Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
"ගෑනු ළමයින්ගෙන් තියෙන ආකර්ෂණය නම් අඩුවෙලා නෑ... තරුණියන් ඔහු සමග ෆොටෝස් ගහන්න උනන්දුයි " ඩිල්ෂාන් ගේ බිරිඳ මංජුලා

- "ගෑනු ළමයින්ගෙන් තියෙන ආකර්ෂණය නම් අඩුවෙලා නෑ... තරුණියන් ඔහු සමග ෆොටෝස් ගහන්න උනන්දුයි " ඩිල්ෂාන් ගේ බිරිඳ මංජුලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

ආදරය කළ කාලයට වඩා බැන්දට පස්සෙ හොඳයි...
ඉස්කෝලේ යන කාලේ තමයි ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ...

ක්‍රිකට් කියූ සැනින් අපට මතකයට නැගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පෙරළිකාර චරිතයක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.

ඉතින් කාලෙකදී රංගන ශිල්පිනියක්වෙලා ඉඳපු මංජුලා එක්ක තමයි ඩිල්ෂාන් විවාහ වුණේ කියලා කවුරුත් දන්න දෙයක්. ඩිල්ෂාන්ගෙයි මංජුලාගේ පුංචි ආදර කැඳැල්ලේ දැන් දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මංජුලා සහ ඩිල්ෂාන් විවාහ පෙර ඔවුන්ගේ සුන්දර ආදර කතාවේ රසමුසු තැන් කිහිපයක් ගැන මංජුලා පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.


දිල්ෂාන් තවත් ගීතයක් කරයිද?
 
අපි දෙන්නගේ ජිවිතේ කවදාවත් සැලසුම් කරලා දේවල් කළේ නැහැ. සිද්ධ වුණේ නැහැ. අහඹු දේවල් තමයි අපි දෙන්නගෙ ජිවිතේ සිදුවුණේ. අපි දෙන්නාගෙ විවාහයත් ඒ වගේ. දිල්ෂාන් ගීතයක් කරන්න රඟපාන්න කවදාවත් හිතුවේ නෑ. නමුත් ඒ දේවල් එයා ගෙ ජිවිතේ හිතපු නැති විදිහට සිද්ධ වුණා. ඉතිං ඉස්සරහටත් ගීතයක් ගායනා කරන්න වුණොත් මං හිතන්නේ නෑ එයා ඒක නොකර ඉඳීවි කියලා. නමුත් එහෙම සැලසුමක් නැහැ.

වඩාත් හොඳ පෙම්වතා වෙලා හිටපු කාලයේදීද සැමියා වුණාට පසුවද?
 
 මට හිතෙන්නෙ පෙම්වතාවෙලා හිටපු කාලෙට වඩා සැමියා වෙලා ඉන්න කාලෙ හොඳයි කියල. දැන් අඩු තරමේ හිතුණොත් කොහේ හරි යන්නවත් ළඟ ඉන්නවනෙ. ඉස්සර එහෙම නෑනෙ. මං හිතන්නෙ විවාහ වුණාට පස්සෙ හොඳයි කියලා.
 
 ගෙදර වැඩවලට ලැබෙන සහයෝගය ?
 
 දැන් අපිට දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි බබාල හතර දෙනෙක් ඉන්නව. ඉතිං චූටිම පුතා ඩිල්ෂාන්ගෙ හෙවනැල්ල පවා හොයනව. මටත් වඩා චූටි පුතා හොයන්නෙ දිල්ශාන්ව. ඉතිං අපිට දවස පිරෙන්න වැඩ තියෙනව. මේ වැඩ අපි දෙන්න බෙදාගෙන කරන්නෙ. මට ෂූටිං හැම දවසකම දිල්ෂාන් වැඩ භාරගන්නෙ නැතුව ගෙදර හිටියා. අනික මාව ෂූටිං ගෙනියනව. ඒ හැමදේම එයා අතින් වෙනව. එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. ඉතිං අපි දෙන්නට දෙන්න නොදෙවෙනි ගමනක් යනව.
 
 අකමැතිම ගතිගුණය?
 
 කලබලේ තමයි ඉතිං. මං හරිම අකමැතියි ඒකට නම්. ඉවසීම කියන එක ටිකක් අඩුයි. හරිම කලබලයි. ඒක තමයි මං අකමැතිම ගතිගුණය.
 
 එතකොට කැමැතිම ගතිගුණය ?
 
