Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
10
"ගෙදර ගෑනි අමතකයි. මා වටේ ගෑනු ගොඩයි. පච්ච ගහගන්න ඒ කෙල්ලොත් මගේ ෂොප් එකට ආවා..." - හයේ පන්තියේදී මත් වෙන්න පටන් ගත් පච්ච ඩිනා

- "ගෙදර ගෑනි අමතකයි. මා වටේ ගෑනු ගොඩයි. පච්ච ගහගන්න ඒ කෙල්ලොත් මගේ ෂොප් එකට ආවා..." - හයේ පන්තියේදී මත් වෙන්න පටන් ගත් පච්ච ඩිනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"කෙල්ලයි, මමයි දහ වතාවක් පැනලා ගියා..."

"තණමල්විලට කුඩු ගෙනිච්චා, එහෙන් ගංජා ගෙනාවා..."

"ජනප්‍රිය නළු නිළියන්, දේශපාලනඥයන්, පාතාල නායකයන් කිහිපදෙනකුට පච්ච කෙටුවා..."

 ‘‘මම සිගරට්, ගංජා බොන්න පටන් ගත්තේ හය වසර පන්තියේ ඉගෙන ගන්න කාලේ. ගංජා බීලා මාට්ටු වෙලා එක ඉස්කෝලෙකින් මාව අස් කළා. මම ඉස්කෝල හතරක ඉගෙනගත්තා. ගෙවල් මාරු වෙනකොට අනිත් ඉස්කෝල මාරු වුණා. හත වසර පන්තියයේ ඉගෙනගන්න කාලේ ගැහැනු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කර ගත්තා. ඒ ළමයගේ ගෙවල් තිබුණෙත් අපේ ගමේ. ටික කාලයක් යනකොට අපේ සම්බන්ධය ගෙදරට ආරංචි වුණා. ඒ තරහට අම්මයි, තාත්තයි නිතරම මට ගහන්න, බණින්න පටන් ගත්තා. මල්ලියි, අයියයි හොඳට ඉගෙන ගන්න නිසා අම්මයි, තාත්තයි ඒ දෙන්නට වැඩි සැලකිලි දක්වනවා කියලා මට හිතුණා.

මට ගෙදර එපා වුණා. අල්මාරි ලාච්චුවේ තිබුණු රුපියල් දාහකුත් හොරකම් කරගෙන, ඇඳුම් කෑලි දෙක, තුනකුත් බෑග් එකකට දාගෙන මහ ගෙදරින් පැන ගත්තා. කොහේ යන්නද... මොනවා කරන්නද... කියලා කිසිම ප්ලෑන් එකක් නෑ. ඉස්සරහට ආවේ නුවර බස් එකක්. නැඟලා ගිහින් නුවරින් බැස්සා. එළිය වැටිලත් නෑ. හිතට මහ බයක් දැනුණා. පස්සේ බස් ස්ටෑන්ඞ් එකේ තේ කඩයකට ගියා. තේ එකක් බීලා එතැන ටිකක් වෙලා ඉන්නකොට කඬේ වේටර් කෙනෙක් මට සෙට් වුණා.
 
වගතුග ටිකක් කතා කරනකොට වේටර් අයියා මට කිව්වා මෙතැන වැඩ කරමු කියලා. යන එනමං නැතිව හිටිය මට ඒ වචන ටිකත් සැනසීමක් වුණා. මම තේ කඬේ වැඩ කරන්න කැමති වුණා...’’
 
 ‘‘ගෙදරින් ගිහින් දවස් තුනකට පස්සේ ෆෝන් බොක්ස් එකකින් ගෑනු ළමයගේ ගෙදරට කෝල් එකක් අරගෙන කෙල්ල එක්ක කතා කළා. පස්සේ අපේ ගෙදරින් මාව හොයනකොට මම ඉන්න තැන කෙල්ල අපේ තාත්තාට කියලා. ඊට පහුවෙනිදාම තාත්තා මාව හොයාගෙන නුවරට ආවා. තාත්තා කඬේ මුදලාලිත් එක්ක කතා කරලා එදාම මාව ගෙදර එක්ක ආවා. ඊට පහුවෙනිදා ඉඳලා ඉස්කෝලෙත් යැව්වා. එතකොට මම ඉගෙනගත්තේ දහය වසර පන්තියේ. ඉස්කෝලෙ ගියාට පස්සෙ කෙල්ල කිව්වා යනවා නම් අපි දෙන්නත් එක්කම පැනලා යමු කියලා. මමත් බලාගෙන හිටියේ වචනය එනකම් තමයි. දෙන්නත් එක්ක කතා කරගෙන ඒ සතියේම සෙනසුරාදා ගණිත පන්ති ගිය ගමන් පැනලා ගියා...’’
 
