Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
"ළමා නිවසේ බාල වයස්කාර ළමුන් 42 ගෙන් ළමුන් 34 ක් හැම රාත්‍රියකම දුෂණය වෙනවා.." - කාමාතුරයන්ට බිලිවන දරුවෝ

- "ළමා නිවසේ බාල වයස්කාර ළමුන් 42 ගෙන් ළමුන් 34 ක් හැම රාත්‍රියකම දුෂණය වෙනවා.." - කාමාතුරයන්ට බිලිවන දරුවෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"හැමදාම රෑට නින්ද යන්න පෙති දෙනවා.."

"උදේ ඇහැරෙද්දි ඇගේ නුල්පටක්වත් නැහැ.."

ඉන්දියාවේ බිහාර් පළාතේ මුසෆ්ෆර්පූර් නුවරට හිරු එළියෙ අඩුවක් නොවුණත් ළමා නිවාසෙට නම් හිරු එළිය ආවේ බොහොම සෙමිනි. පමා වී පැමිණියත් ජනෙල් නැති ළමා නිවාසයෙ එය රැඳුනේද පොඩි වෙලාවකි. එළිමහන ළමා නිවාසයේ දැරියන්ට නුපුරුදු දෙයකි. ආහාර ගන්නා වේලාවට පමණක් මඳක් හෝ ඉඩ පහසුකම් ඇති ශාලාවක හුස්ම ගන්නට හැකි වුණත් දැරියන් වැඩි කාලයක් කොටු වී සිටියේ නිදන ශාලාවලය. තට්ටු තුනක ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ළමා නිවස අවුරුදු 7 සහ 17 අතර වියේ පසුවූ දැරියන් 44 දෙනකුට නිවහන විය. ඔවුන්ගේ දවසේ වැඩි කාලයක් ගෙවුණේ අඳුරේය.


 අඳුරේ මතුවෙන නොදන්නා පුද්ගලයන්ගෙන් සමහර දැරියන්ට එල්ල වෙන ලිංගික අඩන්තේට්ටම් වලද අඩුවක් නොවුණි. බාල ඇඳුම්, ඔපදැමූ වළලු සහ සංවිධානාත්මක අපරාධ වලට නම් දැරූ ටවුමේ ගඳ ගසන පාරක් අද්දර ගොඩනැඟිල්ලක ජීවත් වන මේ දැරියන්ට සිදුවෙන අපරාධය කිසිවෙකුත් නොදන්නා ගානය දැන ගත්තත් බ්‍රාජෙෂ් තාකූර්ට එරෙහි වීමට ශක්තියක් නොමැති විය හැකිය. රජය විසින් ළමා නිවාසය පවත්වාගෙන යාමට භාර කර තිබූ සංවිධානයෙ අයිතිකරු ඔහුය. බ්‍රාජෙෂ් තාකූර් බලවත් දේශපාලකයන් සමඟ ඉතාමත් සමීප ඇසුරක් ඇත්තෙකි. ගුරුවරයකු වූ පියාගෙන් උරුම වූ කුඩා දෛනික පුවත් පතක හිමිකරුවකු වන ඔහු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සම්බන්ධවන උත්සවවලට පවා ප්‍රවේශ වීමේ හැකියාවක් ඇති බලයලත් මාධ්‍යවේදියෙකි.

කොහොම වුණත් පසුගිය මැයි 30 දින තාකූර්ගේ බලය බිඳුණු දිනයක් විය. ළමා නිවසට පැමිණි නිලධාරි පිරිස ළමයින්ට ඉන් පිට වෙන ලෙස දන්වා සිටියහ. ළමයින් නිහඬවම ගොස් පොලිස් වෑන් රථ වල නැගුණි. පසුව ඔවුන්ව වෙනත් නිවාස තුනකට ගෙන යනු ලැබුණි. දින කීපයක් ඇතුළත තාකූර්, ළමයින් බලා ගැනීමට සිටින කාන්තාවන් 7 දෙනකු, ළමා නිවාසයේ උපදේශකයන් දෙදෙනකු සහ ළමා ආරක්ෂණ නිලධාරියා පොලිස් භාරයට ගැනුණි.

