Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
09
වෛද්‍යවරියක් විවාහ කරගන්න දින දෙකක් තිබියදී කොළඹ ආපු රුචිරට සිදුවූ දේ තවමත් අභිරහසක්

- වෛද්‍යවරියක් විවාහ කරගන්න දින දෙකක් තිබියදී කොළඹ ආපු රුචිරට සිදුවූ දේ තවමත් අභිරහසක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

විවාහක සුරූපී තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයකුත් තිබිලා‍..
"අම්මේ මම දැන් කොටුවෙන් බස් එකට නැග්ගා ගෙදර එන්න"

රුචිර විතාන මතුගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහුගේ පියා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරික පවුලකින් පැවත ආවත් රුචිර ගතකළේ ඉතා චාම් ජීවිතයකි. කිසිවෙකුටවත් වරදක් නොකළ ඔහු කුඩා කළ සිටම දෙමාපියන්ට කීකරුව තමන්ගේ පාඩුවේ ජීවත් වීමට පුරුදු විය.
 
පාසලේද ඔහුට සිටියේ ඉතා සීමිත යහළුවෝ පිරිසකි. විෂය බාහිර කටයුතුවලට සම්බන්ධ නොවුණත් ඔහු ඉගෙනීමට දැක්වූයේ පුදුම දක්‍ෂතාවකි. ඒ අතරින් ඔහුට සුවිශේෂී තාක්‍ෂණ හැකියාවක් තිබිණි.
 
පාසල් ජීවිතයට සමුදුන් ඔහු පරිගණක පාඨමාලා කිහිපයක්ද හැදෑරුවේය. එම පාඨමාලා සාර්ථකව නිමකළ ඔහු අවසානයේ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික දුරකථන සමාගමකට බැඳුණේය. ඒ පද්ධති ඉංජිනේරුවකු වශයෙන්ය.
 
එලෙස කාලය කෙමෙන් ගෙවී ගියේය. රුචිර තාරුණ්‍යයේ හිනිපෙත්තට ළං වූයේය. එහෙත් නිවැසියන්ට ඔහු පොඩි දරුවකු මෙන්ය. රුචිරද හැසිරුණේ එලෙසින්ය. කලවයසත් හරි නිසා දෙමාපියෝ ඔහුට විවාහ වන ලෙස යෝජනා කළහ. එහෙත් ඒ සෑම මොහොතකම රුචිර එය මඟහැරියේය.


 තවත් අවුරුදු කිහිපයක් එලෙස ගතවිය. රුචිරගේ වයසේ සමහර අය විවාහ වී දරු සුරතල්ද බැලූවේය. එහෙත් රුචිර තවම තනිකඩය. ඔහුගේ දෙමාපියන්ට එය ඉවසාගෙන සිටීමට නොහැකි විය. දිනපතාම ඔවුන් රුචිරට පැවසුවේ ඉක්මනින් විවාහ වන ලෙසයි.
 
වැඩිමහල් පුතා වන රුචිර වැඩි සද්ද බද්ද නොමැති ළමයකු නිසා ඔහුගේ මව එක් දිනක් මෙලෙස සිතුවේය.
 
"පුතා ගැහැණු ළමයකු එක්ක යාළුවෙලා ඇති. අපිට කියා ගන්න බැරි ලැජ්ජාව නිසා සද්ද නැතිව ඉන්නවා ඇති. ඒක නිසා එයාගෙන් ඒක අහලා දැන ගන්න ඕනේ ගැහැණු ළමයෙක් එක්ක යාළුද නැද්ද කියලා..."
 
එදින විවේක දිනයකි. රුචිරද නිවසේ රැඳී සිටියේය. පුතාගෙන් අද ඇත්ත දැනගත යුතු යැයි ඇය සිතුවාය. ඒ අනුව ඇය රුචිරගෙන් මෙලෙස විමසුවාය.
 
"පුතේ ඇයි ඔයා විවාහ වෙන්නෙ නැත්තේ තවම. බලන්න ඔයාගේ වයසේ සමහර අයට පාසල් යන ළමයි පවා ඉන්නවා. ඒත් ඔයා තවම කසාදයක් ගැන හිතලවත් නැහැ. ඒ ඇයි? මට ඇත්ත කියන්න..."
 
"අනේ අම්මේ... තව කල් තියෙනව නේ ඕවා ගැන හිතන්න"
 
"තව කල් කොහෙද පුතේ... දැන් තමයි විවාහ වෙන්න හොඳම වයස. තාත්තත් ඔය ගැන නිතරම කල්පනා කරනවා... මට ඇත්ත කියන්න"
 
මට ඇත්ත කියන්න කියා මව පැවසූ පසු රුචිර එක්වරටම තිගැස්සුණේය. එහෙත් රුචිරගේ මවට එය අවබෝධ කරගත නොහැකි විය. එලෙස තිගැස්සුණු ඔහු තම මවට මෙලෙස පැවසුවේය.
 