 ‘‘මගේ අතේ රුපියලක් තිබුණේ නෑ. කෙල්ල ළඟ රුපියල් දාහක් තිබුණා. කරේ තියෙන චේන් පොටත් ගලවලා කෙල්ල මගේ අතට දුන්නා. ඒකත් අතේ ගුලි කරගෙන දෙන්නා එක්ක මරදාන ස්ටේෂන් එකට ගිහින් මාතරට ටිකට් දෙකක් අරගෙන රුහුණු කුමාරි කෝච්චියට නැග්ගා. ඒත් කොහේ යන්නද...

මොනව කරන්නද කියලා කිසිම අදහසක් නෑ. කෝච්චියත් පරක්කු වෙලා මාතරින් බහිනකොට ? දොළහට කිට්ටු වුණා. නොදන්නා නගරයක පුංචි කෙල්ලෙක් එක්ක තනි වුණහම හිතට ලොකු බයක් දැනුණා. බෝල ගෙඩිය වගේ කෙල්ලත් ලස්සනයි. මමත් පුංචියි. ත්‍රීවීල් කාරයො, රස්තියාදුකාරයො ඇඹලයො වගේ අපි දෙන්න වටේ කරකැවෙන්න ගත්තා. හීන් සීරුවේ මම ත්‍රීවීල් ෆාක් එකේ කෙළවරටම ගිහින් අයියා කෙනෙකුට ඇත්තම විස්තරය කිව්වා. ඒ අයියා හොඳ කෙනෙක් කියලා මට තේරුණා. පස්සේ ඒ අයියා අපිව එයලාගේම රෙස්ට් හවුස් එකට අරගෙන ගියා. එදා ?

නවාතැන් දීලා, උදේ පාන්දර ඒ අයියාගේම අයිඩින්ටිය තියලා කෙල්ලගේ චේන් පටත් උගස් තියලා දුන්නා. ඒ සල්ලිත් අරගෙන හක්මන මගේ යාළුවකුගේ ගෙදරට ගියා...’’
‘‘ඒ යාළුව අපි දෙන්නව ඇඹිලිපිටියේ එයාගේ අක්කලාගේ ගෙදර නතර කළා. පුංචි මැටි ගෙයක්. අක්කයි, අයියයි, අපි දෙන්නයි හතරදෙනකුට ඒ ගේ ඉඩ මදි. ඒත් කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. දවල් දවසේ අයියාගේ හේනේ වැඩවලට උදව් වෙලා රෑට ගංජා සුරුට්ටුවක් ගුලි වෙලා නිදාගත්තා. සතියක් විතර ගියාට පස්සේ මම ගෙදරට කෝල් කරලා වෙච්ච දේ කිව්වා. අපේ තාත්තා කෙල්ලගේ ගෙදරටත් කියලා ගෙවල් දෙකෙන්ම ඇවිත් අපිව ගෙදර එක්කරගෙන ගියා. බණිිනවා... ගහනවා... ප්‍රශ්න ගොඩයි. කෙල්ලව වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන කළා. ඒ වෙනකොට කෙල්ල සියල්ල මට පූජා කරලා තිබුණේ. ඒක වුණේ ඇඹිලිපිටියේ මැටි ගෙදරදිවත්, මාතර හෝටල් කාමරයේදීවත් නෙමෙයි ඉස්කෝලේදි. ඒත් අවුරුදු දහඅට වෙනකම් දෙන්න දෙපැත්තට කරලා තියන්න ගෙවල්වලින් තීරණය කළා...’’
 
 ‘‘යාළුවොත් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් බීලා ගංජා සුරුට්ටුවක් ඇද්දට පස්සේ මට නම් සියල්ල අමතක වුණා. ඒත් මම නැතිව කෙල්ලට ඉන්න බැරි වුණා. ඉස්කෝලේට ආපු ගමන් මාව හොයාගෙන ආවා. පන්ති ගියේ නෑ දෙන්නා එක්ක කාමරවල තනි වුණා. කෙල්ල ගෙදර යන්න බෑ කිව්වම ආයෙමත් අපි දෙන්නා එක්ක පැනලා ගියා. අම්මලා, තාත්තාලා හොයාගෙන ඇවිත් අරගෙන ආවා. ඒ විදිහට දහ පාරක් දෙන්නා එක්ක පැනලා ගියා. ඒ අතරේ දෙන්නම සාමාන්‍ය පෙළ විභාගයත් ලිව්වා. මම සමහර දවසට විභාගය ලිව්වේ හොඳට ගංජා බීලා ගිහින්. ඒ සන්දිය වෙනකොට දවස ගානේ
 