ළමයින් නිදහස් කර ගන්නා විට ළමා නිවසේ ප්‍රමාණවත් තරම් ආහාර තිබුණත් සමහර ළමයින් වෙතින් දිස් වූයේ හාමතේ සිටින බවකි. ළමයින් ක්ෂයරෝගය සහ සමේ රෝග වලින් පීඩා විඳින බව දකින්නට තිබුණි. පොලිසිය ළමයින්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ විට හෙළි වෙන්නට වූ කාරණා බොහෝ දරුණු විය. ළමයින් 44 ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 12 ත් 16 ත් අතර පසුවිය. ඔවුන් හැසිරුණේ හිතා ගැනීමට අපහසු තරමට අමුතු ආකාරයටය. ඔවුන් විටක අඬන්නට විය. විටක සිනාසෙන්නට විය. ඉන්පසු කිසිවක් නොවූ ගානට නිහඬ විය. ළමයින් 14 දෙනෙකු තුළ දරුණු ලෙස මානසික පීඩනයකට ලක් වූ බවක් දක්නට ලැබුණි. සමහර ළමයින් තමන්ටම හානි කරගෙන තිබුණි. ඔවුන්ගේ සිරුරේ පැන්සල් උල් කරන උපකරණයේ තලයෙන් කළ කැපුම් පහරවල් වූ අතර ඇතමුන්ගේ සිරුරේ වූ කැපුම් ගණන 20 ත් 25 ත් අතර විය.

ළමුන් පවසන ආකාරයට තාකූර් සහ අනෙක් අයගේ බල කිරීම නිසා ළමයින්ට අශිෂ්ට සිංදු වලට නටන්නට සිදු වූ අවස්ථා වේ. රාත්‍රි කෑමෙන් පසු ළමුන්ට බීමට සුදු සහ රෝස පැහැ බෙහෙත් පෙති දෙකක් බැගින් දී තිබේ. ඒවා බීමෙන් පසුව ඉක්මනින්ම ඔවුන් නින්දට වැටේ. ඊළඟ උදයේ අවදිවෙන විට බොහොමයක් ළමයින්ගේ ඇඳුම් ඇෙඟ් නොවේ. යටි බඬේ වේදනාවක්ද පවතී. ඒ පිළිබඳව ළමුන් කළ පැමිණිලි කිසිවක් ගණනකට ගෙන නැත. ළමුන්ට අසනීප වන විට ඔවුන්ව යවා තිබුණේ තාකූර් ළඟටය. වෛද්‍යවරයකු වෙත යොමු කරනු වෙනුවට ඇතැම් විට ඔහු කර තිබුණේ ළමුන්ගේ බඩට පයින් ගැසීමය. අතැම් විට රහස් ප්‍රදේශයන්ට පොල්ලකින් පහර දී තිබේ. ළමා නිවසේ බාල වයස්කාර ළමුන් 42 ගෙන් ළමුන් 34 කටම ලිංගික සංසර්ගයක් සිදුව ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිව තිබේ. ළමුන්ට ලිංගික අතවර සිදුකළ වුන් අතර තාකූර් සහ මුසෆ්ෆර්පූර් ළමා ආරක්ෂණ නිලධාරි රවි රෝෂන්ද වේ.