"අම්මා ඇත්ත කියන්න කීවේ මොකක්ද?"
 
"නැහැ මම අහන්නේ... ගැහැණු ළමයෙක් එක්ක පුතාගේ සම්බන්ධයක් තියෙනවද කියලා..."
 
"ඇයි අම්මා එකපාරටම එහෙම අහන්නේ..."
 
"නැහැ මම හිතුවා පුතා දැන්ම විවාහ වෙන්න අකමැති එහෙම සම්බන්ධයක් තියෙන නිසාවත්ද කියලා. සමහර විට අපිට කියා ගන්න බැරිව ඉන්නවද කියලා..."
 
"අනේ නැහැ අම්මේ... එහෙම සම්බන්ධයක් නැහැ. තියෙනව නම් මම මුලින්ම කියන්නේ අම්මට..."
 
"ඒක තමයි. මට ඔයාව විශ්වාසයි පුතා. අපි ලබන සතියේ පුවත්පත් දැන්වීමක් දාන්න යන්නේ. තාත්තා තමයි දාන්න කිව්වේ. කමක් නැහැනේ...."
 
"අනේ මන්දා තව ටිකක් කල් දෙන්නකෝ අම්මේ..."
 
"බැහැ පුතා. දැන් හොඳටම ඇති"
 
"අම්මලාගේ කැමැත්තක්" එලෙස පැවසූ රුචිර තම කාමරයට ගොස් දොර වසා ගත්තේය.
 
එදින රුචිරට නිදි නොමැති රැයක් විය. ඒ තමා ගැන මංගල දැන්වීමක් පුවත්පතට දමන නිසාය. නිදි වරමින් එයින් ගැළවෙන්නේ කෙසේද යන්න ඔහු කල්පනා කළේය. එහෙත් කිසිම ආකාරයකින් එයින් ගැලවීමට නොහැකි බව ඔහු කල්පනා කළේය. එලෙස විවාහවීමට ඔහු අකමැති වුණේ එක් හේතුවක් මතයි. ඒ නිවැසියන්ට පැවසිය නොහැකි ආකාරයේ ආදර සම්බන්ධයක් ඔහු වසර ගණනක සිට පවත්වාගෙන ගිය නිසාය. එම ආදර කතාව සැකෙවින් මෙසේය.
 
චතුරි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ඉතාමත් සුරූපී තරුණියකි. ඇය සේවය කළේද රුචිර සේවය කළ පෞද්ගලික දුරකථන සමාගමේමය. චතුරි ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වූවාය. ඒ දැනට වසර කිහිපයකට පෙරයි. වසර කිහිපයක් ඔවුහු සතුටින් කල්ගත කළහ.ෙ
චතුරිගේ විවාහ ජීවිතයට කණකොකා හඬන්න පටන් ගත්තේ ඇය අසනීප වීමත් සමගයි. නොහිතූ මොහොතක ඇයට රෝගයක් වැළඳුණාය. එය නිට්ටාවට සුවකළ නොහැකි එකක් විය. අසනීප වී ටික කලක් ගත වෙද්දී ඉතාමත් අවාසනාවන්ත ලෙස ඇයගේ විවාහ ජීවිතය දෙදරා ගියාය. එහෙත් ඇය සැලූණේ නැත. කෙලෙස හෝ ජීවත් විය යුතු යැයි අදිටන් කර ගත්තාය.
 
චතුරි සහ රුචිර අතර මිතුදමක් ගොඩ නැගෙන්නේ ඔය කාලය අතරතුරයි. මාස කිහිපයක් ගතවෙද්දී ඔවුනොවුන් අතර මිතුරුකම එන්න එන්නම වැඩිවූහ. එලෙස ගතවෙද්දී චතුරි තම පෞද්ගලික ජීවිතයේ සියලූම ප්‍රශ්න රුචිර සමග පැවසුවාය. එම නිසා රුචිර ඇයට දැඩි අනුකම්පාවක් දැක්වූවාය. කලක් යද්දී එම අනුකම්පාව ආදරයක් බවට පත්වුණේ දෙදෙනාටම නොදැනුවත්වමයි. එතැන් සිට රුචිරගේ එකම ජීවිතය වූයේ ඇයයි.
 