ගංජා අරක්කු බොනවා. විභාගය ලියලා ඉවර වෙච්ච ගමන් ගෙවල් කිට්ටුව කාමරයක් කුලියට අරගෙන කෙල්ලයි, මමයි එකට ජීවත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ අම්මලයි, කෙල්ලගේ ගෙදරිනුයි කතා කරලා හොඳට වෙඩින් එකක් අරගෙන අපි දෙන්නාව කසාද බැන්දුවා. එදා ඉඳලා කෙල්ල අපේ ගෙදර...’’
 
 ‘‘මම අපේ තාත්තා එක්ක වඩු වැඩට ගියා. ඒ යන ගමන් ගෙදර පොඩි හට් එකක් ගහගෙන පච්ච කොටන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳලා මම චිත්‍ර අඳින්න දක්‍ෂයි. ඒ වගේම පච්ච කොටන්නත් දක්‍ෂයි. ඉස්කෝලෙ හතරේදීම මම ජනප්‍රිය වුණේ පච්ච ගැහිල්ල නිසයි. ගෙදර පච්ච ගහන්න පටන් ගෙන මාසයක්, දෙකක් යනකොට ඇති වෙන්න වැඩ ආවා. අන්තිමේ මම තාත්තා එක්ක වැඩට යන එක නතර කරලා ෆුල් ටයිම් ටෑටූ ජොබ් එකට බැස්සා. ගඟ ගලන්නා වගේ සල්ලි එන්න පටන් ගත්තා. නිතරම කොල්ලො පස් හය දෙනෙක් මගේ ෂොප් එකේ හිටියා. විවිධාකාර කොල්ලො මට හිතවත් වෙලා හිටියා. දේශපාලනඥයන්ගේ ගෙවල්වලට ගිහින් පච්ච කොටල දීලා තියෙනවා. මගේ වැඩ හොඳ නිසා සද්දන්ත පාතාල පොරවල් මට කියලා පච්ච කොටාගත්තා. ඒ අයට නම් පච්ච ගැහුවේ කියන තැනකට මම ගිහින්. හැබැයි හොඳට ගෙව්වා. කිසිම දවසක කවුරුවත් බයිබෝස් පාට් දාලා පච්ච ගහගෙන නෑ. ඒ මගේ චණ්ඩිකමකට නෙමෙයි, මම හරියට වැඩ කරන නිසයි. නළු නිළියො,
 
 ගායක, ගායිකාවන් විශාල පිරිසකට මම ටෑටු ගහලා තියෙනවා. ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයකම කොල්ලො ටෑටූ ගහාගත්තේ මගෙන්. ඒ වගේම මා ළඟට පච්ච ගහන්න ආපු ගොඩක් දෙනෙක් හොඳ හැටියට පස් පංගුවම කර ගන්න අය. මට සල්ලි දීලා ගංජා ගන්න අවශ්‍ය වුණේ නෑ. මගේ ෂොප් එකේ ගංජා නැති වෙලාවක් තිබුණේ නෑ. මමත් තුන් වේලටම ගංජා බිව්වා. මදි පාඩුවට පෙත්තක් පැණියත් බිව්වා...’’
 