 කැමැති ගතිගුණ ගොඩක් තියෙනවා. ඒ අතරිනුත් වැඩියෙන්ම කැමැති ඕන තැනක ඕන රැයක යමුද ඇහුවොත් භාර ගත්ත වැඩ නැතිනම් ඕනෑ වෙලාවක ඒ කියන දිහාවක යන්න එනව.
 
 ප්‍රථම  ප්‍රේමය ගැන කියලා තියෙනවද?
 
 ඔව්. හැමදේම කියනව. අපි දැනුත් ඒ දේවල් කතා කරනව. එයාට ඉස්කෝලේ යන කාලේ තමයි ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ කියල. හැබැයි මම වයස කියන් නෑ. මොකද මෙච්චර පොඩි වයසෙන් ආදරයක් ගැන හිතුවද කියලා හිතයි එතකොට.
 
 වැඩියම සංචාරය කරන්න කැමැති කොහේද ?
 
සීතල පළාත්වල තමයි වැඩියම සංචාරය කරන්න කැමැති. හපුතලේ” නුවර” නුවරඑළිය. නමුත් ඉඩක් ලැබෙන හැමවෙලේම ත්‍රිකුණාමලය” මීගමුව වගේ පැතිවලත් අපි නිතර ඇවිදින්න යනව. ලංකාවෙන් පිට යනවා නං ඩුබායි ඔස්ට්‍රේලියා සහ තායිලන්ඞ් තමයි වැඩියම යන්නෙ. එයිනුත් නිතර ඩුබායි යැවෙනවා.
  
විවේකය ගත කරන්නෙ?
 
අපිට එහෙම වෙලාවක් ලැබෙනවා හරි අඩුයි. නමුත් ගෙදර සිනමා එකක් හදලා තියෙනවා. ඉඩක් ලැබුණහම අපි එතැනට එකතුවෙලා සින්දු අහනවා” මුවීස් බලනවා. සුනිල් එදිරිසිංහ මහත්මය” නන්දා මාලනී මහත්මියගේ” ටී. එම්. ජයරත්න මහතාගේ ර්‍ණ අමරසිරි පීරිස් මහතාගෙ ගීත අහන්න හරි කැමැතියි. දිල්ෂාන් මැච් එකකට ගියත් ඉඩක් ලැබුණ ගමන් ගෙදර එනවා” නැත්නම් අපිව එතැනට ගෙන්න ගන්නවා. මොකද එයාට තනියම කාලය ගත කරන්න නං බැරි කෙනෙක්.
 
 කේන්ති ගිය වෙලාවට ?
 
කේන්තියෙන් ඉන්න වෙලාවට අහන දේවල් වලට ලැබෙන්නෙ හරි කෙටි දරුණු පිළිතුරු. හැබැයි කොච්චර කේන්ති ගියත් එයාට මාත් එක්ක කතා නොකර පැයකට වඩා ඉන්න බෑ. විවාහ වුණ කාලයටම එයා මාත් එක්ක පැයකට වඩා කතා නොකර ඉඳලා නෑ.
 
 දුක හිතුණහම ?
 
 මට එයාගේ මූණෙන් පේනවා එයා දුකින් ඉන්න වෙලාව. ඒ වෙලාවට පැත්තකට වෙලා ඒ ගැන හිත හිත ඉන්නවා.
 
 විලාසිතා වලට තියෙන නැඹුරුව ?
 
 දැන් වැඩියි. රැවුල සහ කරාඹුව ටී.එම්. දිල්ශාන් ගේ එහෙමමයි. කොණ්ඩය සහ ඇඳුම් විලාසිතා නිතර වෙනස් වෙනවා සහ උනන්දුයි. මගේ වෙලාවත් සෑහෙන වෙන්වෙනව එයාගෙ ඇඳුම් තෝරන්න.
 
 තරුණියන්ගෙන් තියෙන ආකර්ෂණය ?
 
 ගෑනු ළමයින්ගෙන් තියෙන ආකර්ෂණය නං මං හිතන්නෙ නෑ ක්‍රිකට් ක්‍රීඩකයකුට අඩුවෙයි කියලා. කොහේ ගියත් අදටත් තරුණියන් ඔහු සමග කතා කරන්න ෆොටෝස් ගහන්න උනන්දු වෙනවා. අනික තරුණියන් ගේ විතරක් නෙමෙයි හැමෝගෙම වගේ අකර්ෂණය එදා වගේම තාමත් තියෙනවා කියල අපි කොහේ හරි ගියාම දැනෙනව.

 -යුගන්ති යශෝධරා-
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top