ව්‍යාපාරික පවුලකින් පැවත ආ රුචිරගේ එම සම්බන්ධයට නිවැසියන් කිසි දිනක කැමැත්ත ලබා නොදෙන බව ඔහු දැන සිටියේය. එම හේතුව නිසා විවාහවීමට ඔහු අකමැති විය. අවස්ථා කිහිපයකදීම එම සම්බන්ධය ගැන නිවැසියන්ට පැවසීමට ඔහු කල්පනා කළේය. එහෙත් දෙමාපියන් කිසි දිනක එම සම්බන්ධයට කැමැති නොවන බව දැනගත් ඔහු එම අදහස වෙනස් කර ගත්තේය.
 
පුවත්පත් දැන්වීම පළවීමත් සමග සතර දෙසින් විවාහ යෝජනා රුචිරට ගලාගෙන ආවේය. එයින් සුදුසු කිහිපයක් රුචිරගේ මව තෝරා ගත්තේය. එයින් මනාලියන් කිහිප දෙනකු බලන්න ගියත් රුචිර ඉන් එක් අයෙකුටවත් කැමැති නොවීය. පොඩි හෝ අඩු පාඩුවක් කියා එය මඟහැරියේය.
 
අවසන් වරට ඔවුහු වෛද්‍යවරියක් බලන්න ගියහ. ඇයගේ කිසිම අඩුපාඩුවක් කියා ගැනීමට රුචිරට නොහැකි විය. හඳහන් දෙකද ඉතා හොඳට ගැලපුණේය. දෙපැත්තේ වැඩිහිටියෝද එම යෝජනාවට කැමැති වූහ. රුචිරට ඉන් ගැළවීමට නොහැකි විය. අවසානයේ ඔහු එයට කැමැති විය.
 
විවාහය සඳහා දින නියම කර ගත්තේය. රුචිරගේ අනාගත මනමාලිගේ පාර්ශවය ඒ සඳහා විශාල ලෙස මහන්සි වූහ. වෛද්‍යවරියක් වූ ඇයටද වුවමනා වූයේ ඉතාම ඉහළින් තම විවාහ උත්සවය පැවැත්වීමටයි. මනාලියගේ පාර්ශ්වයේ නෑ හිත මිතුරන් සියලූම දෙනාට කල්වේලා ඇතිව මංගල උත්සවයට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශ්වයද එලෙසමය.
 
විවාහ උත්සවය පැවැත්වීම සඳහා යොදා තිබුණු දිනය ළංවිය. රුචිර තම ආයතනයෙන් දින දහයක නිවාඩුද අනුමත කර ගත්තේය. විවාහයට දින තුනකට පෙර රුචිර කොළඹ පැමිණියේය. එලෙස පැමිණි ඔහු තම කොණ්ඩයද කපා ගත්තේය. කපාගත් කොණ්ඩයේ පිංතූරයක් තම ජංගම දුරකථනය හරහා මවට යැව්වේ එය ලස්සනද කියා අසමින්ය.
සවස රුචිර තම මවට දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය. "අම්මේ මම දැන් කොටුවෙන් බස් එකට නැග්ගා ගෙදර එන්න"
 
නියමිත වේලාව ළඟාවිය. රුචිර නිවසට පැමිණියේ නැත. මව ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. එහෙත් ප්‍රතිචාර නැත. ඇයගේ සිතට යම් බියක් දැනුණි. දිගින් දිගටම ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තේය. එහෙත් ප්‍රතිචාර නොමැත. නිවසට පැමිණීමට තිබූ නියමිත වේලාව පසුවී පැය තුන හතරක් ගත විය. රුචිර ගැන කිසිදු තොරතුරක් නොමැත. නිවැසියෝ කලබල වී රුචිර ගැන සෙවූහ. එහෙත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූහ. අවසානයේ ඔවුහු පොලිසියටද මේ පිළිබඳව පැවසූහ.
 
මෙම ලිපිය ලියන විටත් රුචිර පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී තිබිණි. මෙම සිද්ධියේ දී අනුමාන කළ හැකි කරුණු කිහිපයක් තිබේ. එහි පළමුවැන්න විවාහ යෝජනාවට අකමැති නිසා ඔහු කොහේ හෝ සැඟවී සිටිනවාද? දෙවැන්න තම පෙම්වතිය අමතක කර දැමීමට නොහැකි නිසා ඇය සමඟ දුර පළාතකට ගොස් ජීවත් වනවාද? තුන්වැන්න විවාහ වීමට සිටි මනමාලියගේ පැරණි පෙම්වතෙක් රුචිරව සිරකර ගෙන සිටිනවාද යන්නයි. මෙම සියල්ල අපගේ අනුමාන පමණි. එහෙත් නොබෝ දිනකින්ම රුචිරට සිදු වූයේ කුමක්ද යන්න දැන ගත හැකිය. එය ඒකාන්තයි.
 
සති අන්ත පුවත්පතක පළවූ ලිපියකි - ගයාන් සමරසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top