 ‘‘හවසට හොඳ පදමට අරක්කු බිව්වා. යාළුවොත් එක්ක පාටි දාලා සමහර දවසට ගෙදර ගියේ පහුවෙනිදා පාන්දර. වැඩකට ගියා කියලා ගෙදරට ෂේප් වුණා. ? ගමන් හොඳටම වැඩි වුණා. අද යන කොල්ලොත් එක්ක නෙමෙයි හෙට යන්නේ වෙනත් සෙට් එකක් එක්ක. ගංජා, පැණි, පෙති, ඇල්කොහොල්වලින් හොඳට පදම් වුණාට පස්සේ නතර වෙන්නේ නයිට් ක්ලබ් එකක. ආතල් ලෝකයයි. ගෙදර ගෑනි අමතකයි. මා වටේ ගෑනු ගොඩයි. පච්ච ගහගන්න ඒ කෙල්ලොත් මගේ ෂොප් එකට ආවා. වෛවර්ණ කෙල්ලො ෂොප් එකට යන එනවට වයිෆ් කැමැති වුණේ නෑ. සෙක්ස් කෙල්ලො ළඟ මගේ හිතත් නතර වුණා. ඒ කෙල්ලන්ගේ ඇඟ පුරා පච්ච ගහපු වාර අනන්තයි. මම අවුට් යනවා කියලා වයිෆ්ට තේරුණා. මට දීලා තිබුණ නිදහස සම්පූර්ණයෙන් තහනම් කළා. ගෙදර වත්තෙන් එළියට යන්න තහනම් වුණා. ඒත් මට අවශ්‍ය පෙති, ගංජා, පැණි ටික ෂොප් එකට ආවා. එහෙම ටික කාලයක් ඉන්නකොට වයිෆ්ට දුවෙක් ලැබුණා. මම තවත් ගෙදරට කොටු වුණා. ඔහොම යනකොට දවසක් මගේ හොඳම යාළුවෙක් අපේ ෂොප් එක ඇතුළේ තියාගෙන කුඩු බිව්වා. වෙනදට මම ෂොප් එක ඇතුළේ තියා වත්ත මායිමකවත් කුඩු බොන්න දුන්නේ නෑ. එදා මටත් කුඩු චුට්ටක් අදින්න ආසාවක් ඇති වුණා. යාළුවගෙන් ඉල්ලගෙන කුඩු චුට්ටක් ඇද්දා. ඉස්මුරුත්තා වෙන්න වැදුණා. වමනේ දාලා ෆුල් අන්දොස් වුණා. එදා දවසටම වැඩක් කරගන්න බැරි වුණා. ඊට පහුවෙනිදත් ඇඟ පත තලා දැම්මා වගේ වුණා. යාළුවා ඇවිත් ඕකට නියම බෙහෙත මේක තමයි කියලා කුඩු චුට්ටක් දුන්නා. කිව්වා වගේම ඇඟට දැනුණ තෙහෙට්ටුව සුටුස් ගාලා හොඳ වුණා. සතියක් විතර එක දිගට කුඩු බිව්වා. එතකොටත් යාළුවා කුඩු බිස්නස් කරනවා. ඒක මම දැනගෙන හිටියේ නෑ. ටික දවසක් ගියාට පස්සේ යාළුවා මාවත් බිස්නස් එකට සම්බන්ධ කර ගත්තා. කුඩු ගෙනත් පැකට් කළෙත් අපි දෙන්නා...’’
 
‘‘බිස්නස් එක පටන් ගත්ත අලූත මම පැකට් සීය විකුණුවා. එතකොට පැකට් එකක් රුපියල් දෙසීය පනහයි. දවසක් යාළුවා බඩු අරගෙන එනකොට නාකොටි එකෙන් ඇල්ලූවා. යාළුවා ඇතුළට ගියා. එදා ඉඳලා මමත් කුඩු බිස්නස් එක අතහැරියා. ඒත් කුඩු බීමෙන් ඈත් වෙන්න බැරි වුණා. ගංජා, පැණි, පෙති සේරම අතහැරලා කුඩුම විතරක් බොන්න පටන් ගත්තා. දවස තිස්සේම කුඩු මතින් ජීවත් වුණා. හම්බ කරන මුදලෙන් ගෙදරට දුන්නේ සොච්චමයි, ඉතිරිය සේරම කුඩුවලට දිය කළා. ඒ වෙනකොට මම කුඩු බොන විත්තිය ගෙදර අයත් දැනගෙන හිටියා. ඇඳිරි වැටෙනකොට එළියට ගිහාම ගෙදර ආවේ පාන්දර තුනට, හතරට. එතකොට මම ආශ්‍රය කරපු සේරම කුඩුකාරයො. කුඩු විකුණන කෙල්ලෙක් මට සෙට් වෙලා හිටියා. එකී මට වහා වැටිලා හිටියේ. මුළු ඇෙඟ්ම පච්ච කෙටුවා. සමහර දවස්වලට ? එළිවෙනකම් දෙන්නා එක්ක කුඩු බිබී ආතල් ගත්තා. එකීටත් කොච්චර කුඩු බිව්වත් මදි. ඒ වගේම කුඩු බිව්වට පස්සෙ තනිකරම පිස්සියක්. මටත් කුඩු සික් හැදුණාම ඉවස ගන්න බෑ. සමහර දවසට කුඩු සික් එකේ වත්ත පුරා දුවනවා. සරොම් නැතිව ගෙදර දඟලපු දවස් තියෙනවා. ගෑනිට විතරක් නෙමෙයි මගේ අම්මා, තාත්තාටත් මාව එපා වුණා...’’
 
