ තිඹිරි ගෙය කිව්වොත් නිවැරැදියි. පුබුදුටත් ඒ අවස්ථාව ලැබෙනවා. ඒකත් හරිම අපූරු විස්තරයක්.
ඔව්. මට වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ 'ටෝජන් කාන්තාවෝ' කියන වේදිකා නාට්‍යයේ. ඒ වේදිකා නාට්‍ය රඟපෑමෙන් පසුව තමයි ආචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ 'සමනල කඳවුර' කියන ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්නේ.

ඒකත් හරි අපුරු සිදුවීමක් වෙනවා. මට ලැබෙන්නේ තරුණයා 6 කියන චරිතය. තරුණයා 6 කියන චරිතය ටිකක් ඈත තියෙන චරිතයක්. ප්‍රධාන චරිතයෙන් එපිට. ප්‍රධාන චරිත තියෙන්නේ 1, 2 පමණයි. ඉතින් රූපගත කිරීම වලට ගිහින් දවස් ගණනාවක් යන තුරු මගේ චරිතයේ රූපගත කිරීම් තිබුණේ නැහැ.

ප්‍රධාන චරිත විතරයි රඟ පාන්නේ. මාත් ඒ දේවල් දිහා බලාගෙන හිටියා. එක දවසක් මට රඟපාන්න අවස්ථාවක් දුන්නා. දීලා ඉවර වෙලා කිව්වා විවිධ විවිධ ආකාරයෙන් ඒ දේ ඉරිපත් කරන්න කියලා. මම එක එක විදියෙන් ඒ චරිතය කළා. ඊට පස්සේ ඇතුගල සර් ෂූට් එක නැවැත්තුවා. නවත්තලා මට පහු වෙනිදා ඇවිල්ලා කිව්වා , අද ඉඳන් ඔයා තමයි ප්‍රධාන චරිතේ කියලා මට පිටපත දුන්නා.

එතැනින් එහාට ඒ සිදුවීම ම සිදුවුණා මගේ පළමුවැනි චිත්‍රපටයේදීත්. ඒ තමයි හිරිපොද වැස්ස චිත්‍රපටය. ඒකෙත් මම හිටියේ යාළුවෝ පස් දෙනාගෙන් පස් වැනි යාළුවට. රූපගත කිරීම් වල ඉස්සෙල්ලම තිබුණේ සින්දු ටික. ඒකට ඇවිත් තිබුණා ඉන්දියාවේ නර්තන අධයකෂකවරුන් කිහිප දෙනෙක්. ඒ අය මේකේ ප්‍රධාන චරිතය අර ළමයට දෙනවා නම් අපි මේක කරනවා කියලා උදයකාන්ත වර්ණසූරිය මහත්මයට කිව්වා.

ඊට පස්සේ උදයකාන්ත මහත්මයා ඒ තීරණය ස්ථිර කරලා මට ප්‍රධාන චරිතය දුන්නා දවස කිහිපයකට පස්සේ. ඒකත් රූපගත කිරීම් පටන් අරන් දවස් කිහිපයකට පස්සේ. මගේ පළමුවැනි ටෙලි නාට්‍යයේ සිද්ධවුණු දේමයි පළමුවැනි චිත්‍රපටයෙත් සිදු වුණේ.‘‘
 
පුබුදු ටෙලි නාට්‍යයකින් රංගන චාරිකාව ආරම්භ කළද ඔහු වැඩිපුරම නැඹුරුවූයේ චිත්‍රපට රංගනයටයි. මෙයත් එක්තරා ආකාරයකින් පුබුදුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන්නට ඇති.

‘‘ ඒකත් එක්කම මම බොහොමයක් ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කළා. මට හිතුණා ටෙලි නාට්‍ය නළුවෙක් වෙනවට වඩා සිනමා නළුවෙක් වෙන එක හොඳයි සහ සුදුසුම දේ කියලා. ඊට පස්සේ තාරකා මල් කියන චිත්‍රපටයත් ගොඩක් විශේෂ අත්දැකීමක් වුණා. එහිදී ඇත්තටම මිල්ටන් ජයවර්ධන මහත්මයා මගෙන් ඇහුවා වීරයා ගේ චරිතය කරනවද දුෂ්ටයාගේ චරිතය කරනවද කියලා. මම ටික වෙලාවක් කල්පනා කරලා මම කිව්වා ' මම දුෂ්ටය ගේ චරිතය ගන්නවා ‘කියලා. මිල්ටන් ජයවර්ධන මහත්මයා කිව්වා 'ඔයා මාර කෙනෙක් නේ වීරයා එපා කියලා දුෂ්ටයා භාර ගත්තා. මම මේ මෙහෙම දෙයක් දැක්කමයි කියලා.' පස්සේ මම කිව්වා මට ඕන පොඩි වෙනස් චරිත කරන්න කියලා. කොහොමහරි දිගටම සිනමා නිර්මාණයන් එක්ක වැඩ කරන්න ලැබුණා. 2012 දී හොඳම නළුවා සම්මානය දිනා ගන්නත් අවස්ථාව ලැබුණා‘‘.