මුසෆ්ෆර්පූර්හි ළමා නිවාසයේ ළමයින් නිදහස් කර ගැනීමට පාර කැපුණේ ඉන්දියාවේ ඉහළ පෙළේ සමාජ විද්‍යා පාසලක් මඟින් ආරක්ෂාව සලසන නිවාස වල තත්වය සම්බන්ධයෙන් පිළියෙල කළ වාර්තාවකිනි. එහිදී ළමා නිවාස පමණක් 71 ක් පරීක්ෂාවට භාජනය කර තිබුණි. ඉතාමත් බරපතළම වැරදි සිදුකළ ළමා නිවාසය මුසෆ්ෆර්පූර්හි ළමා නිවාසය වුණත් අනෙක් ඒවායේද සතුටුදායක තත්වයක් නැති බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. දිනපතා තමන්ට පහර දෙන බව ඒවායේ ළමයින්ද පවසා ඇත. ලිංගික අතවරයන්හිදී ගැහැනු පිරිමි කියා වෙනසක් නොවේ. පිරිමි ළමා නිවාස වල ආරක්ෂක භටයින් සහ බලාගැනීමට සිටින පුද්ගලයින් අතින් ළමයින්ට පහර දීම සහ දූෂ්‍ය කිරීම සිදුවේ. ඇඳුම්, බෙහෙත් සහ සෝදන ද්‍රව්‍ය කිසිවක් නොලැබෙන බව බොහෝ ළමුන් පවසා තිබුණි. ඇතැම් ළමා නිවාසවලට අවශ්‍ය වෙන බෙහෙත් තබා ගැනීමක් වත් නොවීය. වසරකට ඉහතදී එක් ළමා නිවාසයක ගැහැනු ළමයෙකු තමා වටා ඇති ප්‍රචණ්ඩතාව දරා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගෙන තිබුණි. තවත් ළමයෙකු මවුපියන් සමඟ දුරකථනයෙන් කථා කිරීමට කාර්ය මණ්ඩලය විසින් ඉඩ ලබා නොදීම නිසා මානසික රෝගි තත්වයකට පත්ව තිබේ.

ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඇති දැඩි අවදානම සහ ප්‍රතිගාමි සම්ප්‍රදායන් නිසා ලොව කාන්තාවන්ට දරුණු දේශයක් ලෙස ඉන්දියාව නම් කර තිබේ. මේ අතර ළමා දූෂණ වසංගතයද රට පුරා පැතිරෙමින් පවතී. පසුගිය මාසවල ළමයින් දූෂණය කිරීම, වධබන්ධන පමුණුවීම සහ මරාදැමීමේ වාර්තාවන්ගේ හදිසි ගලා ඒමක් විය. තත්වය තවත් බරපතළ කරමින් ඒ අතරට මුසෆ්ෆර්පූර්හි ළමා අපචාර සිද්ධියද එකතු වී තිබේ. එය ප්‍රකට වීමත් සමඟ සමාජයේ ඇවිලූණු කෝපය සහ බිහාර් ආණ්ඩුව මැදිවූ අපහසුතාව මත නිලධාරින් කීපදෙනකුගේ වැඩ තහනමට ලක්ව තිබේ. එක් ළමා නිවසක් වසා එහි ළමයින් වෙනත් ඒවාට මාරු කිරීමෙන් සහ නිලධාරින් කීපදෙනෙකුගේ කටයුතු නැවැත්වීමෙන් ළමයින්ට සිදුවන අකටයුතු නවතිනු ඇතැයි විශ්වාස කරන්නට නොහැකිය. ළමා ආරක්ෂණය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික්ක නිලධාරින් නිතිපතා නිවාස පරීක්ෂාවන් සිදු කළ යුතු වූවත් ළමා නිවාස වල වැරදි නිසි ලෙස වාර්තා කරනවාදැයි සැක සහිතය. පසුගිය වසර කීපය තුළ මුසෆ්ෆර්පූර් ළමා නිවාසයද බොහෝ වරක් පරීක්ෂා කර තිබුණු නමුත් කිසිවෙකුත් එහි දොසක් දැක නොතිබුණි. ගිය වසරේ සීත ඍතුවේ බිහාර් ළමා අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයකුද ළමා නිවාසෙට පැමිණ තිබුණි. එවිට ළමුන් තුළින් අඳුරු සහ අසරණ බවක් දිස්වූ බව කියවේ. එම ස්ථානය හිරගෙදරක් මෙන් වූ නිසා ළමුන් එම ස්ථානයෙන් ගෙන යන ලෙස ඔහු නිලධාරින්ට දන්වා තිබුණි. නමුත් ඒ අනූව නිලධාරින් කටයුතු කර නොතිබුණි. අවාසනාවකට ඉන්දියාවේ ළමා නිවාස බහුතරයක සාමාන්‍ය තත්වය එයම වෙයි.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top