 ‘‘පස්සේ තාත්තා හම්බන්තොටින් ගෙයක් කුලියට අරගෙන අපිව ඒ ගෙදර පදිංචි කෙරෙව්වා. අපේ ගෙදර කිට්ටුවම පෙර පාසලකට දුවවත් දා ගාත්තා. තාත්තාගේ අයියාගේ පුතාලා හම්බන්තොට ජනප්‍රිය පොරවල්. ඒ අයියලා මට සැලොන් එකක් අල්ලලා දුන්නා. මාස දෙකක් යනකොට දකුණු පළාතේම කොල්ලො ටෑටූ ගහන්න මා ළඟට එන්න පටන් ගත්තා. විවිධ කොල්ලො ඇසුරු කරන්න ලැබුණා. මැරයො, දේශපාලනඥයො, කාලාකාරයො ඒ හැම කෙනෙක්ම මට එකයි. මගේ ජොබ් එක හරියටම කළා. ජොයින්ට් එක දැම්මා. ඇල්කොහොල් ගත්තා. කුඩු බිව්වේ නෑ. දවස ගානේ බිව්වා. සමහර දවසට අපේ අයියලත් එක්ක සෙට් වුණා. නැති නම් ටෑටූ ගහන්න ඇවිත් ෆිට් වුණ කොල්ලො එක්ක සෙට් වුණා. කොල්ලො එක්ක බීච් පාටිවලට ගියා. සුද්දො, සුද්දියො එක්ක ආතල් ගත්තා. මියුසිකල් ෂෝ බලන්න ගියා. ගමට වඩා හම්බන්තොට හොඳටම සෙට් වුණා...’’
 
 ‘‘සෙට් වෙච්ච යාළුවො අතරේ ගංජා බිස්නස් කරන කෙනෙක් හිටියා. දවසක් මිනිහා ගංජා ගේන්න තණමල්විල යනකොට මාවත් කැබ් එකට දාගෙන ගියා. එදත් ගංජා මිටියක් ගෙනාවා. එක චෙක් පොයින්ට් එකකින්වත් ඇල්ලූවේ නෑ. යාළුවා සේරම බැලැන්ස් කරගෙන වැඩ කරගෙන ගියා. ඊට පස්සේ දවස් කිහිපයක්ම යාළුවත් එක්ක මමත් තණමල්විල ගියා. ඒ යනකොට මට හිතුණා, කොළඹින් කුඩු ටිකක් ගෙනත් පැක් කරලා බෙදාගෙන යන්න. මම යාළුවාට යෝජනාව දැම්මා. මිනිහත් එක පාරටම කැමැති වුණා. ඒත් එක පාරටම අපේ බඩු මාර්කට් එකට දාන්න බෑ. හම්බන්තොට ලයින් එකේ ඕනර්ගේ බඩු තමයි විකුණන්න ඕනෑ. එතකොට පොර ඇතුළේ. පස්සේ මගේ යාළුවගේ මාර්ගයෙන් පොරත් එක්ක ඞීල් එකක් දාලා බඩු ගත්තා. ඒ අස්සට මමත් කොළඹින් බඩු ගෙනිහින් දෙන්නා එක්ක පැක් කරලා බිස්නස් එක පටන් ගත්තා. තනිකර ගැහුවේ ඊෂි කෑෂ් ගේමක්. තණමල්විලට වෙනකම් කුඩු බෙදාගෙන ගියා. එහෙන් ගංජා ගෙනවා. සල්ලි උතුරන්න ගත්තා. ඒ වෙනකොට පරණ විදිහටම මමත් කුඩුවලට සෙට් වෙලා හිටියේ. මගේ වෙනස වයිෆ්ටත් තේරුණා. අපේ ගෙදරට කතා කරලා කියලා තිබුණා. වයිෆ්, අපේ අම්මා නිතරම අඩපාලි කියන්න ගත්තා. හම්බන්තොට මගේ යාළුවොත් මාව කුඩුවලින් ඈත් කරන්න හොඳටම වලි කෑවා. සමහර උන් මට බැණලා ගහලාත් තියෙනවා. ඒ මට තියෙන ආදරේට. ඒත් මට කුඩු අතහරින්න බැරිව ගියා. අන්තිමේ මට හම්බන්තොට ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. හැමදේම අකුලගෙන ආයෙමත් තුන්දෙනා එක්ක ගෙදර ආවා...’’
 
තරංග රත්නවීර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top