සැබැවින්ම පුබුදු චතුරංග නම් යෞවනයා සිතන පතන විදිහේ කිසියම් සුවීශේෂී බවක් තිබේ. එයම ඔහුගේ මේ සාර්ථකත්වයට හේතුවන්නට ඇත.
‘‘මම ස්කොලේ හැමදාම පන්තියේ පළමුවැනියා වුණු , සාමාන්‍ය පෙළ විභාගයේ ස්කොලේ හොඳම ප්‍රතිඵල ගත්ත ශිෂ්‍යයා. ඉතින් ගුරුවරුත් , දෙමාපියොත් , නෑදෑයොත්, යාළුවොත් හැමෝම හිතුවේ මම අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යයි කියලා. ඒ අය කැමැති වුණේ නැහැ මම කලාව පැත්තට සම්බන්ධ වෙනවට. නමුත් මට හිතුණා ජිවිතේ අභියෝග ජය ගන්න නම් යම් වෙනසක් කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන කියලා. වෛද්‍යවරයෙක් , ඉංජිනේරුවෙක් වෙනවට වැඩිය ඒ කියන්නේ අද අවුරුද්දකට වෛද්‍යවරු , ඉංජිනේරුවරු කී දාහක් එළියට එනවද නමුත් කලාකරුවෙක් එළියට එන්නේ ජිවිත කාලෙටම එක්කෙනයි. ඉතින් ජිවිත කාලෙටම එක්කෙනා වෙන්නයි මට වුවමනාව තිබුණේ, සහ රට වෙනස් කරන ,මේ රටට කලාවට මිනිස් සන්තානය වෙනස් කරන්න පුළුවන් යම් දෙයක් කරන එක තමයි මට ඕන වුණේ. ඒ දේ කරන්න පුළුවන් කලාකරුවකුට පමණයි. ලංකාව තුළ හොඳ සිනමා කර්මාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් තමා තිර පිටපත් රචනය හරහා මට කරන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රේක්ෂකාගාරයට, සිනමා ශාලාවලට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ගෙන්වා ගන්න පුළුවන් කොහොමද කියන එක , ඒ අර්බුධයෙන් ගොඩ එන්න නම් සිනමා ශාලාවලට සෙනඟ ගෙන්න ගන්න ඕන. එක තමයි ප්‍රධානම කාරණාව සහ නිෂ්පාදකවරු රැක ගන්න ඕන. ඔය දේ වෙනුවෙන් තමයි මම තිර රචනා කරන්නේ.

‘‘අවංකව ජීවිතය ගෙනියන්න ඕන. මේ මහා පොළවේ මුල් බැස ගෙන මේ මහා පොළව මත ජීවත් වෙන්න ඕන. ඒක තමයි පළමුවැනි කාරණය. තමා සහ තමා අවට සිදු වෙන දේ ගැන සවිඥානික වෙන්න ඕන. එහෙම වෙන්න නම් නිහතමානී ලෙස මහා පොළව මත සිට ගන්න ඕන.

ඇත්තටම තමා තමාව සොයනවා නම්, මම මාව මගේ ඇතුළාන්තයෙන් සොයනවා නම් සහ මගේ ඇතුළාන්තයට එළියේ තියෙන සම්බන්ධය සොයනවා නම් ජීවත් වීම කියන්නේ ඒකයි. මේ ක්‍රමය ඇතුළේ පවතින්න නම් මේ ක්‍රමයත් , පවතින ඔබත් ඔබ තේරුම් ගන්න ඕන. ඔබ තේරුම් ගැනීම තමයි මම හිතන්නේ වටිනාම කාර්යය. තේරුම් ගැනීමට යන ගමන ඉතා දුෂ්කර ගමනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දුෂ්කර ක්‍රියාව දුෂ්කර වෙන තරමට ඔබට ජීවිතේ ලැබෙන ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.

ඔබ ඉතාම දුෂ්කර ගමනක් නම් යන්නේ ඔබට අවසානයේ දකින්න ලැබෙන දර්ශනය ඉතාමත්ම සුන්දරයි. මේ මහා පොළව මත අවංකව ජීවත් වෙන එක තමයි මම හිතන්නේ හොඳම දේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top